
(චාපා මධුභාෂිණි)
ගංවතුරින් හානිවු කුඹුරු වගා හානි සදහා රජයෙන් ලබා දෙන වන්දි මුදල් මෙතෙක් නොලැබුණැයි පවසමි පොලොන්නරුව දිවුලාන ගොවිහු පිරිසක් විරෝධතාවක නිරත වූහ.
ඔවුන් කුඹුරු මේවර මහ කන්නයට වගා කළ අතර පැවති අධික වර්ෂාව නිසා එම කුඹුරු විනාශයට පත්විය.
විනාශ වු වගාවන්ට වන්දි මුදල් ලබා දෙන බව කෘෂිකර්ම ඇමති කීවත් තවම ඔවුන්ට සාදාරණ වන්දි මුදලක් ලැබි නොමැති බවත් අක්කරයට රුපියල් පනස්දාහක් වත් අවශ්‍ය බව පොලොන්නරුව දිවුලාන ප්‍රදේශයේ ගොවින් පවසනවා
මෙම ගොවි විරෝධතාවය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ගොවි ජාතික සමුළුව විසින් සංවිධානය කර තිබුනා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගංවතුරින් හානිවු කුඹුරු වගාහානි රජයෙන් ගෙවීමක් වෙනුවට ගොවීන්ට රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දිය යුතුවේ. එවිට ඔවුන්ගේ කුඹුරේ හෝ වෙනත් වගාවකට වියළි කාලගුණය හෝ වැසි ගංවතුර නිසා සිදුවන හානි වෙනුවෙන් යම්මුදලක් ලබාදීමට හැකියාව පවතී. ඒ සඳහා ගොවීන්ගේ දායකත්වය සිදුවිය යුතුයි. වගාවන් අයත්වන්නේ ගොවීන්ට මිස රජයට නොවේ. කාලගුණයෙන් සිදුවන හානි වැළැක්වීමට රජයට නොහැකියි. එම නිසා සියල්ල සඳහා රජය මැදිහත් නොවෙන ආකාරයට යම් වැඩ සටහනක් ක්‍රියාත්මක විය යුතුවේ. එසේ නොමැතිනම් විදේශයෙන් ගෙන්වනු ලබන්නා වූ පොහොර මිල ඉහළ දැමීමක් සිදුවිය යුතුවේ. ගෙවීමට අවශ්‍ය කරන්නා වූ මුදල් වක්‍රව හෝ ගෙවීමට ගොවීන්ට සිදුවේ...