(ලසන්ත නිරෝෂණ පෙරේරා )

වීදී ලාම්පු සදහා රත්නපුර මහ නගර සභාව ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලින් විදුලි බල මණ්ඩලයට අයවිය යුතු රුපියල් මිලියන ගණනක මුදල් නොගෙවීම නිසා රතු නිවේදන නිකුත් කර තිබේ .

රත්නපුර මහ නගර සභාවට වීදී ලාම්පු සදහා රුපියල් ලක්ෂ 38 ක ව්දුලි බිලක් මාසිකව ලැබෙන අතර හිග බ්ල්පත් ගෙවෙන ලෙස මෙවර ව්දුලි බ්ල් පත සමග නිවේදනය ඒවා ඇතැයි නගර සභාවේ බලධාරියෙකු පැවසිය .

රත්නපුර මහා නගර සභාව මෙන්ම බලන්ගොඩ ,ඇබිළිපිටිය නගර සභා ද සෙසු පළාත් පාලන ආයතනද මෙම ගැටලුවට මුහුණ දි ඇති අතර පළාත් පාලන ආයතන වලට මෙම මුදල් ගෙවිමට හැකියාවක් නැති බැවින්  වීදි ලාම්පු වල විදුලිය ව්සන්ධි නොකරන ලෙස රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව ව්දුලි බල මණ්ඩලයට දැනුම් දුන් බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතා පැවසිය .

විදුලි බල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවත්විදුලි  පහන් මගින් සිදු වන්නේ ජනතාව ට සේවයක් බවත් රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපතිවරයා පැවසිය .
රත්නපුර දිස්ත්‍රික්කයේ සමහර පළාත් පාලන ආයතන වලට කිසිදු ආදායමක් නැති අතර සමහර පළාත් පාලන ආයතන වලට මෙතරම් ව්ශාල මුදලක් ගෙවිමේ හැකියාවක් නොමැති බවද ඔහු සදහන් කළේය .

රත්නපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් අරුණ උපුල් මහතා පැවසුවේ ව්දුලි බ්ල්පත් සමග දැනට මාස තුනක පමණ සිට ව්සන්ධි කිරිමේ නිවේදන ලැබෙන බවයි.

රත්නපුර මහ නගර සභා බල ප්‍රදේශයේ  වීදි ව්දුලි පහන් අටදහස් ගණනක් ඇතැයි ද රත්නපුර නගරයේ විදී ලාම්පු හත්සිය  පහක් (705) ව්දුලි බල මණ්ඩලය ව්සින් නඩත්තු කරන බවද ඔහු පැවසිය

 නියාමන ව්‍යාපෘතියක් ලෙස සූර්‍ය් ව්දුලි බල පද්ධති සවි කිරිම කෙරේහි අවධානය යොමුවි ඇතැයි රත්නපුර නාගරික කොමසාරිස්වරයා මෙහිදී පැවසිය .