(අංජුල මහික වීරරත්න)
කෘෂිකර්මාන්තය නවීකරණ කිරීම සාර්ථක කර ගැනීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශ සහයෝගයෙන් කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
අයවැය මඟින් ජාතික, පළාත් සහ ප්‍රාදේශීය මට්ටමින් වාර්ෂිකව ප්‍රතිපාදන වෙන් කළද රාජ්‍ය හා පෞද්ගලික ආයතන වෙන් වෙන් වශයෙන් කටයුතු කිරීම හේතුවෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීම ප්‍රමාද වී ඇති බව ජනාධිපතිවරයා කීය.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී මුහුණ දෙන අභියෝග ජයගැනීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික කෘෂි පර්යේෂණ ආයතන මෙන්ම විශ්වවිද්‍යාල පද්ධතියේද සහාය ලබා ගැනීමේ වැදගත්කම ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙි බව කීවෙි ජනාධිපති කාර්යාලයේදී පැවති කෘෂිකර්ම නවීකරණ වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.
රාජ්‍ය ප්‍රතිපත්තිවලට ගැලපෙන ලෙස බිම් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට හැකිවන පරිදි මෙම ජාතික වැඩසටහන සකස් කිරීමේ අවශ්‍යතාවද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන් අතර ඊට අදාළ ව්‍යාපෘති 26 කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙසද අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
187
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෘෂිකර්මය දියුණු කරද්දී රාජ්‍ය පෞද්ගලික අංශ කඹ අඳින්න එපා
ravin Sunday, 03 March 2024 04:38 PM
කෘෂිකර්මය දියුණු කරන්නේ කොහොමද? අර ඇමැතියෙකුට වුවමනා වුණේ නිරෝධායන නීති උල්ලංඝනය කරලා පිටරටින් බාස්මතී ගෙන්නන්න. මේ අපි කියන දේවල් නොවේ. ප්‍රසිද්ධ මාධ්‍ය තුළින් දුටුදේ...
B Amarasinghe Monday, 04 March 2024 12:18 PM
දියුණු කිරීම මහ බැංකුවට කළා වගේ වෙයිද දන්නේ නෑ...