
(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වී පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගතහොත් ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කළේය.
කාරියවසම් මහතා මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ තාක්ෂණ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා නිසි වෙලාවට ඉදිරිපත් කරන බවද හෙතෙම සඳහන් කළේය
COMMENTS
ඔබලාගේ දූෂණ, වංචාවල් ආරක්ෂා කරගන්න නේද?
විශිෂ්ට අදහසක්. තමන් ජනාධිපතිවරණයට පොදු අපේක්‍ෂකයකු වන බවත්, තමන් පත් වුවහොත් අනෙක් පාක්‍ෂිකයින් වෙනුවට එජාපයේ සියලු දෙනාම පත්කරන බවත් රනිල් කියයි.
UNP හෝ SLPP කවුරු කොහොම හිටියත් දිනන්නේ නැහැ... ඒක ස්ථිරයි
අන්න නියම සුදුස්සා, තකට ගැලපෙනවා ජාඩියට මූඩිය වගෙයි. කොහෝම හරි කතාකරලා ගෙන්න ගන්න ඔයාලාට බැරි වුනේ මහ බැංකුව කඩන්න විතරනේ මිනිහට ඒකත් පුළුවන්...
මේ රටෙන් හොරා කාපු සල්ලි අපිට ආපහු ගන්න පුළුවන් නම් අපිට කාගේවත් උදව් ඕනෑ නෑ. අපරාධකරුවන් ආරක්ෂා කිරීමට මේ සියල්ලෝම එකතු වනු ඇත..
මේ රට මෙතරම් අවුල් ජාලයක් බවට පත් කිරීම ගැන ඔබ සැවොම තුරන් කළ යුතුයි.
ඒ විතරක්ද? බස්නාහිරෙන් ඉර පෑව්වොත් පොහොට්ටුවෙන් තරඟ කරලා දිනන්නත් පුළුවන් වේවි... සත්තයි....!
බොහෝම හොඳයි. සෙට් එකටම එකට තියලා අරින්න පුළුවන් ගෙදර දුවන්න...!
රනිල් පොහොට්ටුවේ සාමාජිකත්වය අරගෙන ආවොත් 2020 මහමැතිවරණය වෙලාවේ එජාපය ගත්තු ලක්ෂ දෙකක් වූ එජාප ඡන්ද ප්‍රමාණයත් නැත්තටම නැතිවෙනවා. සාමාජිකත්වය නොගත්තා වුණත් පොහොට්ටුවේ හොරුත් එක්ක එනවා නම් රනිල් කොහොමත් පරාදයි..!
පොහොට්ටුවේ අපේක්ෂකයෙක් ආවොත් ඉතිහාසයේ නැති පරාජයක්... දැන් ලංකාවේ බයියන් නැහැ.
කොහොමටත් පොහොට්ටුව මේ සැරේ ඡන්දෙන් අවසන් ගමන යනවා. ඒ නිසා ඔය උප්පරවැට්ටි ගැන කල්පනා කරලා තේරුමක් නෑ...
අර ඔබලාගේ ගෙදර ඉන්න වැලේ වැල් නැති වැඩ බැරි ටාසන් හොඳ නැද්ද වැඩේට .මිනිහා ගිය පාර මොනවා වුනත් 69 ලක්ෂයක් චන්දෙ ගත්ත , මෙදාපාර ඉදිරිපත්වුනොත් ලක්ෂ 30 වත් ගන්න බැරි නැහැ , පොඩි වඳ කොත්තු ටිකක් ෆෝම් කරලා , නයෙක් ගඟේ දමල , මුස්ලිම් බිල්ලෙක් මවලා ," සීයා සමග වලට යමු කියල " අර වයෝවෘධ මනුස්සයත් රෝද පුටුවක හරි තියල උස්සන් ඇවිත් වේදිකාවේ ප්‍රදර්ශනය කරලා කැම්පේන් පාරක් දමමු , බයියෝ ටික ටක් ගලා ෆෝම් වෙලා එනවා , අඩු පාඩුවට කුමන්ත්‍රණකාරී රනිල් ගෙන් රට බේරා ගනිමු කියල සටන්පාඨයක් දැම්මා නම් වැඩේ පන්කාදුය
අන්තිමේට සජිත් ,රනිල් ,මහින්ද ඔක්කොම එක බෝට්ටුවට නගිනවා
පිටිගල අයියේ ඔක්කෝටම මැහුම් දාගන්න වෙයිද…?
