
(සමිපත් ප්‍රියනන්දන)
බලන්ගොඩ මාරතැන්න මාර්ගය ප්‍රළිසකර කර දෙන මෙන් ඉල්ලා වතු ජනතාව ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් බලන්ගොඩ හැටන් මාර්ගය පින්නවල පඹගොල්ල මංසන්ධියෙන් අවහිර කරමින් අද (03) දා විරෝධතාවයක නිරත වුහ.
බලන්ගොඩ මාරතැන්න වතු රෝහල ඇතුළු ප්‍රදේශ රැසකට යන මාර්ගය දැනට මාස හයකට පමණ පෙර පැවැති වර්ෂාවත් සමග නාය යැමට ලක් වි තිබිම හේතුවෙන් වාහන ගමනාගමන කල නොහැකි බව පවසා එය පිළිසකර කර දෙන මෙන් බල කරමින් මෙම විරෝධතාවය පැවැත්විණි..
එය පාලනය කිරිමට පැමිණි පින්නවල පොලිසිය සහ විරෝධතාකරැන් අතර උණුසුම් තත්ත්වයක්ද ඇති විය. මාර්ගය සකස් කර දෙන බවට පොලිසිය පොරොන්දු විමත් සමග විරෝධතාවය අවසන් වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිනාට ආරාධනයක් කරන්න පිළිගැනීමේ උත්සවයකට එන්න කියලා. එතකොට පාර කාපට් දාලා හදාවි සුටුස්ගාලා...