
(මනෝප්‍රිය ගුණසේකර සහ ගයාන් සුරිආරච්චි)
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ ප්‍රශ්ණ කිරීම් වලින් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා රහස් පොලිසිය අද (01) රාත්‍රී අත්අඩංගුවට ගත්තේය.
රහස් පොලිසිය කළ කැඳවීමකට අනුව අද උදෑසන 10.00ට පමණ රහස් පොලිසිය හමුවේ පෙනී සිටි සමන් රත්නායක මහතාගෙන් සිද්ධියට අදාළව හෙළි කරගත යුතු කරුණු සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගන්නා ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත ඇති සැටියෙන් හෙළි කිරීමෙන් පමණක් නිදහස ලබාගත හැකිවේවි...!
ගොඩක් හොඳයි.
ඇමැතිතුමා එක්කම ඉන්න පුළුවනි.
පාස්කු බෝම්බ ප්‍රහාරයටත් මෙහෙම තමයි. එක එක්කෙනා අත්අඩංගුවට ගත්තේ. අන්තිමට වෙච්චි දෙයක් නෑ. ඒ හැඩයමයි මේකෙත් තියෙන්නේ...!
දේශපාලන මැදිහත්වීම් `නොමැතිව අධිකරණය සහ පොලිසියට ඔවුන්ගේ රාජකාරිය ස්වාධීන කිරීමට අවස්ථාව සලසා දීම වැදගත්...!
ඔය නම් තියෙන තවත් කෙනෙක් රජයේ සේවයේ හිටියා. ඔය වගේම අනුන්ට කොහොම වෙතත් තමන්ගේ අයට හොරකමෙන් හරි ලාභ ප්‍රයෝජන අරගන්න කටයුතු කළා මම හිතන්නේ නමේ වරදක් කියලා තමයි..
වෛද්‍යවරුන්ටත් නිගාවක්... කෙටික්‍රම මගින් ඉහළ තනතුරුවලට ගිහින් වෛද්‍යවරුන්ගේ ගෞරවය නැති කරනවා.
පොහොට්ටු ආණ්ඩුවක් තිබුණා නම් මේ ඔක්කොම නිකන්ම ගොඩ. දැන් රටේ නිතියක් තියෙන බව පේනවා.
මොහුට වඩා වංචාකාරී ලෙස මුදල් ගසාකෑවේ ඔය සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වරයින් වශයෙන් පසුගිය අවුරුදු දහයක් තුළ හිටපු දොස්තරවරුන්... නමුත් ඔවුන්ට විරුද්ධව කිසිම චෝදනාවක්වත් දාපු නැති නිසා තවමත් නිදැල්ලේ ඉන්නවා. වෛද්‍යවරු වෙලත් මොවුන් අහිංසක ලෙඩ්ඩු බිල්ලට තියලා තමන්ගේ මල්ල තර කරගැනීම ඉතා අවාසනාවක්...!
පාපොච්ඡාරණය කරන්න සූදානම් වෙන්නේ අත්අඩංගුවට පත්වූ නිසා නේද? මීට කළින් තමන් මේ සිද්ධිය ගැන දන්න කරුණු කියන්න තිබ්බානේ... තොරතුරු සඟවා තබාගැනීමත් වරදක් නේද?