
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
නීති විරෝධී සහ සැක කටයුතු අන්දමින් කෙටි කාලයකදී රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගත්තේයැයි කියන නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි විසින් පවත්වාගෙන යනු ලබන රූපලාවණ්‍ය ආලේපන නිෂ්පාදන ඇයගේ ආයතනය මගින් ආනයන සහ අපනයන කර ඇත්දැයි සොයා ගැනීමට රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි.
එම ආලේපන නිෂ්පාදනය කරන ස්ථාන ගැන තොරතුරු අනාවරණය කර ගැනීමට ද රහස් පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.
මීට අමතරව පියුමි හංසමාලි පවත්වාගෙන යන මෙම ව්‍යාපාරය විසින් සිදු කරගෙන යනු ලබන ව්‍යාපාර කටයුතු ආදායම් බදු ගෙවීම් සහ ව්‍යාපාරයේ ගිණුම් සම්බන්ධයෙන් ද එම කොට්ඨාසය පරීක්ෂණ පවත්වාගෙන යයි.
නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි විසින් පවත්වාගෙන යනු ලබන මෙම ව්‍යාපාරය සමාගම් රෙජිස්ටාර් කාර්යාලයේ ලියාපදිංචි වී ඇති අතර ඒ හා සම්බන්ධ තොරතුරු ද එම කාර්යාලය මගින් ගෙන්වාගෙන තිබෙන බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ගෙන්වා ගත් එම තොරතුරු සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කර ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.
COMMENTS
සීඅයිඩීයේ කට්ටියක් දැන් සුදුවෙලා, ආවහාම කාටද ආඩම්බර...?
එයත් එක්ක කවුරු හරි ලොකු තරහකින් ඉන්න බවයි පේන්නේ. ලාබෙට දෙන්න බැහැයි කියලා වගෙයි එයාගේ දේවල්...
ඇගේ කතාව ඇත්ත නම් රජය ඇයට උදව් කරන්න ඕනෑ. ඒත් ප්‍රමිතිය ගැන හිතන්න ඕනෑ. රටක ව්‍යවසායකත්වය කියන දේට සලකන්නේ නැතිව කොහොම දියුණුවට යන්නද?
මෙයා උපයන විට බදු ගෙවනවාද ? ටැක්ස් ෆයිල් එක විවෘත කරලා නැද්ද inland revenue එකෙන්? inland revenue එක පොල් ගානවාද?
නිකන් කාලය නාස්තිකිරීමක් පමණයි.
අඳුරේ අතපත ගාන දෙයක් නෑ. හරි සරල විමර්ශනයක්... ඔය චෝදනා කරන වත්කමට ආදායම් බදු ගෙවලා තියෙනවද? එච්චරයිනේ මේ විමර්ශනය...
අනිවාර්යයෙන්ම ආදායම් බදු ගෙවලා නැහැ. ආදායම් බදු ගෙව්වා නම් ඔච්චර ලිපි ලේඛන ගෝනි ගණන් උස්සන් යන්න අවශ්‍ය නැහැ. ඉදිරිපත් කරන්න ඕනේ පසුගිය අවරුදු 5 ආදායම් බදු වාර්තා සහ ගෙවපු රිසිට් පමණි. හරි නම් මේ විමර්ශනයට ආදායම් බදු දෙපාර්තමේන්තුවත් සම්බන්ධ වෙන්න ඕනේ...
මෙයා කියන විදියට ලංකාවේ ජනප්‍රිය සන්නාමයක් මේක, ඉන්දීයාවේ ජනප්‍රිය Lakmé Cosmetics වගේ සමාගම් වලට තරඟ කරන සමාගමක් පියුමිගේ සමාගම, යුරෝපයේ වුනත් All In One Makeup Kit එකක් ඩොලර් 100-150ක් (රු 30,000-35,000) වෙන්නේ නෑ .එක්කෝ luxury brand වෙන්න ඕනේ. පියුමි හංසමාලි විතරක් නෙමෙයි ,ලංකාවේ ඉන්න ගොඩක් ව්‍යාපාරයන්, දේශපාලන හෙන්චයියෝ ඔක්කොම පරික්ෂා කරන්න ඕනේ. මේක ඉතින් ලී ක්වාන් යූ 1960-70 දශකයේ ආරම්භ කරපු මෙහෙයුම දියත් කරන්න ඕනේ. එතකොට තමයි ලංකාව දියුණු කරන්න පුළුවන් හොරුන්ගේ සල්ලි ටික රාජසන්තක කරලා.