
(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පවතින වත්මන් ගුවන් යානා හිගයට පිළියමක් වශයෙන් බෙල්ජියම් ගුවන් සේවයේ ගුවන් යානා දෙකක්තා වකාලිකව කුළී පදනම මත ලබා ගෙන සේවයට එක් කර තිබේ .
ඒ.- 330 - 200 වර්ගයේ එයාර් බස් වර්ගයේ මෙම ගුවන් යානා පැදවීම ද බෙල්ජියම් ගුවන් සේවා නියමුවන් විසින් සිදු කෙරේ .
මෙම ගුවන් යානා තුළ ව්‍යාපාරික පංතියේ ආසන 22 ක් සහ පිරිමැසුම්දායක ( Economy ) පංතියේ ආසන 240 ක් තිබේ .
මීට අමතරව ෆිට්ස් එයාර් ගුවන් සේවයේ ඒ.320 වර්ගයේ ගුවන් යානයක් ද ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් තාවකාලිකව කුළී පදනම මත ලබා ගෙන සේවයට එක් කර තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන යකා කොරහත් බිඳගෙනම යන්නයි හදන්නේ...!
කරුණාකර අපේ බදු මුදල් විනාශ නොකර මෙය වසා දමන්න. දරුවන්ට කන්න දෙන පරිප්පු ඇටේ ඉඳන් ගෙවන බදු මුදලින් වැඩි හරියක් වැය වෙන්නේ පාඩු ලබා රාජ්‍ය ආයතන නඩත්තු කරන්න. පෞද්ගලිකව මම ශ්‍රී ලංකන් ගුවන් සේවය වර්ජනය කරනවා.
මේ අටමඟලය විකුණලා හරි වහලා දාන්නේ නතුව සල්ලි කාබාසිනියා කරනවා. මේ විනාශ වලට නිලධාරීන් පෞද්ගලිකව වගකිව යුතුයි.
සෙනඟ අදින්න යානා නැහැ කිය කියා, අන්න Melbourne ඉඳලා රෝයල් තෝමියන් බෝයිස් අදිනවා ප්ලේන් යවලා. නියම නරි නාටක ට්‍රැක්ලන්තයක්ම තමයි...
එතකොට ෆිට්ස් එයාර් එකත් බංකොළොත් වෙලාද? ඔය යානාවලට ගෙවන්න ඕන බදු ගෙවන්නන් නේද? සේවක රැල රකින්න රටේ සල්ලි විනාශ කිරීම...
මාරයි නේද? ඇමැතිගේ කල්ල මරේ.... රටට ආදරේ නිදිකුම්බර ඇමැතියා සන්තෝස ඇති කොමිස් හින්දා...