ක්‍රීඩා ලේකම්ගෙන් අභියාචනාධිකරණයට ප්‍රකාශයක් විදෙස් වලින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබෙන මුදල් වියදම් වන ආකාරය පිළිබඳ රජයේ විගණනයට භාජනය විය යුතු බවත් එම මුදල් හිතු මනාපයට වියදම් නොකර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් වියදම් කළ යුතු බවත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. 23 November 2023
සමනළ,උඩවලව,චන්ද්‍රිකා පිටාර මට්ටමට සමනළ වැවේ පෝෂක ප්‍රදේශවලට මේ දිනවල ඇද හැළෙන තද වර්ෂාවත් සමග සමනළ,උඩවලවේ සහ චන්ද්‍රිකා වැව පිටාර මට්ටම පැමිණ තිබේ. මෙයින් මේ වන විට උඩවලව ජලාශයේ වාන් දොරටු සියල්ල විවෘතකර ඇත. 23 November 2023
වසර මිලියන 155කට පෙර අතුරුදන් වූ මහාද්වීප කොටසක් හමුවෙයි මීට වසර මිලියන 155කට පමණ පෙර අතුරුදන් වූ ආර්ගොලෑන්ඩ් නම් මහාද්වීපයේ කොටස් අග්නිදිග ආසියාවෙන් සොයා ගැනීමට විද්‍යාඥයන් කණ්ඩායමක් සමත් වී ඇත. 23 November 2023
කොළඹ - නානුඔය විශේෂ දුම්රිය දෙකක් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ සිට නානුඔය දක්වා සීමා කිරීම යටතේ අද රාත්‍රී කොටුව හා නානුඔය, නානුඔය හා කොටුව අතර විශේෂ මගී දුම්රිය දෙකක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 23 November 2023
ලිංගික අල්ලස් ගන්න ගිය එස් අයි ට වැඩ වරදී කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ගැනිමට ගිය කල්මුනේ පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයෙක් අල්ලස් සහ දුෂණ මර්ධන ඒකකයේ නිළධාරින් අත් අඩංගුවට ගෙන තිබේ. 23 November 2023
සනත් නිශාන්ත ගෙන් කථානායකට ලිපියක් පාර්ලිමේන්තු සභාගර්භයේදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් තමා කනගාටු වන බව ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කර ඇත. 23 November 2023
හරක් කටාගේ ටෙලිෆෝන් බැලුවොත් පොලිසියේ පැටිකිරිය පෙනෙයි හරක් කටාගේ ටෙලිෆෝන් පරීක්ෂා කළොත් පොලිස් නිලධාරීන්ගේ රාජකාරි මට්ටම දැනගන්න පුළුවන් බව සමගි ජනබලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය. 23 November 2023
දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයෙන් සිරකරුවෙක් පනී බන්ධනාගාර ගතව සිර දඩුවම් විදින රැදවියෙකු මහ මගදී මාලයක් කඩා ගැනීමේ චෝදනාවක් සම්බන්ධ තවත් නඩුවකට අද (23) දෙයියන්දර මහේස්ත්රාිත් අධිකරණයට ඉදිරිපත් කර පසුව සිරමැදිරියට දැමීමෙන් පසුව පලාගොස් ඇතැයි දෙයියන්දර පොලිසිය පවසයි. 23 November 2023
’මිනිස්සුන්ට අරගල තිත්ත වෙලා’ මිනිස්සුන්ට අරගල තිත්ත වෙලා යැයි පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 23 November 2023
විදුලි සැරට විදුලි කාර්මිකයා බිලි මුන්දලම කිරීමට්ටාව ප්‍රාදේශයේ ව්‍යාපාරීකයකුගේ ඉල්ලීමට මාර්ගයෙ දිවෙන විදුලි රැහනකින් විදුලිය ලබා ගෙන විදුලි පහණක් සවිකිරීමට ගිය තරුණ විදුලි කාර්මිකයකු විදුලි සැර වැදිමේන් මරණයට පත්ව ඇති බව මුන්දලම පොලිසිය කියයි. 23 November 2023
