
(අජිත්ලාල් ශාන්තඋදය)
සමනලවැව ජලාශයේ ජල කාන්දුවේ ජලය භාවිත කරමින් ජලාශයට පහළින් කුඩා පරිමාන විදුලි බලාගාරයක් ඉදිකිරිමට අවසර නොදීමට රත්නපුර දිස්ත්‍රික් සම්බධීකරණ කමිටු රැස්වීමේ දී තීරණය විය.
රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිළ එල්ලාවල මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී මෙම රැස්වීම පැවැත්විනි.
ලංකා විදුලිබල මණ්ඩලය නියෝජනය කරමින් පැමිණි නියෝජිතයා මෙහිදි සඳහන් කළේ සමනලවැව ජලාශයට පහළින් දැනටමත් බලාගාර දෙකක් ඉදිකර ඇති අතර තවත් බලාගාරයක් ජලාශයට ආසන්නයෙන් ඉදිකිරිමට අවසර ඉල්ලා ඇති බවයි.
එවැනි බලාගාරයක් ඉදිකිරිම සමනලවැව වේල්ලට හානි විය හැකි බවට එම නියෝජිතයා පෙන්වා දුන්නේ ය.
වසර දහ අටකට පසුව සමනල වැව ජලාශයේ උපරිම ජල මට්ටමට පැමිණ ගිය වසරේ පිරී වාන් දැමු බවද කී එම නියෝජිතයා වාන් දමන ජලය පිටකරන ඇළ මාර්ගයේ මෙම කුඩා පරිමාන ජල විදුලි බලාගාරය ඉදිකිරිමට ජනපතිගේ, අගමැතිගේ සහ කැබිනට් මණ්ඩලයේ පවා අනුමැතිය හිමිව ඇති බවද කීවේ ය.
පාර්ලිමේන්තු ආංශික අධීක්‍ෂණ කමිටුව හමුවේ සමනලවැව ජලාශයේ ජලකාන්දුව කිසිදා වැසිය නොහැකි යැයි සාක්කි දුන් පුද්ගලික ආයතනයේ ඉංජිනේරුවරයා යෝජිත කුඩා පරිමාන විදුලි බලාගාරය ඉදිකිරීමේ කණ්ඩායමේ සාමාජිකයකු බව ද කීවේ ය.
ඔහු එවැනි ස්ථාවරයක් මතු කර ඇත්තේ පුදුගලික විදුලි බලාගාරය ඉදිකිරිමට දේශපාලනඥයින්ගේ අවධානය දිනා ගැනීමට යැයි ද කීවේ ය.
එහෙත් පසුගිය වසරේ සමනලවැව ජලාශය පිරිමෙන් පසු මෙගවොට් 120ක විදුලිය ජනනය කර රුපියල් බිලියන හයක මුදලක් රටට ඉතිරිකර දිමට සමනලවැව ජලාශය නිසා හැකිවු බව ද කීවේ ය.
කිලොවොට් දෙසිය පනහක් තුන්සියයක් නිපදවන බාලාගාරයකට සමනලවැව ජලාශය බිලිදිය යුතු නැතැයි ද කීවේ ය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුද්ගලික ලාභ ප්‍රයෝජන නිසා පුද්ගලික බලාගාරයේ ඉංජිනේරු ජල කාන්දුව වහන්න බැහැ කියනවා කියලා හොඳින්ම පේනවා මෙයින් ජනතා දේපළ අයුතු පරිහරණයද වෙන්න බැරි කියලා දෙයක් නැහැ. සමනල වැවේ ජලය සම්පූර්ණයෙන්ම ඉවත්කර ජලය කාන්දුවෙන ස්ථාන වලට ප්‍රතිකර්ම යොදන්න ඕනෑ ටිකකලක් දුෂ්කරතා වෙන්න පුළුවන්. ඒත් නාස්තිය වළක්වන්න පුළුවන්... ඉංජිනේරු උපාධියක් නැති දක්ෂ ගොවියෙකුට වුණත් මෙතැන බරපතල වංචාවක් වෙනවා කියලා තේරෙනවා. මේ නිසා ජලය හිස්කර කාන්දුවීමට ප්‍රතිකර්ම කළා නම් ජල කාන්දුව වහන්න පුළුවන් වේවි..!
විශ්ව විද්‍යාලයක භූවිද්‍යා උපදෙස් ගන්න බැරිද?
ජල කාන්දුව නවත්වන්න පුළුවන් ලංකාවේ දැනට තියන තාක්ෂණය ප්‍රමාණවත්...!
දැනෙන ලෙස නම්, එම ජල කාන්දුව හිතා මතාම වසා දැමීම නොකරන බවයි. එදා පේරාදෙණිය භූ විද්‍යා මහාචාර්‍යවරුන් සමග කරන ලද පර්යේෂණ වලින් මේ ප්‍රධාන කාන්දුව යම් දුරකට වසා දැමුණු අතර අධික වියදම නිසා නවත්තන ලදී.. පසුගිය දැඩි නියඟය කාලයේදී වුවමනාවක් තිබුනේ... මේ කාන්දුවීම් පහසුවෙන් වසාදැමිය හැකිව තිබිණි. එහෙත් මේ පුද්ගලික බලාගාර හිමියන්ගේ බලපෑම් නිසා එය සිදුනොකරනු ඇත.
පුරාණ රජවරු කරපු වැව් අමුණු ටිකත් පන්දම් කාරයින්ට කුණු කොල්ලයට නොදුන්නොත් තමයි පුදුමේ.
සමනලවැව ජලාශයේ ජලකාන්දුව කිසිදා වැසිය නොහැකි බවට විසඳුමක් හෝ නොමැතිව ප්‍රකාශ කරන්නේ නම්, පුද්ගලික ආයතනයක ඉංජිනේරුවරයා එම තනතුරට සුදුසු නැත. නැහැ බැහැ කියනා පුද්ගලයින් තනතුරුවල සිටීමම දියුණුවට බාධාවකි. මහජන මුදලින් අධ්‍යාපනය ලද රජයේ ඉංජිනේරුවරුන් සිටියදී පුද්ගලික ආයතනයක ඉංජිනේරුවරයකු මෙම පරීක්ෂාව සඳහා යෙදවීම පිළිබඳව සොයාබැලිය යුතු කාරණයකි.