ණය පොලු තැබූ තෝරු මෝරු 10 හෙළි කරන්න ලංකා බැංකුව සහ මහජන බැංකුව යන බැංකුවලින් වැඩිම ණය ලබාගෙන නොගෙවා සිටින සිටින තෝරු මෝරු දස දෙනා හෙළි කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අද (24) ඉල්ලීමක් කළේය. 24 November 2023
රිය අනතුරින් තරුණිය මරුට ත්‍රීරෝද රථයක් සහ තාර ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් ගලේවෙල නගර මධ්‍යයේදී ගැටී රෝද රථයේ ගමන් ගත් තරුණියක මියගොස් තවත් තරුණියක් සහ මව පියා තුවාල ලබා දඹුල්ල සහ ගලේවෙල රෝහල්වලට ඇතුළත් කර ඇතැයි ගලේවෙල පොලිසිය කියයි 24 November 2023
අවහිර වු උඩරට දුම්රිය මාර්ගය යථා තත්ත්වයට වර්ෂාවත් සමඟ පස්කදු ගල්පර්වත කඩා වැටීමෙන් අවහිර වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ අතර දුම්රිය ධාවනය අද ((24) පෙරවරුවේ සිට යථා තත්වයට පත් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි 24 November 2023
කිරි අල රටේ ඇති පදං කිරි අල, මඤ්ඤොක්කා, බතල, ඉන්නල ආදී අල වර්ග දේශීය අවශ්‍යතාවයට සරිලන පරිදි වගා කර ඇති බැවින් මෙම අල බෝග ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. 24 November 2023
දුම්රිය ආසන වෙන්කිරීමේ මාර්ග ගත පහසුකම් දියුණු වෙයි දුම්රිය ආසන වෙන්කිරීමේදී ජනතාව වෙත පැන නගින ගැටළු සඳහා නව ඩිජිටල් ක්‍රමවේදයක් දුම්රිය දෙපාර්තමේන්තුව හදුන්වාදුන් බවත් ඒ අනුව RDMNS.LK දුරකථන යෙදවුම නවතම විශේෂාංගය රැසකින් සමන්විත කර ඇති බවත් දුම්රිය මගීන්ගේ නිල සමූහය පැවසීය. 24 November 2023
ගාසා පාසලකට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් කටාරයේ මැදිහත් වීමෙන්, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර, එකඟත්වයක් ඇති වී, සටන් විරාමයකට යෑමටත්, හමාස් ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීමටත් නියමිතව තිබියදී, ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ පාසලකට බෝම්බ ප්‍රහාර එල්ල කළේය. 24 November 2023
ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ට අද නිදහස කටාරයේ මැදිහත් වීමෙන්, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇතිකර ගත් එකඟතාව, අද (24) ඊශ්‍රායලයේ වේලාවෙන් උදෑසන 7 ට ක්‍රියාත්මක වීමට නියමිතය. 24 November 2023
සබරගමුව,මධ්‍යම සහ බස්නාහිර හවස වැසි සබරගමුව,මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 24 November 2023
ඩොලර් ගෙනෙන්නෝ සම්මාන ලබති අපනයන ආර්ථිකයක් ඇති කිරීමේ දී දැනට පවතින අපනයන වැඩිදියුණු කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර ඒ සඳහා නව අපනයන ක්ෂේත්‍ර කෙරෙහිද අවධානය යොමු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. 24 November 2023
බන්ධනාගාර නියාමකට පහරදුන් කුඩු හිතවතා මාට්ටු බන්ධනාගාරය තුළ සිදු කරන මත් කුඩු වැටලීම් නවත්වන ලෙසට තර්ජනය කරමින් බන්ධනාගාර නියාමකවරයකු ගේ මිනුවන්ගොඩ නිවසට කඩා වැදී ගිනි අවි පෙන්වා ඔහුට පහර දී තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය පවසයි. 24 November 2023
මෙරට බිළිඳුන් පිට රැටියන්ට විකිනීම ගැන විමර්ශනයක් දරුකමට හදාගැනීම සඳහා විදේශීය පුද්ගලයන්ට ශ්‍රී ලාංකික බිළිඳුන් අළෙවි කිරීමේ සංවිධානාත්මක කල්ලියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාට අද (23) කරුණු වාර්තා කර ඇත. 23 November 2023
