
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණය හෙට (4) ආරම්භ වෙයි.
මෙවර මැතිවරණයේ දී වැඩි වාසි ඇත්තේ වසර 14 ක් තිස්සේ බ්‍රිතාන්‍යයට නායකත්වය දුන් කොන්සවර්ටිව් පක්ෂයට නොව, ප්‍රතිවාදී විපක්ෂය වන කම්කරු පක්ෂයටය.
මැතිවරණයට මඟ පෑදුණේ පසුගිය මැයි 22 වැනිදා, පාර්ලිමේන්තුව විසුරුවා, මහ මැතිවරණයකට යා යුතු යැයි පාලක කොන්සවර්ටිව් පක්ෂ නායකයා මෙන්ම, අග්‍රාමාත්‍යවරයා ද වන රිෂී සුනාක් තීරණය කළ බැවිනි.
බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරයා හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. හෙට දිනයේ (4) පැවැත්වෙන මහ මැතිවරණයට කොන්සවර්ටිව් පක්ෂයෙන් රිෂී සුනාක් සහභාගී වන අතර, ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන්නේ විපක්ෂ නායක මෙන්ම කම්කරු පක්ෂයේ නායකාය ද වන කීර් ස්ටාර්මර්ය. තවත් කුඩා පක්ෂ සහ ස්වාධීන පක්ෂ වෙන් වෙන්ව, කොන්සවර්ටිව් පක්ෂයටත්, කම්කරු පක්ෂයටත් සහාය දෙයි.
මහා බ්‍රිතාන්‍යය එසේත් නැතිනම් එක්සත් රාජධානිය යනු එංගලන්තය, උතුරු අයර්ලන්තය, ස්කොට්ලන්තය සහ වේල්සයයි. ලෝකයේ හයවැනි ආර්ථික බලවතා එක්සත් රාජධානියයි. එක්සත් රාජධානියේ ජනගහනය මිලියන 67 කි.
ඡන්ද මධ්‍යස්ථාන සියල්ල හෙට (4) උදෑසන 7 ට ආරම්භ වන අතර, රාත්‍රී 10 තෙක් විවෘතව තැබෙනු ඇත. පශ්චාත් මැතිවරණ අනාවැකි පළ කිරීම රාත්‍රී 10 න් පසු බ්‍රිතාන්‍ය මාධ්‍ය ආයතන විසින් සිදු කරනු ලැබේ.
(බීබීසී)
COMMENTS
සදහටම ගේම් ගගහා බලයේ ඉන්ඩ හදන බලලෝබි බඩගෝස්තරවාදි දූෂිත දේසපාලුවෝ නම් චන්දේ වළක්වන්ඩ නම් ඕනෑම දෙයක් කරයි.
ලංකාව ආදර්ශයට ගන්න. ලංකාවේ නම් කරන්නේ පාලක පක්ෂයට අවාසි නම් මැතිවරණ නොතියා ඉන්න විවිධ විකල්ප ක්‍රම සොයාබලා ඒවා ක්‍රියාවට නැංවීමයි. ඒකට හොඳ වැඩක් අදම පටන්ගත්තා. ව්‍යවස්ථාවේ හිලක් හොයාගෙන ඒකෙන්වත් මැතිවරණය කල්දමා ගන්න පුළුවන්ද කියලා බලන්න අධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකළා. ඉතින් හෙටම බ්‍රිතාන්‍ය මැතිවරණය පවත්වන නිසා දැන් ඒ ගැන කතාකරලා වැඩක් නෑ. මින් ඉදිරියට මැතිවරණ පවත්වනවා නම් සහ තවදුරටත් බලයේ ඉන්න ආසා කරනවා නම් ලංකාවෙන් උපදෙස් ගන්න...
මිලියන හැට හතක ජනගහනය. ඡන්ද පදනම මිලියනයද?
ලංකාවෙන් පාඩම් ඉගෙන ගන්න. තමන්ට බලයක් නොලැබෙන බව දැන දැනම මැතිවරණ පවත්වනවා. මේ වගේ අවස්ථාවකට ලංකාව මූන දුන්නොත් මෙහේ නම් මැතිවරන තියන්නේ නෑ. මැතිවරණයට අවශ්‍ය අරමුදල් නොදී හරි නැත්නම් ව්‍යවස්ථාවේ අඩුපඩුවක් හරි හොයලා තවදුරටත් බලය රැකගැනීමට අපමන වෙහෙසක් අපිනම් දරනවා. ඒ අතින් බ්‍රිතන්‍යයේ ඔබලා ඉන්නෙ අපටත් වඩා සැතපුම් ගනනක් පිටිපස්සෙන්.