IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සරසවි භික්ෂුවකට හා සිසුවෙකුට විවෘත වරෙන්තු

(රෝෂන් තුෂාර)

විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ විරෝධතා රැලියකට එක්ව  අයුතු ජන  රාශියක සාමාජිකයින් වී  යයි චෝදනා ලත් භික්ෂුවකට හා සිසුවෙකුට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (01) විවෘත වරෙන්තු නිකුත් කළේය.

දණ්ඩ නිති සංග්‍රහයේ චෝදනා අටක් යටතේ කොළඹ අපරාධ කොට්ඨාසය පැවරු නඩුවට පෙනී නොසිටීම හේතුවෙන්  මෙම වරෙන්තුව නිකුත් කෙරිණි.

ලහිරු සඳරුවන් සහ වෙළගෙදර සුමනජෝති  සැකකරුවන් දෙදෙනාට වරෙන්තු නිකුත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු තැන්නේ  ඤාණානන්ද හිමි ඇතුළු සෙසු විත්තිකරුවන් අට දෙනාට එරෙහි නඩු විභාගය අප්‍රේල් මස 26 වෙනි දින ආරම්භ කිරීමටද දින නියම කරමින් සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කළේය.

2015 මාර්තු 31 හා අප්‍රේල් 30 අතර කාලය තුළ විශ්ව විද්‍යාල කොමිෂන් සභාව ඉදිරිපිට අයුතු ජනරාශියක සාමාජිකයින් වී දණ්ඩ නීති සංග්‍රහයේ 140,124,146,433,324,223,410,433 වගන්තිය  යටතේ ගැනෙන  දඬුවම් ලැබිය  යුතු වරදවල් සිදු කිරීමට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබිණි.

අධිකරණයේ පෙනී නොසිටි සැකකරුවන් නොමැතිව නඩුව විභාග කිරීමටද  මහේස්ත්‍රාත්වරයා තීරණය කළේය. 



අදහස් (3)

සරසවි භික්ෂුවකට හා සිසුවෙකුට විවෘත වරෙන්තු

kotiya Saturday, 02 March 2024 06:56 AM

2015 පැමිණිල්ලකට නඩු විභාගය 2024 ආරම්භ කිරීම පිළිබඳව අපගේ බලවත් මෙව්වා එක... නඩුව 2100දී වත් අවසන් කළොත් දෙනවා තව මෙව්වා එකක්...

:       0       0

Bamunuarachchi Saturday, 02 March 2024 08:20 AM

දෙන්න පුළුවන් ඉහළම දඬුවම් දෙන්න...!

:       0       0

Lelwala Saturday, 02 March 2024 11:07 AM

භික්ෂු අධ්‍යාපනය පංසල්වල පිරිවෙනට සිමාකළ යුතුයි...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site