(සුජිත් හේවාජුලිගේ)
ආපනශාලා ආහාරපානවල මිල ගණන් අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි.
ආහාරවල නිෂ්පාදන වියදම අධික ලෙස ඉහළයෑම නිසා සියලුම ආහාරපානවල මිල ගණන් මෙලෙස වැඩි කිරීමට තීරණය කර ඇතැයි එම සංගමයේ සභාපති හර්ෂණ රූක්ෂාන් මහතා පැවසීය.
ඒ අනුව, ප්ලේන්ටි එකක මිල රුපියල් 5කින්ද, කිරි තේ එකක මිල රුපියල් 10කින්ද කෑම (රයිස් ඇන්ඩ් කරී) එකක මිල රුපියල් 25කින්ද ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු එකක මිල රුපියල් 50 කින්ද වශයෙන් මිල ඉහළ යනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙල් මිල වැඩි වුනෙත්නැහැ. ගෑස් මිල වැඩි වුනෙත්නැහැ. එලවළු මිල ගිය මාසෙට වඩා අඩුයි. කොහොම ද නිෂ්පාදන වියදම වැඩි වුනේ? මහ බැංකුව වගේම තමයි. හිතුමතේ තීරණ. ඇත්තටම ආණ්ඩුවක්වැඩක් නැහැ...
මිල ඉහළ දැමුවාම සේල් එක බහීවි. එවිට මිල අඩු කරන්න වෙළෙන්දාට සිදුවෙනවා...
ඔව් ඔව් 500% වැඩි කරපල්ලා. මම නම් කෑම කඩ කොහේද තිබෙන්නේ කියලා වත් දැකලා නැහැ...
පාන් ගෙඩියේ බරට බරබරයක් පහුගිය දවස්වල තිබුණට දැන් නම් සද්දයක් වත් නෑ.
එළවළු මිල හොඳටම අඩුවෙලා... මොවුන් මිනිස්සුන්ව හූරගෙන කන්න යනවා...
දැන් කෑම මිල ඉහළට දැමුවේ අවුරුදු කාලෙට සේල් දාන්න වෙන්න ඇති මගෙ හිතේ...!