හමුදාවේ විසි හත්දාහක් සේවය හැර ගිහින් යුද හමුදාවේ 27000 ක් පසුගිය වසර දෙකේදී සේවය අතහැර ගොස් ඇතැයි මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය 23 November 2023
’’රට බංකොළොත් කෙරූ අයගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න’’ රට බංකොළොත් කිරීමට හේතු වූ පුද්ගලයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලෙසත්, ඔවුන්ට තවදුරටත් රාජ්‍ය අනුග්‍රහය යටතේ වරදාන වරප්‍රසාද ලබා නොදෙන ලෙසත් රට බංකොලොත් වීම නිසා අගතියට පත් ලක්ෂ 220ක් වූ ජනතාවට වන්දි ලබා දෙන ලෙසත් ඉල්ලා සමගි ජන බලවේගය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුවේදී අද (23) අත්සන් ව්‍යාපාරයක් ආරම්භ කළේය. 23 November 2023
හමුදා කඳවුරුවලට දේශපාලනය ගේන්න එපා හමුදා කඳවුරු ඇතුළට දේශපාලනය ගෙන ඒමෙන් වලකින්නැයි සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. 23 November 2023
ස.තො. ස සුදු සීනී කිලෝවක් 275 ට ලංකා සතොස සුදු සීනි කිලෝව රුපියල් 275 බැගින් (පැවති පාලන මිලට) තව දුරටත් අලෙවි කරන බව ලංකා සතොස කළමණාකරුවෝ පවසති. 23 November 2023
ගුවන් තොටේ සිද්ධියක් ගැන අනුරගෙන් ප්‍රශ්නයක් ගුවන් තොටේ සිද්ධියක් ගැන අනුරගෙන් ප්‍රශ්නයක් (සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න) ජාතික ජන බලවේගය සමග දේශපාලනය කිරීමේ වරදට නැගෙනහිර හිටපු ආඥාපති අරුණ ජයසේකර සහ ඔහුගේ බිරිඳ කටුනායක ගුවන් තොටුපොළේ රඳවා ගෙන ඔවුන් ළඟ මත්කුඩු ඇත්දැයි සෙවීම යුක්ති සහගත දැයි එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (23) ප්‍රශ්න කළේය. හමුදා සේවයේ සිටින නිලධාරියකු දේශපාලනය නොකළ යුතුයි යන මතයේ තම පක්ෂයද සිටින බව පැවසූ දිසානායක මහතා විශ්ර 23 November 2023
මෙහෙම ආණ්ඩුගෙන යන්නේ කොහොමද? ව්‍යවස්ථාදායක සභාවේ සමහර සාමාජිකයන් වැඩ කටයුතු කඩාකප්පල් කරන්න ඇතුලෙන් ක්‍රියා කරනවා නම් පවතින ක්‍රමය ක්‍රියාත්මක කරන්න බැරි වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 23 November 2023
ව්‍යාපාරිකයාට පිහියෙන් ඇන රන් භාණ්ඩ කොල්ලකාලා පානදුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට පැන ඔහුගේ දෑත් ගැටගසා බඩට පිහියෙන් ඇන රන්භාණ්ඩ කොල්ලකා පලාගොස් ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කල බව පානදුර දකුණ පොලිසිය පවසයි . 23 November 2023
සෞඛ්‍ය නිලධාරීන් මාරු කරන්න කාලය ඕනෑ විවිධ චෝදනා එල්ල වූ සහ එකම ස්ථානයේ දීර්ඝ කාලයක් සේවය කරන සෞඛ්‍ය නිලධාරීන් පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග අනිවාර්යෙන්ම ගන්නා බවත් ඒ සඳහා යම්කිසි කාලයක් අවශ්‍ය බවත් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (23) පැවසීය. 23 November 2023
සිවිල් ආරක්ෂක බලකායට සොච්චම් වන්දි දී ගෙදර යවන්න හදනවා සිවිල් ආරක්ෂක බලකා භටයන්ට රුපියල් ලක්ෂ 30 බැගින් වන්දි දී ගෙදර යවන්න හදන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 23 November 2023
