
(ජේ ඒ එල් ජයසිංහ, චන්දන උඩුවාවල සහ විශේෂ ෂේන් සෙනෙවිරත්න)
අලදෙණිය නුගවෙල පාසල් හන්දියේ මාර්ගය අයිනේ සිටි සිසුන් පිරිසක් එම මාර්ගයේ ගමන්ගත් ලොරියකට යටවීමෙන් තුවාල ලැබූ දරු දැරියන් හය දෙනකු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
වයස අවුරුදු 11- 12 අතර දරුවන් මෙසේ තුවා ලබා ඇති අතර දැරියන් හතර දෙනකු, දරුවන් දෙදෙනකු සහ මවක තුවාල ලැබුවන් අතර සිටින බව පොලිසිය කියයි.
ඉන් දරුවන් කීප දෙනකු තරුමක් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
අලදෙණිය පොලිස් වසමේ නුගවෙල පාසල් හන්දියේ නුවර කුරූණෑගල ප්‍රධාන මාර්ගයේදී ඊයේ දහවල් 2.15ට පමණ මෙම අනතුර සිදුව ඇතැයි අලදෙණිය පොලීසිය පවසයි.
අනතුර සිදුකළ ලොරිය කුරුණෑගල සිට මහනුවර දෙසට ධාවනය වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔතන එක පිරිමියෙක්වත් හිටියේ නැද්ද? ලොරිය එලවපු ආලවකයාගේ අතපය කඩලා ලොරිය ඇතුළටම දාලා ලොරිය ගිනිතියන්න... ලැජ්ජයි.
මෝඩ අදහස් ප්‍රකාශ කරන්න එපා... ගන්න පුළුවන් වන්ඩිය නැති කරන්න එපා...