(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරියආරච්චි )
බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ මහල් නිවාස සංකීර්ණයේ දී ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා අපරාධකල්ලි සාමාජිකයෙකු වන අමල් ප්‍රසාද් ගුණසේකර නමැත්තාට වෙඩි තබා බරපතළ තුවාල සිදු කිරීම සඳහා පැමිණි පුද්ගලයෙකු සේදවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙඩික්කරු පැමිණි යතුරුපැදියේ පැදිකරු ලෙස කටයුතු කළ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 ක පුද්ගලයෙකි .
වෙඩි තැබීමට යොදා ගත් යතුරුපැදිය කොටස් කර තිබියදී පොලිසිය මගින් සොයාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd