(යොහාන් භාසුර)
විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු අඩු කිරීමට අවශ්‍ය දත්ත සම්පූර්ණයෙන් ඉදිරිපත් නොකිරීම නිසා විදුලි ගාස්තු අඩු කිරීම දෙවැනි වරට කල්දැමීමට මහජන උපයෝගිතා කොමිසම අද (1) පියවර ගත්තේය.
විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් සහ මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයන් අතර අද පැය දෙකකට අධික කාලයක් සාකච්ඡා කළ අතර පසුව අවශ්‍ය සම්පූර්ණ දත්ත සපයන ලෙස කොමිසමේ නිලධාරීන් විදුලිබල මණ්ඩලයට දැනුම් දුන්නේය.
මෙම වසරේ විදුලි සැපයුමට සම්බන්ධ වියදම් පිළිබඳ දත්තවල ගැටලු තව දුරටත් පැවතීම මෙම තත්වයට හේතුවයි.
මහජන උපයෝගිතා කොමිසම මීට පෙර ද විදුලිබල මණ්ඩලයට සම්පූර්ණ දත්ත යොමු කරන ලෙස දැනුම් දුන්නේය.
මහජන උපයෝගිතා කොමිසමේ සාමාජික ඩග්ලස් නානායක්කා මහතා පැවසුවේ මණ්ඩලය ඉදිරිපත් කළ දත්තවල විස්තර අඩු බවත් ඒවා දින කීපයකදී යොමුකරන්නේ යැයි මණ්ඩලයේ නිලධාරීන් පැවසූ බවත්ය.
එම දත්ත ලැබුණු පසු විදුලි ගාස්තු එක් එක් කාණ්ඩයට අඩුවන ප්‍රතිශතය තීරණය කරන බවත් ඩග්ලස් නානායක්කා මහතා වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කොමිසම වැඩක් නැහැ.. ඇමැති හිටියාම ඇති. දෙකම එකයි.
එක්කෝ දක්ෂ නිලධාරීන් නැතිනම් හොරු නේද? උත්තරය..?
මොවුන් නම් මහ කාලකණ්ණි...
නොකරන වෙදකමට එදා කෝඳුරුතෙල් සොයා ගියා වර්ෂාව අධිකව පැවැති කාලයේ උපරිමයෙන් මණ්ඩලය ලාභ ලැබුවා. ඒ වෙලාවේ නොකර අධික පෑවිල්ල සමග වැව් අමුණු වියැළීමට පටන්ගත් කාලයේ බිල් අඩුකරන්න ඇමැතිවරයා කටයුතු කරනවා කීමෙන්ම ඔය වැඩේ කිසිදාක නොකරන වැඩක් කියලා පැහැදිලි වුණා.
විදුලිබිල වැඩිකරනකොට නම් දවසෙන් දෙකෙන් කාර්යක්ෂමව කරනවා. බිල අඩුකරනකොට මාස ගණන් සාකච්ඡා සම්මන්ත්‍රණ කෙලවරක් නෑ. මීට වඩා හොඳයි... ඔය අඩුකරන කතා මාධ්‍යයෙන් දැනුවත් නොකළා නම්.
මාසයක් කල් ගියත් අඩු කිරීමට යෝජිත දිනයේ සිට බලපාන අයුරින් තීන්දුව දෙන්න.
ආයෙමත් ජලාශවල වතුර හිඳෙනකන්ම ඕක දෙපැත්තට අදියි.
වැඩි කරන්න නම් මෙච්චර වෙලා යන්නේ නෑ...!
වැඩි කරන්න නම් මොවුන්ට එක දවසක්වත් යන්නේ නැහැ. අපි ඡන්දෙදී බලාගමු. දැන්නම් හොඳටම ඇති විදුලිබිල 50% අඩු කළත් බොලාට ඡන්දෙ දෙන්නේ නැහැ.. හිතන් ඉන්නේ අපි බුරුවෝ කියලාද?
තව මාස 10යි උපරිම..., වතුර රත්වෙනකල් නටන්න.