
(වියලුව වාර්තාකරු)
මීගහකිවුල තල්දෙන දොළහ කණුව ප්‍රදේශයේදී අද (01) පස්වරු 6.00 ට පමණ එම ප්‍රදේශයේම කාන්තාවන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ දැරියක ඇතුළු කාන්තාවන් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
පහර කෑමෙන් තුවාල ලැබූ වයස අවුරුදු හයක (06) දැරියක සහ කාන්තාවන් දෙදෙනකු මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව අසාධ්‍යය තත්ත්වයේ පසු වූ එක් කාන්තාවක වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස රෝහල්ගත කර ඇත්තේ මීගහකිවුල තල්දෙන ගල්ගේලන්ද පදිංචි කරුවන්ය.
පැරැණි කෝන්තරයක් දුරදිග යෑමෙන් පහර දීම සිදුව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ලේ රෝහල් පොලිසිය හා කන්දකැටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශුවර් එකටම ශුද්‍ර මූල්‍ය ණය සමිති වලියක් වෙන්න ඇති...
ෂුවර් එකටම මාලිමාවේ කතුන් තුන් දෙනෙක් ලයිෂන් එකට රණ්ඩු වෙන්න ඇති.