(තිලිනි මධුෂානි)
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත පාසල්වලට අයදුම් කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
2023 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂත්ව විභාගයේ නැවත සමීක්ෂණයේ සංශෝධිත ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් මේ වන විට නිකුත් කර ඇති අතර මෙම ලකුණු මත පාසල් අයදුම් කිරීමට අවස්ථාව ලබා දී ඇත.
පාසල් විදුහල්පතිවරුන් වෙත අයදුම්පත් මේ වන විට ලබා දී ඇති අතර අයදුම්පත් පහ ශ්‍රේණියේ ඉගෙනුම ලැබු පාසලේ විදුහල්පතිවරුන්ගෙන් ලබා ගෙන එය නිසි පරිදි සම්පුර්ණ කර මාර්තු 07වන දිනට පෙර නැවත භාර දීමට කටයුතු කරන ලෙස එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ දරුවා ශිෂ්‍යත්ව විභාගයට හොඳින් මුහුණ දුන්නා. ලැබි ඇති ප්‍රතිඵල ප්‍රමාණවත් මදි..