(විමුක්ති එස් රුද්‍රිගු)
යුක්රේනයට නේටෝ සංවිධානයේ සොල්දාදුවන් එවූහොත් ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර්ට සහ ප්‍රංශයේ නැපෝලියන් බොනපාට්ට අත්වූ ඉරණමට වඩා දරුණු ඉරණමක් බටහිර දේශපාලඥයන්ටද අත්වනු ඇතැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු ඇඟවූවේය.
යුක්රේන යුද්ධයට මැදහත් වුවහොත් බටහිර දේශපාලනඥයන්ට අත්වන ඛේදජනක ඉරණම සම්බන්ධයෙන් ඔවුන්ට කිසිඳු අදහසක් නොමැති බවද ජනාධිපති පුටින් ප්‍රකාශ කළේය.
රුසියාවට බටහිර රටවලට එල්ල කළ හැකි ආයුද තිබෙන බව බටහිර දේශපාලනඥයන්ට අමතක වී ඇතැයිද රුසියානු ජනාධිපතිවරයා පැවැසුවේය.එවැනි මැදිහත් වීමකින් සිදුවන්නේ ශිෂ්ඨාචාරයන් විනාශ කර දමනා න්‍යෂ්ටික යුද්ධයක් ආරම්භ වීම පමණක් බවද රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ඔහු මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ යුක්රේනයට නේටෝ සංවිධානයේ භටයන් යැවිය යුතු බවට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් ඉදිරිපත් කළ යෝජනාවට ප්‍රතිචාර දක්වමිනි.කෙසේ වෙතත් එම අදහස ඇමෙරිකාව, එක්සත් රාජධානිය සහ ජර්මනිය ඇතුළු නේටෝ සාමාජිකයන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර ප්‍රංශ විපක්ෂය එම යෝජනාව දැඩිව විවේචනය කළේය.නමුත් එස්තෝනියාව සහ ලිතුවේනියාව එම යෝජනාවට පක්ෂ වූවේය.
එළඹෙන 15 - 17 දක්වා රුසියානු ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත අතර එහිදී තවත් අවුරුදු 6 ක කාලයක් සඳහා ජනාධිපති පුටින් නැවත වරක් රුසියානු ජනාධිපති ධුරයට පත්වනු ඇතැයි දැනටමත් තහවුරු වී ඇති බව විශ්ලේෂකයෝ පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැක්රොන් පිස්සෙක්... තමන්ගේ රටේ ප්‍රශ්න විසඳාගන්න බැරි කෙනා අනුන්ගේ ප්‍රශ්නවලට අත දාලා පුටිංට කියලාම කරගන්න හදනවා...!
මනුෂත්වය දැඩි තර්ජන එල්ලවූ එල්ලවෙමින් පවතින ජාත්‍යන්තර / ගෝලීය ගැටළු සඳහා විසඳුම් සෙවීමට රටවල් 190ක් නියෝජනය කරන්නා වූ එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් නොවන හේතුව කුමක්ද?
පුටින්ගේ අන්තිම කාලේ... පිස්සුව තවත් තද වෙලා වගේ...
මොන පුරාජේරු කියෙව්වත් යුක්රේනය හමුවේ පුටින් පරාදයි. දවස් 10න් ඉවරයක් කරනවා කියලා පටන් ගත්තේ, දැන් අවුරුද්දක් වුණා. මම හිතන්නේ පුටින් ළඟදි සෙත්ත පෝච්චි වෙයි.
අඩේ අප්පා, එහෙනම් අපේ හමුදාව යවන්න බැරිද? රනිල්ලාට වෙන දේ බලාගන්න.
නියමයි පුටින් මහත්තයෝ නියමයි.
නියමයි පුටින් මහත්මයෝ... කියකියා ඉන්න මෝඩයෝ දන්නේ නැහැ. පුටින් යුරෝපේ ආක්‍රමණය කළොත් මුලින්ම බඩේ පාර වදින්නේ අපි වැනි සංචාරක කර්මාන්තයෙන් යැපෙන රටවල් වලට කියලා, අපට වැඩිම ආදායමක් ගෙනදෙන සංචාරකයෝ එන්නේ යුරෝපෙන්, ලෝකේ කිසිම රටක යුද්ධයක් ඇති නොවේවා කියලා ප්‍රර්ථනා කරමු...