(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ නිමාලි කහවල)
ඉංගිරිය රයිගම්වත්ත පහළ කොටස ප්‍රදේශයේ දි හක්කා පටස් එකක් පිපිරීමෙන් කුඩා දරුවෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව ඉංගිරිය පොලිසිය කියයි
රෝහල් ගත කර ඇත්තෙ වයස අවුරුදු හයක දරුවකු බව පොලිසිය සඳහන් කරයි
එම පිපිරීමෙන් වයස අවුරුදු තුනක සහ හතක තවත් දරු දෙනෙක් සුළු තුවාල ලබා ඇතත් ඔවුන්ට රෝහල් ගතවීමට තරම් තත්ත්වයක් නොමැති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි
කුඩා දරුවන් පිරිස හක්ක පටස් එකක් බව නොදැන එමගින් සෙල්ලම් කරමින් සිටියදී එකවරම පුපුරා යාමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
බරපතල තුවාල ලද දරුවා ඉංගිරිය දිසා රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව මූලික ප්‍රතිකාර ලබා දී වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහල වෙත ඇතුලත් කර ඇත
එම දරුවාගේ දකුණු ඇහැට, දකුණු කම්මුලට හා දකුණු උරහිසට බරපතල තුවාල සිදුවී ඇතැයි රෝහල් ප්‍රකාශකයකු පැවසීය
කුඩා දරුවන් වෙත හක්කපටස් එක ලැබුණ ආකාරය සම්බන්ධයෙන් පැති කිහිපයක් ඔස්සේ විමර්ශන සිදු කරන බව පොලිසිය කියයි
පානදුර අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරීන් ද පරීක්ෂණ පැවැත්වීමට නියමිතය
ඉංගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක වසන්ත චන්ද්‍රලාල් මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
992
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හක්කා පටස් පුපුරා කුඩා දරුවකුට බරපතල තුවාල
Bunny Preena Saturday, 02 March 2024 09:17 AM
මහ කෙනෙකුට එම දේ සිදුවුණා නම් මම දුක්වෙන්නේ නැහැ. පවු අර අහිංසක දරුවෝ ටික...