
(රෝෂන් තුෂාර)
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1194 අතුරුදන් විමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ගබඩාභාරකාර සැකකරු ලබන 16 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (03) නියෝග කළේය.
කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ගබඩා භාරකාර ගයාන් සම්පත් නමැති සැකකරු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
රජයේ දේපළ සාපරාදී සාවද්‍ය පරිහරණය කරමින්,රජයේ සේවකයෙකු ලෙස විශ්වාසය කඩකිරීම, සාවද්‍ය පරිහරණය හා සොර බඩු නිතී විරෝධීව බැහැර කිරීම යන පොදු දේපළ පනත යටතේ යටතේ ගැනෙන වැරදි සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරු ට එරෙහිව විමර්ශන සිදුකරන බව විමර්ශන නිළධාරීන් අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.
සුරා බදු දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට භාර දී තිබූ එම මත්පැන් බෝතල් තොගය අධිකරණය විසින් රාජ රාජසන්ත කර තිබී ඇති අතර සැකකාර ගබඩා භාරකරු එකී මත්පැන් උපයෝගී කර ගනිමින් සාද පවත්වා ඇති බවට කරුණු ඉදිරිපත් කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කරුණු ඉදිරිපත් කළේය.
සෙසු මත්පැන් බෝතල් වලට කුමක් කළේදැයි විමර්ශන සිදුකර අධිකරණයට වාර්තා කරන ලෙසටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙහිදී පොලීසියට නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි කාමරවලට ද්විත්ව පාලන ක්‍රමවේදය භාවිත කිරීමට අපහසු ඇයි?
අධිකරණ ඇමති කිව්වා නේද හිටපු නඩුකාර තුමා වගකියන්න ඕන කියල... නිවැරදිව යතුරෙන් විවෘත කර අරගෙන කියල.