ලංවීම ලොක්කිට රට චාරිකාවට සපත්තු සහ බෑග් මණ්ඩලේ බිලට ප්‍රංශයේ සති තුනක අධ්‍යාපන චාරිකාවකට සහභාගීවන ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරිනියකට මිලදී ගත් රුපියල් 35,000 ක සපත්තු කුට්ටමකට සහ රුපියල් 28,000 ක බෑගයකට විදුලිබල මණ්ඩලය රුපියල් 63,000 ක මුදලක් ගෙවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා පැවසීය. 23 November 2023
මහනුවර මාර්ගයක් භාවිතය භායානකයි ගල් කුට්ටි සහිත පස් කඳු පෙරලීමෙන් මාර්ගය අවහිර විය හැකි බැවින් ගන්නෝරුව - ගොහාගොඩ ප්‍රධාන මාර්ගය භාවිතයෙන් වළකින ලෙසට ජාතික ගොඩනැගිලි පර්යේෂණය සංවිධානය අද දැනුම් දුන් බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ඉන්දික රණවීර මහතා පවසයි. 23 November 2023
බඩල්කුඹුරේ පවුල් 28ක් ඉවත්කරයි බඩල්කුඹුර අංකඩ වරාදොලවත්ත සිදුවු නාය යාමක් හේතුවෙන් අවධානමට ලක්වු පවුල් 28ක් වහාම එම ස්ථානයෙන් ඉවත්කිරිමට පියවර ගත්බව මොනරාගල දිස්ත්‍රික් අපදා ලකමණාකරණ ඒකකයේ නියෝජ්‍ය අධ්යක්ෂ රවින්ද්‍ර කුමාර මහතා ලංකාදිපයට පැවසිය. 23 November 2023
චූඩාමානික්‍ය සොරාගත් තිදෙනෙක් දැලේ මීගහතැන්න පොලිස් වසමේ පොල්ගම්පොල වික්‍රමශීලා විහාරස්ථානයේ චෛත්‍යයේ සවිකර තිබූ චූඩාමානික්‍ය සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අද පස්වරුවේ අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බළකායේ නිළධාරීන් පිරිසක් සමත්ව ඇත . 23 November 2023
උයන්දන සමූපකාර බැංකුව මහ දවල් කොල්ල කයි කුරුණෑගල උයන්දන පිහිටි සමූපකාර ග්‍රාමීය බැංකුව අවිගත් පුද්ගලයන් දෙදෙනෙකු අද පස්වරුවේ මංකොල්ලකා පලා ගොස් ඇති බව දොරටියාව පොලීසිය පවසයි. 23 November 2023
විදුලිබල ප්‍රතිව්‍යුහගතකරණයට ඉන්දීය විදුලි ප්‍රබලයෙක් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසහනට සහය වීමට ආසියානු සංවර්ධන බැංකුව, ඉන්දීය මධ්‍යම විදුලිබල අධිකාරියේ හිටපු සභාපති ආචාර්ය පන්කජ් බාත්රා මහතා පත්කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 23 November 2023
ඖෂධ ජාවාරමේ සැබෑ හොරු නිදැල්ලේ ඖෂධ ජාවාරමට සම්බන්ධ සැබෑ හොරුන් නිදැල්ලේ සිටියදී වංචාවලට සම්බන්ධ විශාල හොරෙක් අත් අඩංගුවට ගත් බව පෙන්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වෛද්‍ය සැපැයුම් අංශයේ අධ්‍යක්ෂක වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා අත් අඩංගුවට ගෙන ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ප්‍රකාශ කළේය. 23 November 2023
හරක් කටාලට එන හැම කෝල් එකක් ම චෙක් කරනවා හරක් කටා වගේ අයට එන හැම කෝල් එකක්ම චෙක් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 23 November 2023
වර් ජන මැද අධිවේගියේ ආදායම කෝටි දෙක පනී අධිවේගී මාර්ගවල මුදල් අයකරන සේවකයන් (මුදල් අයකැමියන්) පෙරේදා (22) පෙරවරුවේ සේවයෙන් ඉවත්වීමෙන් පසුව ත්‍රිවිධ හමුදාව යෙදවා මුදල් අයකිරීමෙන් රුපියල් දෙකෝටි දසලක්ෂයකට (21,044,755) අධික ආදායමක් ලැබුණු බව මාර්ග සංවර්ධන අධිකාරිය ඊයේ (23) නිවේදනය කළේය. 23 November 2023
