
(ගයාන් සූරිය ආරච්චි)
වෙඩි තබා ඝාතනය කරන ලද දළ ඇතෙකුගේ අඩි 04 ක් පමණ දිග දළ කොටසක් පොරවකින් කපා සඟවාගෙන සිටි අම්බලන්තොට නරියාය ප්‍රදේශයේ පුද්ගලයෙකු ඊයේ (1) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පදිංචි වයස අවුරුදු 29 ක අම්බලන්තොට මාමඩල ප්‍රදේශයේ පුද්ගලයකු බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
විශේෂ කාර්ය බලකාය සියඹලාණ්ඩුව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කෙරිණි.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොටියාගල බීට්ටු වන කාර්යාලය වෙත භාර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd