
(විමුක්ති එස් රුද්‍රිගු)
රොබෝවරයකු ලොව ප්‍රථම වතාවට සියදිවි හානි කරගෙන ඇතැයි දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කළේය.
දකුණු කොරියාවේ ගුමී නගර සභාවේ සිවිල් සේවකයකු ලෙස රැකියාව කළ රොබෝවරයකු මෙලෙස සියදිවි හානි කරගෙන ඇතැයි එරට මාධ්‍ය සඳහන් කළේය.
රොබෝවරයා සේවය කළ ගොඩනැගිල්ලේ පළමු සහ දෙවන මහල අතර පඩිපෙළේ වැටී තිබියදී රොබෝවරයාගේ සිරුර සොයාගත් බව ගුමී නගර බලධාරීහු පැවැසුහ.
මෙම රොබෝවරයා පඩිපෙළෙන් පහළට වැටීමට පෙර එකතැන කැරකී ඇති බවත් පසුව පඩිපෙළෙන් පහළට වැටී ඇති බවත් ගුමී නගර බලධාරීහු ප්‍රකාශ කළහ.
සියදිවි හානි කරගත් රොබෝ වෙනුවෙන් ගුමී නගරවාසීන් ශෝකය පළකර ඇති බවත් වැඩිදුර පරීක්ෂණ සඳහා රොබෝවරයාගේ සිරුර නගර බලධාරීන් රැගෙන ගොස් ඇති බවත් කොරියානු මාධ්‍ය වාර්තා කළේය.
මෙම රොබෝවරයාට නගර සභාවේ ලියකියවිලි එහාමෙහා රැගෙන යාමේ කාර්ය පැවැරී තිබී ඇති බවත් මෙම අනතුර සියදිවි නසා ගැනීමක් බව නගරවාසීන් හඳුන්වන බවත් කොරියානු මාධ්‍ය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවුලේ ප්‍රශ්නයක් වෙන්න ඇති. එකත් එකටම ඉස්සරින්දා රෑ හොඳට බොන්න ඇති. ඕවට අත දාන්න හොඳ නැහැ
මිනිය කපලා කොටස් රස පරීක්ෂකට යැව්වාම සිය දිවි නසාගත් ක්‍රමය හොයාගන්න පුළුවන් වෙයි. මිනිස් සංකල්ප...
එහෙනම් සිවිල් සේවයේ සෙට් එක නිසා අනිත් අයට සියදිවි නසාගන්නයි වෙලා තියෙන්නේ!
බොරු කියන්නෙපා බන්...!
සමහරක්විට මෙයත් ෆෝන් එකෙන් වීඩියෝ ගේම්ගහන්න පුරුදුවෙලා ඉන්න ඇති...
අපේ රජයේ කන්තෝරුවල, ගබඩාවල කෝටි ගණන් වටිනා ආරක්ෂක කැමරා, පරිගණක පද්ධති, රොබෝලා වැනි දේවල් තවම පැකින් පිටින් තිබෙනවා .. මේවා සවිකරන්නේ නැහැ. ඒවා සවිකළොත් එම දෙපාර්තමේන්තු වල වැඩ කරන 98%ක් පමණ පගාගහන නිලධාරියන්ට සියදිවි නසාගන්න වෙන නිසා.., මේවා පිළිබඳ විස්තර තව අවුරුදු 3-4 කෝප් කමිටුවේදී අනාවරණය වේවි...!