(අංජුල මහික වීරරත්න)
බිත්තර සඳහා උපරිම සිල්ලර මිල ලබන සතියේ දී පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
බිත්තරයක නිෂ්පාදන වියදම රුපියල් 30ක් වන අතර බිත්තර නිෂ්පාදකයින් හා වෙළෙඳ මාෆියාව විසින් මහජනතාව අනිසි ලෙස ගසා කෑම වැළැක්වීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි බිත්තර උපරිම සිල්ලර මිලක් පනවන්නැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කළ යෝජනාවකට ප්‍රතිචාර දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම පියවර ගෙන තිබේ.
බිත්තරයක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල ගණන් ඉදිරිපත් කරන ලෙස ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තූවේ අධ්‍යක්ෂිකා ආචාර්ය හේමාලි කොතලාවල මහත්මියට උපදෙස් දුන්නේය.
අමාත්‍ය මහින්ද අමරවීර සහ පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බිත්තර නිෂ්පාදනය හා මිල සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹිණි.
අලුත් අවුරුදු සමයේ බිත්තර මිල ඉහළ නැංවීම සඳහා බිත්තර ශීතාගාරවල රදවා තබා ගනිමින් කෘත්‍රිම බිත්තර හිඟයක් මවා පෑමට ඇතැම් බිත්තර නිෂ්පාදකයින් හා වෙළෙඳ මාෆියාව උත්සාහයක නිරතව සිටින බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මෙහිදී පෙන්වා දුන්නේය.
්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම 60 ක්වත් කියයි. අඩු කරන්නේ නම් නැහැ. ආණ්ඩුවත් කළු කඩයක්...
එහෙනම් බිත්තරයක් රු 100ට විතර තමයි ගන්න වෙන්නේ
අනේ කරුණාකර බිත්තර අවශ්‍ය ප්‍රමාණයට ඉන්දියාවෙන් ගෙන්වලා දෙන්න. ලංකාවේ ඉන්නේ V.I.P කුකුල්ලුද? බිත්තර මෙච්චර මිල?
ලංකාවේ කිකිලියෝ දමන බිත්තර මිල ඉන්දියාවේ කිකිලියෝ දමන බිත්තරවල මිලට වැඩිය 50-60% වැඩියි. එම බිත්තර දමලා හදන හෝටල් කෑම මිලත් සමානව ඉහළ යනවා. එමනිසා මිනිස්සු කෑම මිලදී ගැනීම අඩු කරනවා. එවිට එම ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියා අඩුවෙනවා. ටයිල් ඇතුළු ගොඩනැගිලි ද්‍රව්‍ය සම්බන්ධයෙනුත්, සහල් සම්බන්ධයෙනුත් පවසන්න තිබෙන්නේ මෙම කතාවම තමයි, මාෆියා කාරයෝ කිහිප දෙනෙක් මේ වගේ ද්‍රව්‍යවල මිල තීරණය කරනවා... ඉතා සුක්ෂමව ඔවුන්ගේ දේශපාලන සම්බන්ධතා උපයෝගී කරගෙන මේවා පිටින් ගෙන්වන එක වළකනවා. පාරිභෝගික අපට පුළුවන් මේවා වළක්වන්න. මාස 2 හබරලියගේ, සිරිපාලගේ, මිත්රපාලගේ සහල් මිලදී ගන්නේ නැතුව වෙන කෙනෙකුගේ සහල් ගන්න..