(ගයාන් සූරියආරච්චි)

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් නිකුත් කළ බවට හැඟවෙන ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කරන ලද දැනට සමාජ මාධ්‍යවල සංසරණය වන ව්‍යාජ ලිපියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

මේවන විට එම ලිපිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ඊට අදාල සැකකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමර්ග ගන්නා බවද පොලිස් මූලස්ථානය කියයි.

ධර්මචක්‍රය සහිත පොලිස් අත් ලාංඡනයක්, රබර් මුද්‍රාවක් හා පොලිස් නිල ලාංඡනය සහිත කහ පැහැති පසුබිමක් සහිත ලිපියක් ව්‍යාජව සකස් කර මෙසේ සමාජ මාධ්‍යවලට මුදාහැර ඇති බව පොලිසිය පවසයි.

එම ලිපිය ඉකුත් (1) වැනිදා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් නිකුත් කර ඇති බවට හැඟවෙන ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කර ඇති බවත් ඊට නොරැවටෙන ලෙස ඉල්ලා සිටින බවත් පොලිසිය පවසයි.