පළාත් කිහිපයකට අදත් වැසි නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 29 February 2024
මෝටර් රථයක් කොල්ලකෑ දෙදෙනෙක් අත්අඩංගුවට කුලී ගමනක් යන මුවාවෙන් මෝටර් රථයක් රැගෙන ගොස් රියදුරට මත්පානයක් ලබාදී මෝටර් රථයක් කොල්ලකෑම සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් දෙදෙනෙකු මුල්ලේරියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 29 February 2024
උපාධි සහතිකය ගෙදර තබා පැල් රකින ගෙවිලිය රැකියාවක් නොමැතිව ගිනියම් අව්වේ මහ පොළව සමග හැප්පෙමින් රැය පහන් වන තුරු එම වගා අලින්ගෙන් ආරක්ෂකර ගැනීම ගහක් උඩ තැනූ පැලක පැල් රකින උපාධිකාරි එක් දරු මවක අනුරාධපුර මහවිලච්චිය පේමඩුවේ දී අපට හමු විය. 29 February 2024
කොටහළු මගුලේදී තරුණයකු මරයි වැලිපැන්න පොලිස් වසමේ හොරවල ප්‍රදේශයේ දී අද රාත්‍රි තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කර ඇති බව වැලිපැන්න පොලිසිය පවසයි . 28 February 2024
මාරක දුම්රිය අනතුරින් පසු මගීහු පිරිසක් දුම්රිය වටලති යතුරු පැදියක ගමන් ගනිමින් සිටි තරුණයකු මුන්දලම පුලිච්චාකුලම දුම්රිය හරස් මාර්ගයෙදී දුම්රියෙ ගැටි මරණයට පත් විමේ සිද්දිය මුල් කර ගනිමින් ඇතිවු සිද්දියෙන් පසු 500 කට අධික පිරිසක් දුම්රිය ගමන නවතාලමින් පැවති විරෝධය හේතුවෙන් අද සවස දුම්රීය ගමන පැයකට ආසන්න කාලයක් නැවති ගිය බව මුන්දලම පොලිසිය කියයි. 28 February 2024
බළලා මැරු සැකකරුට මොලේ බලවාගෙන එන්නැයි නියෝගයක් අසල්වැසි නිවසක බළලාට පොහොය දවසේදී මැරෙන තුරු පොල්ලෙන් පහරදුන් බව කියන සැකකරුගේ මොළේ පරීක්ෂා කරගෙන එම මානසික වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන්නැයි වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා අද නියම කළේය. 28 February 2024
නාවික නිදහස රකින්න ලංකාව කැපවී සිටිනවා ඉන්දියානු සාගරයේ නාවික නිදහස ආරක්ෂා කිරීම අරමුණු කරගත් උපායමාර්ගික ස්ථාවරත්වයක් පවත්වාගෙන යාම වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. 28 February 2024
රොනීගේ දේහය මැති සබයට නෑ ලාංකේය දේශපාලන ක්ෂේත්රයේ පෙරළිකාර චරිතයක් මෙන්ම හිටපු මුදල් අමාත්‍යවරයකුද ප්‍රකට ආර්ථික විශේෂඥයකුද වූ රොනී ද මැල් මහතාගේ අවසන් කටයුතු මාතර රුහුණු විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පළමුවැනිදා පස්වරුවේ සිදුකිරීමට නියමිතය. 28 February 2024
එස් ටී එෆ් වෙඩි පහරින් මිය ගිය සෙබළාට රැකවරණය දුන් සිව්දෙනා රිමාන්ඩ් මහබාගේ ඇල්පිටිවල ප්‍රදේශයේ ඌරු මස්කඩයක් තුළදී එහි හිමිකරු වන සංවිධානාත්මක අපරාධකරුවකු වන වැල්ලේ සාරංග නැමැත්තාගේ මස්සිනා පසුගිය 21 වැනිදා වෙඩි තබා ඝාතනය කිරීම සඳහා යතුරු පැදිය පැදවු යුද හමුදා සෙබළාට සැඟවී සිටීම සඳහා ආධාර අනුබල දුන්නැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අඹුසැමි යුවළක් ඇතුළු සුරියවැව ප්‍රදේශයේ සිව්දෙනෙකු ලබන මස 04 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා අද (28) නියම ක 28 February 2024
අස්වැසුමට බොරු තොරතුරු දුන් 7000ක් දොට්ට 2024 ජුනි මාසයේ සිට අස්වැසුම ප්‍රතිලාභී පවුල් ඒකක ප්‍රමාණය ලක්ෂ 24ක් දක්වා වැඩි කිරීමට සියලු කටයුතු සූදනම් කර ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය. 28 February 2024
විදුලි ගාස්තුව සියයට 14 කින් අඩු වෙයි ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිසමට පසුගිය 22 වැනිදා යොමු කළ යෝජනාවෙන් විදුලිය ගාස්තුව සියයට 14 කින් අඩු කිරීමට යෝජනා කර තිබේ. 28 February 2024
විදුලිසැර වැදී අයෙක් මරුට ආගරපතන ග්රෙන්ගල් වතු යායේ පුද්ගලයකු ජල මෝටරයක් ක්‍රියාත්මක කිරිමට යාමේදි එහි විදුලි සැර වැදිමෙන් මිය ගොස් ඇතැයි පොලීසිය කියයි. 28 February 2024
ඇමැති විජයදාස මහ බැංකුවට දෙහිකපයි රටේ ආර්ථිකය බිංදුවට වැටීම සම්බන්ධයෙන් වැඩිම වගකීම ඇත්තේ මහ බැංකුවට බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. 28 February 2024
බියගම ජලනල ගබඩාවක ගින්නක් බියගම බන්ඩරවත්ත ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයකට අයත් ජල නල ගබඩාකර කර තිබූ ස්ථානයක් ආසන්නයේ අද (28) සවස හටගත් ගින්නනක් හේතුවෙන් විශාල ප්‍රදේශයකට හානි සිදුව ඇතැයි බියගම පොලිසිය පවසයි 28 February 2024
රිය අනතුරින් මහවැලි නිලධාරියා මරුට කැකිරාව මහ ඇලගමුව ප්‍රදේශයේදී පාපැදියක් හි මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් 60 හැවිරිදි දෙදෙරු පියෙකු මිය ගොස් තිබේ. 28 February 2024
ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය එළියට බංග්ලාදේශයට එරෙහිව ලබන 4 වැනිදා ආරම්භ වන තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 17 කින් යුත් ශ්‍රී ලංකා සංචිතයක් නම් කර තිබේ. 28 February 2024
