IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


රෝබෝවක් සිය දිවි නසා ගනී

(විමුක්ති එස් රුද්‍රිගු)

රොබෝවරයකු ලොව ප්‍රථම වතාවට  සියදිවි හානි කරගෙන ඇතැයි දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කළේය.

දකුණු කොරියාවේ ගුමී නගර සභාවේ සිවිල් සේවකයකු ලෙස රැකියාව කළ රොබෝවරයකු මෙලෙස සියදිවි හානි කරගෙන ඇතැයි එරට මාධ්‍ය සඳහන් කළේය.

රොබෝවරයා සේවය කළ ගොඩනැගිල්ලේ පළමු සහ දෙවන මහල අතර පඩිපෙළේ වැටී තිබියදී රොබෝවරයාගේ සිරුර සොයාගත් බව ගුමී නගර බලධාරීහු පැවැසුහ.

මෙම රොබෝවරයා පඩිපෙළෙන් පහළට වැටීමට පෙර එකතැන කැරකී ඇති බවත් පසුව පඩිපෙළෙන් පහළට වැටී ඇති බවත් ගුමී නගර බලධාරීහු ප්‍රකාශ කළහ.

සියදිවි හානි කරගත් රොබෝ වෙනුවෙන් ගුමී නගරවාසීන් ශෝකය පළකර ඇති බවත් වැඩිදුර පරීක්ෂණ සඳහා රොබෝවරයාගේ සිරුර නගර බලධාරීන් රැගෙන ගොස් ඇති බවත් කොරියානු මාධ්‍ය වාර්තා කළේය.

මෙම රොබෝවරයාට නගර සභාවේ ලියකියවිලි එහාමෙහා රැගෙන යාමේ කාර්ය පැවැරී තිබී ඇති බවත් මෙම අනතුර සියදිවි නසා ගැනීමක් බව නගරවාසීන් හඳුන්වන බවත් කොරියානු මාධ්‍ය සඳහන් කළේය.

 



අදහස් (6)

රෝබෝවක් සිය දිවි නසා ගනී

Asela Wednesday, 03 July 2024 06:26 AM

පවුලේ ප්‍රශ්නයක් වෙන්න ඇති. එකත් එකටම ඉස්සරින්දා රෑ හොඳට බොන්න ඇති. ඕවට අත දාන්න හොඳ නැහැ

:       2       6

රංබෙිඩ Wednesday, 03 July 2024 09:24 AM

මිනිය කපලා කොටස් රස පරීක්ෂකට යැව්වාම සිය දිවි නසාගත් ක්‍රමය හොයාගන්න පුළුවන් වෙයි. මිනිස් සංකල්ප...

:       2       5

ලසන්ත Wednesday, 03 July 2024 09:28 AM

එහෙනම් සිවිල් සේවයේ සෙට් එක නිසා අනිත් අයට සියදිවි නසාගන්නයි වෙලා තියෙන්නේ!

:       2       4

hasitha hasith Wednesday, 03 July 2024 09:45 AM

බොරු කියන්නෙපා බන්...!

:       0       8

Dileepa Wednesday, 03 July 2024 01:29 PM

සමහරක්විට මෙයත් ෆෝන් එකෙන් වීඩියෝ ගේම්ගහන්න පුරුදුවෙලා ඉන්න ඇති...

:       2       9

de silva Wednesday, 03 July 2024 03:38 PM

අපේ රජයේ කන්තෝරුවල, ගබඩාවල කෝටි ගණන් වටිනා ආරක්ෂක කැමරා, පරිගණක පද්ධති, රොබෝලා වැනි දේවල් තවම පැකින් පිටින් තිබෙනවා .. මේවා සවිකරන්නේ නැහැ. ඒවා සවිකළොත් එම දෙපාර්තමේන්තු වල වැඩ කරන 98%ක් පමණ පගාගහන නිලධාරියන්ට සියදිවි නසාගන්න වෙන නිසා.., මේවා පිළිබඳ විස්තර තව අවුරුදු 3-4 කෝප් කමිටුවේදී අනාවරණය වේවි...!

:       1       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 129 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2044 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1570 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site