
(නාමල් පතිරගේ සහ යොහාන් භාසුර)
පැරිස් ඔලිම්පික් උළෙල (2024) මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවෙන් නිර්දේශ තහවුරු කර ගැනීමට මීටර් 800 ක්‍රීඩිකා තරුෂි දිල්සරා කරුණාරත්න හා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකා නදීෂා දිල්හානි ලේකම්ගේ අද ( 2) සමත් වූහ.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය එය තහවුරු කර සිටියේය.ඔවුන් ඒ සදහා ශ්‍රේණිගත ලකුණු ක්‍රමයෙන් අවස්ථාව උදා කර ගැනීමට එහිදී සමත්වීම කැපී පෙණුනි.
ඒ අනුව එම ශ්‍රේණිගත ලකුණු ක්‍රමයට අනුව පැරිස් ඔලිම්පික් උළෙල සදහා හෙල්ල විසි කිරීමේ කාන්තා ඉසව්වෙන් නිර්දේශ කර ගන්නා ක්‍රීඩිකාවන් 32 දෙනා අතරින් නදීෂා දිල්හානි ලේකම්ගේ 26 වැනි ස්ථානයටද මීටර් 800 (කාන්තා) ඉසව්වෙන් තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාවන් 45 දෙනා අතරින් 45 ( අවසන්) ස්ථානයටද පත්වෙමින් එම අවස්ථාව හීමි කර ගත්හ.
ජූලි 26 වැනිදා පැරිස් නුවරදී ආරම්භ වන 33 ,වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල සදහා ශ්‍රී ලංකාවට තවදුරටත් පිරිමි ඉසව් වෙතින් ක්‍රීඩකයෙකු නිර්දේශ කර ගැනීමේ අවස්ථාව සැළසී තිබේ.එම අවස්ථාව මීටර් 400 ක්‍රීඩක අරුණ දර්ශනට හෝ මීටර් 100 ක්‍රීඩක යුපුන් ප්‍රියදර්ශන දර්ශන අබේකෝන්ට හිමිව තිබේ.
එම අවස්ථාව ශ්‍රේණිගත ලකුණු ක්‍රමයෙන් අරුණ දර්ශන හිමි කර ගැනීමට අපොහොසත් වුවහොත් පමණක් මිටර් 100 (පිරිමි) ඉසව්වෙන් සුදුසුකම් නොළත් පංගු ක්‍රමය (වයිල්ඩ් කාඩ්) යටතේ යුපුන් අබේකෝන්ට හිමි වීමට නියමිතය.
කෙසේවුවත් මේ වන විට ඉතාලියේ සිට දිවයිනට පැමිණ සිටින යුපුන් පාදයක මස් පිඩු ආබාධයකින් පසු වන බැවින් ඔහුට පැරිස් ඔලිම්පික් සහභාගිත්වය තහවුරු කර ගැනීම සදහා ශාරීරික යෝග්‍යතා පරික්ෂණයකට පෙනී සිටීමට සිදුව තිබේ.
මේ වනවිට මෙම ක්‍රීඩිකාවන් දෙදෙනා හැරෙන්නට පැරිස් ඔලිම්පික් උළෙල සදහා ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලබා සිටින්නේ බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ පමණි.
-------------------------------------
(යොහාන් භාසුර)
පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකා මලල ක්‍රීඩිකාවන් වන තරුෂි කරුණාරත්න සහ නදීෂා දිල්හානි ලේකම්ගේ සුදුසුකම් ලබා ගැනීමට සමත් වූහ.
තරුෂි කරුණාරත්න මීටර 800 කාන්තා ඉසව්වට ද, නදීෂා ලේකම්ගේ හෙල්ල විසිකිරීම කාන්තායි ඉසව්වට ද, ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී සහභාගී වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරූශි දුවට ඔලිම්පික් සටන ලේසියි මෙහෙ ඉන්න වලකපන්න හදපු මල පෙරේතයන් එක්ක සටන් කරල යන්න තැන හදාගන්න වින්ද දුක් වලට වඩා.
ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අඩු උනාට නිළධාර නිළධාරිණියෝ නම් හැටහුටාමාරක්ම තේරිලා ඇති
සුබපැතුම්..!
ක්‍රීඩිකාවෝ දෙන්නට නිලධාරීන් කීදෙනෙක් ප්‍රංශයට යනවද කියල හොඳට අවදියෙන් ඉන්න.
තරුෂි දුවට කැපිල්ල දාලා නොදුවන යුපුන්ව යවන්න වෙන්න ඇති ක්‍රීඩා බලධාරීන් දත කෑවේ. ටෝකියෝ ඔලිම්පික් වලට ගිහිල්ලත් යුපුන් දිව්වෙ නෑ.