IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


කරවල හොද්දට වැටුණු දියණිය මරුට

(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්)

පොසොන් බත් දන්සලක කරවල හොදි කල්දේරමට වැටී බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි 9 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක මියගොස් ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි .

මෙසේ මියගොස් ඇත්තේ පානදුර, බෙක්කේගම ප්‍රදේශයේ පදිංචිව සිටී ශයනි මෙතුම්සා නමැති දැරියක බව සදහන් වේ.

පොසොන් පොහොය නිමිත්තෙන් පානදුර ප්‍රදේශයේ  බත් දන්සලක් පවත්වා ඇති අතර , පසුගිය 23 දින දැරිය සිය මව සමග එහි රැදී සිටීයදී දැරිය කරවල හොදි කල්දේරමට වැටී ඇති බව පැවසේ.

බරපතල තුවාල ලබා සිටි දැරිය පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු, ඇයගේ තත්වය බරපතල බැවින් කොළඹ රිජ්වේ ආර්යා රෝහලට මාරු කර යවා සිටියදී මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

 



අදහස් (17)

කරවල හොද්දට වැටුණු දියණිය මරුට

namal Wednesday, 03 July 2024 02:52 PM

පෝය දවස්වලට කරවල උයලා කරන පව ගියේ අසරණ යකාගෙන්.

:       162       42

ධනුෂ්ක සුරවීර ආරච්චිThursday, 04 July 2024 06:27 PM

අනිවාර්යයෙන්ම ඉතිං... පව් අහිංසක දරු පැටියා...

:       5       14

fairoos Wednesday, 03 July 2024 03:06 PM

ඉතාම කණගාටුයි...

:       12       91

Nimal Jayasooriya Wednesday, 03 July 2024 03:58 PM

අනාරක්ෂිත බව නිසා සංවිධායකයින්ට අනිවාර්යයෙන්ම නඩු පැවරිය යුතුය.

:       18       107

Anula Wednesday, 03 July 2024 04:00 PM

ආරක්ෂිතව කරන්න බැරි නම් නොකර ඉන්න.

:       14       107

Chandanie Wednesday, 03 July 2024 04:39 PM

කල්දේරම වසා තැබුවා නම් ඔහොම වෙන්නෙ නැහැ ඊළඟට ඔතනට කුඩා දරුවෙක් අරගෙන ගිය අම්මා වුනත් වැරදියි

:       20       112

Ruwan De Silva Wednesday, 03 July 2024 08:40 PM

මේ මරණයට වරද සංවිධායක කරපු අය, නීතිය ඒ අයට දඬුවම් දෙන්න ඕනේ... වගේම වන්දිත් අය කරගන්න ඕනේ.. අනිත් මිනිස්සුන්ට ආදර්ශයක් විදියට...!

:       4       4

අරවින්ද මොනරවිල Wednesday, 03 July 2024 08:51 PM

නොසැලකිල්ල හා දරුවන් පිළිබඳව සමාජයේ පවතින අඩු අවධානය නිසා සිදුවූ විපතක්.., සමහර මව්වරුන්ට දරුවන් ගැන හොයනවට වැඩිය කරන්න වැඩ බොහෝමයි.

:       5       29

Rata Perata Wednesday, 03 July 2024 09:53 PM

ඉතාම කණගාටුදායක පුවතක්. මෙවන් අකල් මරණයක් නොවේවා...!

:       3       17

Rohana Wednesday, 03 July 2024 09:54 PM

දැන් තේරෙනවා ඇති දන්සැලද, දරුවාගේ ජීවිතේද වඩා වැදගත් කියලා... කරන්න බැරි දන්සැල් නොකර හිටියා නම් ඉවරයි...

:       15       12

beau Thursday, 04 July 2024 02:32 PM

වැටුණාද? කවුරු හරි විදියකින් තල්ලු කලාද ළමයා කරදර කරමින් සිටින නිසා? කොහොමද නම හැවිරිදි ළමයෙක් කල්දේරමකට වැටෙන්නේ?

:       5       18

Minidu Sanjith Thursday, 04 July 2024 05:41 PM

දැන් ඉතින් මොනවා කිව්වත් වැඩක් නෑ... අනික කරෝල කෑල්ලක් නැත්තම් සමහර අය දන්සල් වලට යන්නෙත් නෑ. සමහරු සීලවන්තයෝ වෙන්න කොමන්ට් දානවා.. ගෙනා අයුෂ එපමණයි.. අපිටත් හෙට මොනවා වෙයිද අපි දන්නෙත් නෑ...

:       5       24

දංදෙනියේ දීරානන්ද හිමි Thursday, 04 July 2024 07:43 PM

අස්සකෝ ලෝකේ සබ්බං පහාය ගමනීයං මෝ ලෝකෙ අනිත්‍යයි. ඉතින් අපේ ජීවිත නිත්‍ය වෙන්නේ කොහොමද? වයස් බේදයක් නෑ. ගෙනාපු ආයුෂ කොපමණද? එතැනින් ජීවිතේ නියමයි. තේරුම් අරන් ජීවත් වෙන්න තෙරුවන් සරණයි...!

:       5       29

Gimhan Rohana Thursday, 04 July 2024 09:54 PM

අම්මා කොල්ලො එක්ක chat කර කර ඉන්න ඇති

:       3       8

uddika Friday, 05 July 2024 08:20 AM

තනිකර නොසැලකිල්ල නිසා සිදුවූ මරණයක්

:       1       10

Sithum malinga Saturday, 06 July 2024 10:16 AM

පව් අසරණ දරුවා...

:       0       2

මංගලිකා රනසිංහ Saturday, 06 July 2024 12:34 PM

දන්සල් වලට මස් මාංෂ සපයන්න සතුන් මරන්නෝ සතුන් මරා වැඩිපුර අකුසල ක්‍රියාව කරගන්නවා කියලා දන්සල් දෙන අයට නොතෙරෙන හැටියක්. නිර්මාංෂ ආහාර වේලක් දෙන්න කොයිතරම් එළවළු මේ රටේ තියෙනවාද? කුසල් කරනවා කියලා එකතු කරගන්නේම අකුසල්...

:       5       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 698 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17866 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 762 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site