
(ගයාන් සූරිය ආරච්චි)
පාසල් දරුවන් ඉලක්ක කර ගෙන මත්පෙති 1000 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු කළුබෝවිල හත්බෝධිය ප්‍රදේශයේදී ඊයේ (1) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු විසිතුනක කළුබෝවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය කියයි.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කොහුවල පොලිසියට බාර දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ අනාගත පරපුරේ නාමයෙන් ඔය නාම්බාට දෙන්න පුළුවන් උපරිම දඬුවම් දෙන්න. අවුරුදු 23ක් වුණාට මේ කරන අපරාධය ප්‍රභාකරන් හෝ විජේවීර කරපු අපරාධවලටත් වඩා වැඩියි. මානව හිමිකම් මුදලාලිලාට කුද ගහගන්න කියලා අනේ පොලිස්පතිතුමනි, මෙයාව ආයුධ පෙන්නන්න එක්ක යන්න. අපිත් දරුවෝ ඉන්න අම්මල තාත්තලා.