පානිය ජලය ඉල්ලා වතු කම්කරුවෝ උද්ඝෝෂණයක තම වතුයායේ පදිංචිකරුවන්ට ජල ගැටළුවක් මතු වි ඇති බව පවසමින් තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් වතුයායේ වතු කම්කරුවෝ අද(28) දින වැඩ වර්ජනය කරමින් උද්ඝෝෂණයක නිරත වූහ. 28 February 2024
රනිල්ට සහාය නොදී ඉන්න පොහොට්ටුවට අයිතියක් නෑ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත් කළේ පොහොට්ටුව බැවින් ඊළඟ ජනාධිපතිවරණයේදී ඔහුට සහය පළ නොකර සිටීමට පොහොට්ටුවට අයිතියක් නැතැයි තමා පෞද්ගලිකව විශ්වාස කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 28 February 2024
කැනඩා සිහිනය පෙන්වා වංචා කළ කතක් අත්අඩංගුවට කැනඩා යවන බව පවසමින් රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් වංචාකල ද්විත්ව පුරවැසි භාවය සහිත කාන්තාවක පානදුර විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 28 February 2024
මෙරට බලශක්ති ක්ෂේත්රයට කොරියාවත් අතගසයි කොරියානු සමූහාන්ඩුවේ තානාපතිනිය, මියොන් ලී මහත්මිය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අතර බලශක්ති සහයෝගිතාවය පිළිබඳව සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී පැවැත්විණි. 28 February 2024
ඉන්දියාව ශ්‍රී ලංකාවේ විදුලි බලය අත් නොහරී ඉන්දීය රජයේ විදුලිබල අමාත්‍යංශයේ ලේකම් පන්කජ් අග්‍රවාල් මහතා සහ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝශ් ජා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ඉන්දීය විදුලිබල ක්ෂේත්රයේ නිලධාරීන් පිරිසක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී විදුලිබල හා බලශක්ති අමාත්‍යා කංචන විජේසේකර සමග සාකච්ඡාවක් පැවැත්වූහ. 28 February 2024
කොළඹ තැඹිලි ගෙඩියක් රුපියල් 200 ට යයි රට තුළ මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් තැඹිලි සහ කුරුම්බා සඳහා ඉල්ලුම වැඩිවීමෙන් කොළඹ සහ අවට තැඹිලි ගොඩියක මිල රුපියල් 200 දක්වා ඉහළ ගොස් තිබේ. 28 February 2024
අව්ව සැරයි: දරුවන් පිටියට දාන්න එපා රට තුළ මේ වන විට පවතින අධික උණුසුම් කාලගුණ තත්වය තව දුරටත් ඉහළ යා හැකි නිසා අද (28) සිට අනිද්දා (1) යන දිනවල පාසල් දරුවන් එළිමහනේ රැදී සිටීමෙන් වැළකිය යුතු යැයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 28 February 2024
පාඨලී - ඩලස් පිල හමුවෙයි රටට ඔබින මනුෂ්‍යත්වයේ සන්ධානයක් නිර්මාණය කර ගැනීම සඳහා තවදුරටත් සාකච්ඡා කිරීමට නිදහස ජනතා සභාව සහ එක්සත් ජනරජ පෙරමුණ එකඟ වූ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 28 February 2024
කාන්තා ශක්තියෙන් රටට වැඩක් ගන්නවා ඉදිරියේදී රටේ ඇතිවන ආර්ථික පරිවර්තනයට අනුගත විය හැකි කාන්තා ව්‍යවසායකයින් බිහිකිරිමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 28 February 2024
යාපනයට පාර්ලිමේන්තුව ගැන උගන්වයි පාර්ලිමේන්තුව විසින් යාපනය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් වෙනුවෙන් පවත්වන ලද පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රියා පටිපාටි පිළිබඳ කෙටි පාඨමාලාව සාර්ථකව නිම කළ විද්‍යාර්ථීහු සහතික පත් ලැබූහ. 28 February 2024
ආණමඩුවේ බලපත් නැති ෆාමසියකට මුද්‍රා වසර අටකට ආසන්න කාලයක් නිසි බලපත්‍රයක් නොමැතිව ඖෂධ අලෙවි කළ ආණමඩුව නගරයෙ ප්‍රසිද්ධ ෆාමසියකට මුද්‍රා තබා එහි තිබු ලක්ෂ පහකට ආසන්න ඖෂධ තොගයක් සිය බාරයට ගත් බව ජාතික ඖෂධ නියාමන අධිකාරීය අද(28 )පැවසිය. 28 February 2024
කෘෂිකර්මය නංවන්න වියට්නාමය සමග අත්වැල් බැඳ ගනී කෘෂිකාර්මික ක්ෂේත්රයේ සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර පවත්නා අවබෝධතා ගිවිසුම යටතේ 2024-2026 කාල සීමාව සඳහා ක්‍රියාකාරී සැලැස්ම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 28 February 2024
අල්ලස් ගත් කොස්තාපල්වරුන් දෙදෙනාගේ වැඩ තහනම් රථවාහන නඩුවක් සම්බන්ධයෙන් පොලිස් භාරයට ගත් රියදුරු බලපත්‍රයක් නැවත හිමිකරු වෙත ලබා දීමට හා නීති මගින් කටයුතු නොකර සිටීමට රුපියල් 10000 අල්ලස් මුදලක් ලබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ ඉත්තෑපාන පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනාගේ රාජකාරී වැඩ තහනම් කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි 28 February 2024
පෝර ගන්න සල්ලි බිලියන 11ක් බෙදා අවසන් මහ කන්නයේ වී ගොවීන්ට පොහොර සහනාධාර ලෙස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 11ක් බෙදා හැර අවසන් බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ. එම්. එච්. එල්. අබේරත්න මහතා ප්‍රකාශ කළේය. 28 February 2024