මහනුවර පාස්පෝට් කන්තෝරුවේ ගැටුම විසඳන්න පොලීසිය මැදිහත්වෙයි මහනුවර පේරාදෙණිය පාරේ පිහිටි විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරනු ලබන කාර්යාලයේ නිලධාරීන් සහ එහි විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණි ජනතාව අතර අද ( 28) නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය. 28 February 2024
බඹරු ඇන සිසුන් 10ක් රෝහලේ බඹර ප්‍රහාරයකට ලක්වූ හල්දුම්මුල්ල බත්ගොඩවත්ත ප්‍රදේශයේ පාසල් දරු දැරියන් දස දෙනකු අද( 28) සවස හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුලත් කළ බව හපුතලේ පොලිසි පැවසීය 28 February 2024
කඩොලා රැකීමෙන් ලංකාව අංක එකට කඩොලාන රැකීමේ ගෝලීය ප්‍රමුඛයා ලෙස එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හයවන සැසිවාරයේ දී (UNEA-6) ශ්‍රී ලංකාව සම්මාන ලබා ගත්තේය. 28 February 2024
නලීන් ප්‍රනාන්දු ලෝක වෙළෙඳ සැසිවාරයට යයි වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අබුඩාබිහිදී පැවැත්වෙන 13 වැනි ලෝක වෙළෙඳ සංවිධානයේ අමාත්‍ය මණ්ඩල සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී විය. 28 February 2024
’’ජනපතිගෙන් ප්රජාතන්ත්රවාදයට මරාගෙන මැරෙන ප්‍රහාරයක්’’ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නීතියේ ආධිපත්‍යට අභියෝග කරමින් හැකි සෑම අවස්ථාවකම නීතිය සෙල්ලමකට ගෙන ඇති බවත් ප්රජාතන්ත්රවාදයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරමින් හෝ බලය රැකගැනීම ආණ්ඩුවේ උවමනාව බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (28) පැවසීය. 28 February 2024
අල්ලන්නත් කලින් දමිතා යුවල ඇප ඉල්ලයි කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාට අපේක්ෂිත ඇප ලබාදෙන ලෙස ඉල්ලමින් නීතිඥ තරිඳු වික්‍රමනායක මහතා මෝසමක් මාර්ගයෙන් අපේක්ෂිත ඇප අයැදුම් පත්‍රයක් ගොනු කළේය. 28 February 2024
’’කතානායක ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා’’ පාර්ලිමේන්තුව වාර අවසාන කර තිබෙන අවස්ථාවක ව්‍යවස්ථාපිත කරුණක් සඳහා අත්සන් කිරීමේ බලයක් කතානායකවරයාට නොමැති වුවත් කතානායකවරයා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතට අත්සන් කළේ පාර්ලිමේන්තුව වාර අවසාන කර තිබියදී බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී පැවැසීය. 28 February 2024
කතානායක විශ්වාසභංගයට ශ්‍රීලනිපයේත් සහය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහාය පල කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත 28 February 2024
පොලිස් බලතල හැර බලය බෙදන්න සූදානම් පොලිස් බලතලවලට අතගහන්නේ නැතිව බලය බෙදා හැරීම සම්බන්ධයෙන් ක්‍රියා කළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 28 February 2024
සළිඳුගේ වාර්ථාවක් ගන්න අවසර ඉල්ලයි රැඳවුම් බාරයේ සිටින සළිඳු මල්ෂිත නොහොත් කුඩු සළිඳු අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් උගුර, කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි නීතිඥ ඉවෝන් නිරාෂා මහත්මිය මෝසමක් මාර්ගයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කළාය. 28 February 2024
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් අද පාරේ විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩ සාමාජිකයෝ ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් අද (28) වර්ජනයක නිතරව සිටිති. 28 February 2024
අල්ලස් චෝදනා ලැබූ පී එච් අයි නිදොස්කොට නිදහස් හෝටලයක වාර්ෂික වෙළඳ බලපත්‍රය ගැනීමට අවශ්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාව දීම සඳහා රුපියල් 10,000 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි බෝවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා තීරණය කළේය. 28 February 2024
ගම්පහ දුම්රිය ස්ථානයේ ටිකට් කවුළු දෙකක් වහයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හිඟය හේතුවෙන් ගම්පහ දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් කවුළු දෙකක් අද පෙරවරුවේ වසා දැමූ බවත් ඒ හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත් වූ බවත් දුම්රිය ස්ථානාධිපති සංගමයේ උසස් නිලධාරියෙක් පැවසීය. 28 February 2024
’’ස්විට්’’ තානාපතිනිය පාර්ලිමේන්තුවට ගොස් මැතිවරණ ගැන අසයි ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය සිරි වෝල්ට් (Siri Walt) මහත්මිය සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේ දී සිදුවිය. 28 February 2024
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026