(ගයාන් සූරියආරච්චි)
මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ භාණ්ඩාගාරික දිලී ප රෝෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට විශේෂ පොලිස් කණ්‌ඩායම් 20 ක් යොදවා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
දිලීප රොෂාන් කුමාර මහතා යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කු කරුවන් දෙදෙනෙකුගේ වෙඩි පහරින් පසුගිය 26 දා ජීවිතක්ෂයට පත් විය.
සැකකරුවන් පැමිණි බවට සැක කරන යතුරු පැදිය ඌරුගස් මං හන්දිය, කටවල් පහ ප්‍රදේශයේ බෝක්කුවක් අසල ගිනි තබා විනාශ කර තිබියදී පසුගියදා සොයා ගනු ලැබීය.
යතුරු පැදිය ගිනි තැබීම සඳහා සැකකරුවන් පැමිණි අයුරු කවුරු හෝ දුටුවේද යන්න පිළිබඳව සීසී ටීවී දර්ශන, විශේෂ සුනඛ කණ්ඩායම්, දුරකථන ජාල සන්නිවේදන මාර්ග ඔස්සේ විමර්ශන සිදු කරන බව පොලිසිය පවසයි.
මෙම ඝාතනය කිසියම් කොන්ත්‍රාත්තුවක් අනුව සිදුවූ එකක් විය හැකි බවත් සමහරවිට එය වැරදීමකින් සෞඛ්‍ය පරීක්ෂකවරයා ඉලක්ක වී ඇති බවට සැක පළ කරන බවත් පොලිසිය පවසයි.
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ උපදෙස් පරිදි විමර්ශන පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ වැරැදීමක් වෙලා නම් පරීක්ෂණ කටයුතු නතර කරමු. බැරිවෙලා හරි එයාලා හොයාගත්තොත් දැඩි සේ අවවාද කරන්න මීට පස්සේ හරි ඉලක්කයම තෝරා ගන්න කියලා...!
හරිම අපරාධයක් මේක. තම රාජකාරිය ඉතා අවංකව නිවැරදිව කළා මෙන්ම මෙතුමා පුවත්පත්වලට සහ වෙනත් මාධ්‍ය වලට ආහාර වල තිබෙන අහිතකර දේවල් ගැන විද්‍යාත්මක කරුණු ඉදිරිපත් කරමින් වස විස ආහාර හඳුනා ගනිමින් ඒවායින් මිදී නිරෝගී ජිවිතයක් ලබා ගන්න ආකාරය ජනතාවට දැනුවත් කරන්න අප්‍රමාන වෙහෙසක් දැරූ දෙවියෙන් වැනි මනුෂ්‍යයෙක්.
මේ මනුස්සයා පිළිබඳව පුද්ගලිකව මම කිසි දෙයක් දන්නේ නැහැ. මම මගේ විශ්ලේෂණය ඉදිරිපත් කරන්නේ මාධ්‍යවල පළවුණ රූපරාමු සහ තොරතුරු පදනම් කරගෙන... මාධ්‍යවල පලවන ආකාරයට, හුදකලා පරිසරයක පිහිටි ඔහුගේ සුඛෝපභෝගී නිවසටම ගිහින් වෙඩි තැබුවා නම් වැරැදීමක් වෙන්න බැහැ... නගරයකදී හෝ වෙළඳ සලකදී හෝ එකවගේ ගෙවල් විශාල සංඛ්‍යාවක් තිබෙන නිවාස සංකීර්ණයකදී හෝ මුඩුක්කු පරිසරයකදී මේ සිද්ධිය වුන නම් විශ්වාස කරන්න තිබුණා. මේක වැරදීමක් කියලා සමහරවිට මේක පොලිසියේ හෝ ආරක්ෂක අංශවල උසස් නිලධාරියෙකු ලබාගත්ත කොන්ත්‍රාත් එකක් වෙන්න පුළුවන්.. එවැනි තත්වයන් යටතේ, සැකකාරය ගියේ කොහෙන්ද ආවේ කොහෙන්දවත් කියලා පොලිසියට හොයාගන්න බැරිවෙන අවස්ථා තිබෙනවා.
88-89 ඝාතන රැල්ලේ මහ මොලකරුවන් රටක් පාලනය කරනකොට මේ වගේ පොඩි නාට්‍ය එළියට එන්න පුළුවන්...!