(උපුල් හේරත්)
අනුරාධපුර හිදෝගම දි අත්අඩංගුවට ගත් වරෙන්තුකරුවකු අසනීප තත්ත්වයක් හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදි අත් විලංගුව ගලවා ඇඳ මත තබා පැන ගොස් ඇතැයි වාර්තා වේ.
හිදෝගම පොලිසියෙන් නිලධාරීන් විසින් මෙම තැනැත්තා සැකපිට අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රශ්න කිරීමේදී අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය පැවති නඩුවකට පෙනී නොසිට මගහරිමින් සිටි අයකු ලෙසට විවෘත වරෙන්තුවක් නිකුත් කිරීමෙන් පසු එම තැනැත්තා එලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ඔහුගේ ශරීරයේ සුළු තුවාල හා අසනීප තත්ත්වයක් තිබුණා යැයි කියන කරුණු පදනම් කර ගනිමින් නචිචාදුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ වාට්ටු අංක 11ට ඇතුලත් කර ඇත. එසේ සිටියදී ඔහු පැන ගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලධාරීන් උදව් කරන්න ඇති පැනලා යන්න. පගාව අරන්