දුරකථන ටැප් කරන්න බුද්ධි අංශ ඕන නෑ රටේ බුද්ධි අංශය පාර්ලිමේන්තු පනතකින් ම ස්වාධීන ආයතනයක් බවට පත් කළ යුතු බව සජබ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 23 November 2023
බස්-කාර් හැපී තිදෙනෙක් රෝහලේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 13.1 බන්ඩාරගම ගැලනිගම ප්‍රදේශයේදී ඊයේ (23) සවස ඇඟලුම් සේවිකාවන් ප්‍රවාහනය කල බස් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් ඇඟලුම් සේවිකාවක් ඇතුළු තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව දක්ෂිණ අධිවේගී ගැලනිගම රථවාහන පොලිසිය කියයි 23 November 2023
ආරක්ෂක-මහජන ආරක්ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂ වැඩි ඡන්දයෙන් සම්මතයි ආරක්ෂක සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශවල වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේදී ඊයේ(23) වැඩි ඡන්ද 68 කින් සම්මත විය. 23 November 2023
ප්‍රාණ ඇපකරුවන්ට හෙට නිදහස ? හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් හෙට (24) දිනයේ නිදහස ලබනු ඇතැයි විශ්වාස කෙරේ. හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ ප්‍රාණ ඇපකරුවන් ලෙස ඊශ්‍රායල වැසියෝ 240 ක් පමණ සිටියහ. 23 November 2023
චීනයෙන් තවත් වසංගතයක් ? නව නිව්මෝනියා රෝගී තත්ත්වයක් ඇති කරන මීට පෙර හදුනා නොගත් නව වයිරසයක් චීනයේ පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි. 23 November 2023
ඇළට පැන්න සැකකරු අල්ලන්න ඇළට පැන්න පී.සී අතුරුදන් මාංචු පිටින් ජාඇල ඇළට පැන පලායාමට තැත් කළ සැකකරුවකු අල්ලා ගැනීමට ඇළට පැන්න පොලිස් කොස්තාපල් වරයකු ඇලේ දිය වැලට අසුව අතුරුදහන්ව ඇතැයි ජාඇල පොලිසිය පවසයි. 23 November 2023
අමරකීර්ති ඝාතකයන් ඇපදීමට එරෙහි පෙත්සම විභාගයට ගෝඨාගෝගම අරගලය පැවැති සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා මරා දැමූ සිද්ධියේ විත්තිකරුවන් 37 දෙනාට ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණය මගින් ඇප ලබා දීමේ නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා නීතිපති ගොනුකර ඇති අභියාචන පෙත්සම පෙබරවාරි 12 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය. 23 November 2023
කොළඹට පැය 16කට ජල කප්පාදුවක් කොළඹ 11 සිට 15 දක්වා ප්‍රදේශ 5 කට හෙට (24) පැය 16 ක් ජල සැපයුම අත්හිටුවන බවත් ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලය පවසයි. 23 November 2023
ක්‍රීඩා ලේකම්ගෙන් අභියාචනාධිකරණයට ප්‍රකාශයක් විදෙස් වලින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබෙන මුදල් වියදම් වන ආකාරය පිළිබඳ රජයේ විගණනයට භාජනය විය යුතු බවත් එම මුදල් හිතු මනාපයට වියදම් නොකර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් වියදම් කළ යුතු බවත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. 23 November 2023
සමනළ,උඩවලව,චන්ද්‍රිකා පිටාර මට්ටමට සමනළ වැවේ පෝෂක ප්‍රදේශවලට මේ දිනවල ඇද හැළෙන තද වර්ෂාවත් සමග සමනළ,උඩවලවේ සහ චන්ද්‍රිකා වැව පිටාර මට්ටම පැමිණ තිබේ. මෙයින් මේ වන විට උඩවලව ජලාශයේ වාන් දොරටු සියල්ල විවෘතකර ඇත. 23 November 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026