
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ කුරුඳුවත්තේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවකු සහ සිසුවියක කොම්පඤ්ඤවීදිය සුඛෝභෝගී නිවාස සංකීර්ණයක 67 මහලින් පැන සියදිවි නසාගෙන ඇතැයි කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ වැල්ලවත්ත සහ කැලණිය පදිංචි සිසුවකු සහ සිසුවියක බව පොලිසිය කියයි.
මියගිය සිසුවිය සහ සිසුවා ජාත්‍යන්තර පාසලේ එකම පංතියක ඉගෙනුම ලබන අතර පාසල නිමවීමෙන් අනතුරුව තීරෝද රථයක නැග පැමිණ ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.
එම සුඛෝභෝගී මහල් නිවාස සංකීර්ණයේ 67 වන මහලින් බිමට පැන ඇති ඔවුන් දෙදෙනා එහි 3 වන මහලට වැටී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
කොම්පඤ්ඤ වීදිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල විජයමාන්න මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එය සියදිවි නසා ගැනීමක් බව පොලිසිය තීරණය කරන්නේ කොහොමද ?
කොහොමද අවුරුදු පහලොවට දැනිච්ච ආදරේ වේදනාව? ඉස්කෝලවල ලව් ස්ටෝරි දැන් හැම ටීවී නාලිකාවකම යනවා. ඉතිං ඔව්වා බලලා පොඩි වයසෙදිම ලොකු මිනිස්සු වගේ හැසිරෙනවා. අපේ කාලෙ ඔහොම තිබ්බෙ නෑ අපේ හාන්දුරුවනේ !
දුකයි. පොඩි උන් දෙන්නෙක් පඩිපෙළ දෙපැත්ත ආරක්ෂක මදිලු.සෙල්පියක් ගන්න ගිහින් වැටෙන්නැති. ආයෙ කිසිම ආත්මයක ඔහොම දෙයක් ඔයාලට වෙන්න එපා.සුභ ගමන් දරුවනේ.අනෙක් දරුවන්ට ඉගෙන ගන්න කාලෙ ඉගෙන ගන්න ඕවට තව කල් තියෙනවා.දෙමව්පියන්ගෙ මුදලින් ජීවත් වෙන තාක් කල් හොඳට ඉගෙන ගන්න..