(රෝෂන් තුෂාර)
විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ විරෝධතා රැලියකට එක්ව අයුතු ජන රාශියක සාමාජිකයින් වී යයි චෝදනා ලත් භික්ෂුවකට හා සිසුවෙකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (01) විවෘත වරෙන්තු නිකුත් කළේය.
දණ්ඩ නිති සංග්‍රහයේ චෝදනා අටක් යටතේ කොළඹ අපරාධ කොට්ඨාසය පැවරු නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කෙරිණි.
ලහිරු සඳරුවන් සහ වෙළගෙදර සුමනජෝති සැකකරුවන් දෙදෙනාට වරෙන්තු නිකුත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු තැන්නේ ඤාණානන්ද හිමි ඇතුළු සෙසු විත්තිකරුවන් අට දෙනාට එරෙහි නඩු විභාගය අප්‍රේල් මස 26 වෙනි දින ආරම්භ කිරීමටද දින නියම කරමින් සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කළේය.
2015 මාර්තු 31 හා අප්‍රේල් 30 අතර කාලය තුළ විශ්ව විද්‍යාල කොමිෂන් සභාව ඉදිරිපිට අයුතු ජනරාශියක සාමාජිකයින් වී දණ්ඩ නීති සංග්‍රහයේ 140,124,146,433,324,223,410,433 වගන්තිය යටතේ ගැනෙන දඬුවම් ලැබිය යුතු වරදවල් සිදු කිරීමට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබිණි.
අධිකරණයේ පෙනී නොසිටි සැකකරුවන් නොමැතිව නඩුව විභාග කිරීමටද මහේස්ත්‍රාත්වරයා තීරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2015 පැමිණිල්ලකට නඩු විභාගය 2024 ආරම්භ කිරීම පිළිබඳව අපගේ බලවත් මෙව්වා එක... නඩුව 2100දී වත් අවසන් කළොත් දෙනවා තව මෙව්වා එකක්...
දෙන්න පුළුවන් ඉහළම දඬුවම් දෙන්න...!
භික්ෂු අධ්‍යාපනය පංසල්වල පිරිවෙනට සිමාකළ යුතුයි...!