රජයේ රෝහල්වල සිරින්ජර හිඟයක් අනුමත කළ සිරින්ජර ටෙන්ඩරයකට අදාල සිරින්ජර තත්වයෙන් බාල වීම් හේතුවෙන් වෛද්‍ය සැපයුම් අංශය සැපයුම් අත්හිටුවීම හේතුවෙන් රට පුරා රජයේ රෝහල්වල සිරින්ජර හිඟයක් ඇතිවී තිබෙන බව සෞඛ්‍ය සේවකයෝ පවසති. 23 November 2023
‘වෛද්‍යවරු විදේශගත වීම අඩු වෙලා’ වෛද්‍යවරු විදේශගත වීමේ සංඛ්‍යාව මේ වන විට අඩු වෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අද (23) පැවසීය. 23 November 2023
වසර තුනකට පසු කාසල්රී වාන් දමයි ජල විදුලි උත්පාදනයට ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රි ජලාශය වාන් දැමිමට ආරම්භ වි ඇති බව එම ජලාශය භාර ඉංජිනේවරුවරයා පැවසිය. 23 November 2023
කුල්ලෙන් පොල්ලෙන් නොදුන්න නම් රටේ තියෙන්නෙ කැලෑ නීතිය කුල්ලෙන් පොල්ලෙන්, වතුර බවුසරෙන් දෙන ක්‍රමය ඇති නොවුණා නම් රටේ අද රජ කරන්නේ කැලෑ නීතිය බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (23)පැවසීය. 23 November 2023
වලවේ ගඟ උතුරයි:පහත් බිම් යටවෙයි වලවේ ගඟ උතුරා යෑම හේතුවෙන් අද (23) අම්බලන්තොට ප්‍ර දේශයේ ගම් රැසක පහත් බිම් ජලයෙන් යටවී ඇති බව හම්බන්තොට ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි. 23 November 2023
ඖෂධ හොරකමේ තෝරු මෝරු නිදැල්ලේ ඖෂධ වංචාවට සම්බන්ධ තෝරු මෝරු තවමත් නිදැල්ලේ සිටියදී ඊට සම්බන්ධ නැති කොහෙවත් යන පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා පාර්ලිමේන්තුවේදී අද(23) පැවසීය. 23 November 2023
පොලිතින් සිද්ධියට විදුහල්පති මාරු දරුවන් පිරිසකට පොලිතීන් පත්තරබලහත්කාරයෙන් කැවූ බව පැවසෙන නාවලපිටිය රඹුක්පිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ගම්පොල අධ්‍යාපන කාර්යාලයට මාරු කර යවා ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද ( 23 ) පැවසීය. 23 November 2023
කිරි අල රටින් ගෙන්වීම ගැන වාර්තාවක් ඉල්ලයි කිරි අල සහ එළවළු බෝග කිහිපයක් ආනයනය කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධව වාර්තාවක් දෙන්නැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට නියෝග කළේය. 23 November 2023
ගම්පහට මහ ගංවතුර තත්වයක් පවතින අධික වර්ෂාව හේතුවෙන් අද (23) උදෑසන වනවිට අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර තත්ත්වයකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය සදහන් කරයි. 23 November 2023
පැය 24කට පසු බදුල්ල - කොළඹ මාර්ගය ඇරේ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලංගොඩ සීලෝගම ප්‍රදේශයට පස් කන්දක් සමග විශාල ගල් පර්වතයක් පෙරලීම වැසී ගිය මාර්ගය ඊයේ යළි විවෘත කළ බව පොලිසිය කියයි. 23 November 2023
අද සවසත් තද වැසි දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 1.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 23 November 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026