පසුගිය කාලය පුරාවට මේ රටට කරන්න පුළුවන් උපරිම හානිය සිදුකළ රටේ ජාතික ධනය අයථා ලෙස සොරා ගත් දුෂිතයින් සියලුම දෙනා මේ වන විට රනිල් මහතාගේ ජය ලබන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටින බව දැන් ප්‍රසිද්ධ කරුණකි. ඇස් පනාපිටම පැහැදිලිව පේන්න තියෙන සත්‍යයකි. ඔවුන් ඒ සඳහා කළහැකි සියලු උත්සාහයන් ගනිමින් සිටිති. වේදිකාවලට ගොඩ වී තමන් ඒ දවස්වල රනිල් මහතා දැඩි ලෙස විවේචනය කළ බවත් දැන් ඒ සියල්ල අතහැර ඔහු තමන්ගේ නායකයා ලෙස පිළිගන්න බවත් දැන් දැන් කියති. ඒ සියලු දෙනා එසේ කරන්නේ ඉදිරියේදී නීතියේ රැහැනින් ගැලවී එක්කෝ පලායාමට හෝ නැතිනම් තව දුරටත් තමන් මෙතෙක් කරගෙන ආ සියලු දුර්දාන්ත ක්‍රියා කිසිඳු අවහිරයකින් තොරව කරගෙන යාමටයි. එසේ වුවහොත් මේ රට කිසිදිනක ගැලවීමක් නොලැබෙනු ඇත. මේ රට කිසිදිනක ගොඩ නොයනු ඇත. කිසි දිනක ශ්‍රී ලංකාව දියුණු රටක් වන්නෙම නැත. ශ්‍රී ලංකාව හොරුන්ටම ගිය රටක් වනු ඇත. මිනිසුන් එය තේරුම් ගත යුතුයි.
මේ මිනිහගේ මොලේ කොලොප්පන් වෙලා. ඒ වගේම ජෙප්පෝ හිතන් ඉන්නේ දැනටම එයාලා දිනුම් කියලා... නමුත් ඇත්ත තත්වය නම් එයාලාට ඡන්ද ලක්ෂ 10කට ආසන්න ගණනකට වඩා ලැබෙන්නේ නැහැ. එයාලාගේ රැස්වීම්වල ඉන්න සෙනාගෙන් 30 ක් එන්නේ නිකන් බලලා යන්න මිසක් ඡන්ද දෙන්න නෙවෙයි. අනික ඡන්දයක් තියා උප්පැන්නයක් වත් නැති අයත් මේ රැස්වීම්වල ඉන්නවා...
SUBRA සැගවුන බයියෝ අවතක්සේරු කරන්න එපා , බයියෝ ෆෝම් කරන මන්තරේ බැසිල් දන්නවා , මෙදාපාර එක 100% වැඩකරන්නේ නැතිවුනත් 2029 චන්දෙට අඩිතාලම දමාගෙන යන බවනම් පෙනෙනවා
ඔහොම කතා කියන්න එපා බෛය්යෝ කෝප වේවි , බෛයෝන්ගේ මුදුන්මල්කඩ වැනි පොහොට්ටු පක්ෂෙට රනිල් ගැලපෙන්නේ නැත , ඕකට ගැලපෙන්නේ වඩේ ඇමැති වැනි බෛයයන්ට හොඳට භාෂාවෙන් ඔවුන්ගේ සිත පිනා යන පරිදි කතාකර එංගලන්තේ මුදල් ඒකකය වන ඇමරිකන් ඩොලර් ගැන , එංගලන්තේ අගමැතිවන මොරිස් ජොන්සන් ගැන විස්තර කර දෙන්න පුළුවන් 5 සමත් කෙනක් , ටෛකොට් අදින කලිසම හැලෙන රනිල් හමු මේ වැඩේට ගැලපෙන්නේ නැහැ, එයාගේ කෙදිරිය අහන්න බෛයෝ රැස්විමකටවත් එන්නේ නැහැ
සාගර උන්නැහේ ඔබතුමා නීතිය හදාරන්න ඉස්සර වෙන්න ඇති රනිල් නීතිය හදාරා තියෙන්නෙ ඊළඟට 1977 සිට පාර්ලිමේන්තුවේ අත්දැකීම් තියෙනවා ඉතින් එයා බබෙක් නොවෙයි එහෙම තියද්දි රනිල් එජාපය අතහැර ආවොත් අපේක්ෂකත්වය ගැන සළකා බලනවා කියන්නෙ එජාපය අතහැර ආවොත් අල්ලපු අත්තත් පයගහපු අත්තත් නැතිකරනවා කියලා නේද හිතාගෙන ඉන්නේ අරගලය වෙලාවේ පොහොට්ටුව නැමති සතාගේ බෙල්ලට තොණ්ඩුවත් වැටිලා තියෙද්දි ඒක ගලවා ජීවිතය බේරාගැනීමට කටයුතු කලාට කළගුණ සැලකීම නම් බොහොම අගෙයි මහත්තයෝ
අන්න හරි මහ රජ්ජුරුවනේ... ඔය දොරටුපාලයාට ඡන්දෙ දිනන්න දුන්නොත් පුත් කුමරුවන්ට ඉස්සරහට යනඑන මන් නැතිවෙනවා.
අන්න එහෙම සේනාව ඒ පැත්තට යවලා හැලෙන අය බාගන්න වෙනමම ඡන්දෙ ඉල්ලන්න. අපි ඒක බලලා හරක් වගේ ගිහින් කතිරේ ගහලා එන්නම්...
ඔය ගොල්ලා අරගලේ නිසා විකෙට් ගිහිල්ලා තිබෙන අවස්ථාවේ පිටියට එවපු night watchmen හොඳ නැද්ද ? එයා මේ දවස්වල හොඳට බැට් කරනවා නේද ?