කළුතර,රත්නපුර,නුවරඑළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රීකාලයේ වැසි ස්වල්පයක් හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

නැගෙනහිර සහ දකුණු පාළාත්වල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකිය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රදාන වශයෙන් වියලි කාලගුණික තත්වයක් පවතී.

වයඹ පළාතෙත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට තරමක තද සුළං ඇති විය හැකිය.