රජීව් ගාන්ධි ඝාතනයේ සැකකරුවෙක් ගාන්ධි රෝහලේදීම මියයයි හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතාගේ ඝාතන සිද්ධියට වරදකරුවකු වී පසුව නිදහස ලැබු යාපනයේ ශාන්තන් නැමැත්තා ඉන්දියාවේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවට ඒරට මාධ්‍ය වාර්තා කර සිටියි. 28 February 2024
බිත්තියක කොටසක් කඩා වැටී පුද්ගලයෙක් මරුට මහරගම හයිලෙවල් පාරේ පැරණි ගොඩනැගිල්ලක කොන්ක්‍රීට් කොටසක් කඩා වැටි බරපතල තුවාල ලබා රෝහල් ගත කළ පුද්ගලයන් දෙදෙනාගෙන් අයෙකු ගොස් ඇතැයි මහරගම පොලිසිය කියයි. 28 February 2024
නාඋලට වැලි මැක්කා ඇවිත්:පරිස්සම් වන්නැයි උපදෙස් වැලි මැක්කාගේ දෂ්ඨ කිරිමේ හේතුවෙන් ලිශ්මනයිසීස් රෝගය වැලදුනු රෝගීන් නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම සේවා වසම් රැසකින් වාර්තා වන බව නාඋල මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය කියයි. 28 February 2024
පා පුවරුවෙන් වැටී තරුණයෙක් මරුට යාපනයේදී බස් රථයක පා පුවරුවේ ගමන් කරමින් සිටි තරුණයෙකු ඉන් අද වැටී ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය පොලිසිය සදහන් කරයි. 28 February 2024
පරාටේ නීතියට සංශෝධනයක් අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව මේ වන විට තාවකාලිකව අත්හිටුවා ඇති පරාටේ නීතිය සම්බන්ධව සංශෝධනයක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට බලාපොරොත්තු වන බව අධිකරණ,බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. 28 February 2024
පළාත් කිහිපයකට අදත් වැසිවාර කිහිපයක් නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත් නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 28 February 2024
මහබාගේ වෙඩිතැබීමේ සැකකරුවෙකු එස් ටී එෆ් වෙඩි පහරින් මරුට සූරියැවැව කෙලින්කන්ද මහවනය මැදදී පොලිස් විශේෂ කාර්යය බළකාය සහ වාඩියක සිටි පිරිසක් අතර ඇති වූ වෙඩි හුවමාරුවකදි මියගොස් ඇත්තේ හිටපු යුද හමුදා සෙබෙලෙක් බව තහවුරුවී ඇතැයි පොලීසිය කියයි. 28 February 2024
මහ බැංකුවේ පඩි වැඩි වූ හේතුව මෙන්න රටේ පැවැති උද්ධමනය සහ පවතින බදු බර හමුවේ තම සේවකයින්ට සිදුවූ අපහසුතාව මග හැරවීමට ඇතැම් පෞද්ගලික බැංකු සහ ආයතන විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඒ ආකාරයෙන් අනෙක් ක්ෂේත්‍රයන්හිද වැටුප් සංශෝධනය විය යුතු බව තම සංගමයේ මතය බවත් ශ්‍රී ලංකා මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේය. 27 February 2024
සජබ බුලත්සිංහල සංවිධායක ඉවත් කරයි සමගි ජන බලවේගයේ බුලත්සිංහල ආසන සංවිධායක ප්‍රසන්න අමරසේකර මහතාගේ සංවිධායක දුරය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. 27 February 2024
ආහාර බද්ද අඩු කරන බව ජනපති කැබිනට් මණ්ඩලයට කියලා ආහාර මත පනවා ඇති බද්ද ලබන මාසයේදී අඩුකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 27 February 2024
ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෝ ක්‍රීඩා ඇමති හමුවෙති ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් මුහුණ දෙන ගැටළු සහ අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කීපදෙනෙක් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (27) හමුවූහ. 27 February 2024
’’සතුටින් බාර ගන්නවා’’ තමාට එරෙහිව ඉදිරිපත් කිරීමට යන විශ්වාසභංග යෝජනාව තමා සතුටින් බාරගන්නා බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ලංකාදීපයට පැවසීය. 27 February 2024
රොනී ද මැල් සමු දෙයි ලාංකේය දේශපාලන ක්ෂේත්රයේ පෙරළිකාර චරිතයක්වූද හිටපු මුදල් අමාත්‍යවරයකුවූද ප්‍රකට ආර්ථික විශේෂඥයකුවූද රොනී ද මැල් මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද ( 27) අභාවප්‍රාප්ත විය. 27 February 2024
උද්දිකගේ පුටුවට මුතුකුමාරණ ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුවට හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුවන සරත් චන්ද්‍රසිරි මුතුකුමාරණ මහතා පත් කිරීමට නියමිතය. 27 February 2024
පොලිස් සැරයන් වෙඩි තබාගෙන මාතර කොටවිල අධිකරණ සංකීර්ණයේ පොලිස් මුර පොල තුළදී පොලිස් සැරයන්වරයකු අද ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ගෙන සිය දිවි හානි කර ගෙන ඇතැයි කොටවිල පොලීසිය පවසයි. 27 February 2024
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026