(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මාකුඹුර අධිවේගී පිවිසුම අසල පිහිටි දේවාලයක වාර්ෂික දේව මංගල්‍යයක් නැරඹීමට පැමිණ සිටි දෙදරු මවක් එක්වරම බිම ඇද වැටි සිදුවූ අසාත්මිකතාවක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ පන්නිපිටිය මාකුඹුර අංක 442 / 2 / 2 හි පදිංචි ජයලත් අච්චිගේ ස්වර්ණ ලතා නමැති (61 ) හැවිරිදි දෙදරු මවක බව පොලිසිය කියයි.
මෙම කාන්තාව සිය සැමියා සහ මිනිබිරිය සමඟ මාකුඹුර අධිවේගී පිවිසුම අසල පිහිටි දේවාලයක වාර්ෂික දේවමංගල්‍යයක් නැරඹීම සඳහා පැමිණ අලුයම වනතෙක් ඒ සඳහා සහභාගී වී සිටියදී අලුයම 4.30 පමණ තේ පැන් සංග්‍රහයක්ද භුක්ති විඳිමින් සිටියදී එක්වරම බිම ඇද වැටි අසාත්මිකතාවයකට පත්ව ඇතැයි පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd