
(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය දේපළ ප්‍රතිව්‍යුහගත හෝ විකිණීම සිදු කරන්නේ නම් ඒ සදහා ඉදිරිපත් වන සමාගම් හෝ පුද්ගලයින් පිලිබදවත් ඔවුන්ට එම රාජ්‍ය ආයතන ලබාදීම සදහා සලකා බලනු ලැබූ නිර්නායකයන් මොනවාදැයි වහාම රටට හෙලිකරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය.
විශේෂයෙන්ම මත්තල ගුවන් තොටුපොළ හිල්ටන් හෝටලය මෙසේ ප්‍රතිව්‍යුහගත කරනවා නම් එයට ආයෝජනය කිරීමට පැමිණි අයවලුන්ට එම ආයතන ලබාදීමේ දී අනුගමය කල ක්‍රියාපටිපාටිය කුමක්ද සලකා බැලූ නිර්නායක මොනවාද යන්න රටට හෙලිදරව් කළයුතු බවද නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.
රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරනවා නම් ඊට සුදුසු සමාගම් හෝ පුද්ගලයින්ට ලබාදිය යුතු බවත් වඩාත් පාරදෘශ්‍ය හා විනිවදභාවයකින් සිදුකළ යුතු බවත් නාමල් රාජපක්ෂ අවධාරණය කළේය.
පාරදෘශ්‍යභාවයකින් තොරව කඩිමුඩියේ කරන ගනුදෙනුවලට තමා විරුද්ධ බවත් නාමල් රාජපක්ෂ පැවසීය.
රාජ්‍ය ආයතන විකිණීම තමන්ගේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිය නොවන බවත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශැංග්‍රිලා එකට ඉඩම් දුන්නේ අපිද? එතකොට හම්බන්තොට වරාය? වරාය නගරය? එක්කෝ මුන්ට පිස්සු.. නැතිනම් අපිට පිස්සු.
ඔයා මේ රජයේ කෙනෙක්ද?
ජනාධිපතිව පත්කලේ අපිද?
රටම හොරාකාලා විනාශ කරපු දූෂිත පවුල් පාලනේ හොර පෙරකදෝරුවන් කියන දේවල් දැන් කවුරුවත් විස්වාස කරන එකක් නැහැ. නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරලා, හොඳට තිබුණු අපේ රට මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ, නාස්තිය කරලා වළපල්ලට ඇදලා දැම්මේ බලලෝභී බඩගෝස්තරවාදී කාලකන්නි දූශිතයින්ට සාපවෙනවා... රටට කරපු විනාසෙට ස්වබාව ධර්මයෙන් හෝ දඬුවම්ලැබේවා...!
රාජපක්ෂ වර්ගයේ ප්‍රතිපත්තිය - රාජ්‍ය දේපල කොල්ල කෑම...
ඒක රාජපක්ෂ ප්‍රතිපත්තිය...!
පොහොට්ටු ප්‍රතිපත්තිය කම්බා හොරුන් වටකරගෙන ජනතාව රවට රවටා බොරු කිය කියා ගසා කෑම.
හොර දූෂිතයෝ කිට්ටු කරගෙන රටම හොරාකාලා විනාශ කරපු එක ,පොහොට්ටුවේ ප්‍රතිපත්තිය කියලා අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .
රාජ්‍ය දේපල විකීණීමට අමතරව හොරා කෑමද පොහොට්ටු ප්‍රතිපත්තියයි. ෂංග්‍රිලා හෝටලේට යුධ හමුදා මූලස්ථාන ඉඩම විකුණා සංතෝසම් ගත්තේ මාළිමාවේ අයද? ඔබට වක්‍රාකාරව අයිති ක්‍රිස් සමාගමද? රජයේ ඉඩම් විකුණා පුද්ගලික ක්‍රිස් සමාගම කොමිස් ගන්නේ කොහොමද…? ඇතුළට යන්න ලෑස්ති වෙන්න හලෝ….
දැන් අපිද ඔය ජනාධිපති පත් කොරගත්තේ. අනේ නිකං පාඩුවේ ඉන්නවද වැල් බයිලා කියන්නේ නැතිව ඡන්දේ එනකම් රටවැසියන්ට කැමති පාලකයෙක් පත්කරගන්න...
ඔලුව අවුල් වෙච්ච පිස්සෙක් වගේ තැන තැන ගිහින් මනස්ගාත දොඩවන්න එපා. තාත්තටයි පුතාටයි ලැජ්ජාව කියල එකක් නැහැ වගේ. ඔච්චර අමාරුවක් තියෙනවනම් ගිහින් පාරලිමේන්තුවේදී සභා ගැබේදී ඕක කියනවකො. නිකම් මේ පාලු අම්බලම් වල වලන් බිඳින්නේ නැතුව.
එතකොට කිරිපුතේ අර හමුදා මුලස්ථානය වික්කේ අපේ මුත්තගේ කාලේ වෙන්න ඇති නේද ? අනි මේ පලයන් මහත්තයෝ යන්න . උඹලට තවත් මේ රටේ මිනිස්සු ගොනාට අන්දවන්න බැහැ . පොහොට්ටුවේ වුණත් උඹට වඩා නායකත්වයට සුදුසු අය ඉන්නවා . උඹ දන්නා කෙන්ගෙඩියක් නැහැ .
මුට අප්පච්චි රජ කරපු කාලේ රාජ්‍ය දේපලවලට කරපු අපරාද අමතක ඇති නේ. හෙලිකොප්ටර‍් එකෙන් ලංකාව වටේ ගියපු හැටි හොර ගෑනුන්ට. රජයේ රැකියා. වැඩ්නොකර පින්පඩි දෙහිවල තට්ටු දෙකේ ගෙදර. තමුන්ගෙ නේද. කපුටා. රජයේ දේපල වල නේද මාලිගා හැදුවේ. මුන්ගෙ මුලු පරම්පරාවම රජයේ දේවල් භුක්ති වින්දේ දැනටත් විදින්නේ. රජයේ මුදල් හොරා කාලා නාකි මයිනා ගොබ්බයො තුන් දෙනාට පෙලවක් කරලා දුන්නා රැකියා නැහැ නමුත් ගෑනු දරුවෝ සැප විදින්නේ මිනිහට මහ බුදලයක් තියෙනවා වගෙ නුගතා පිනට කහිනවා
ඉස්සර කාලයේ ලංකාවේ සමහරක් මිනිස්සු දුම්කොළ කෑල්ලට බත් චුට්ටකට තමන්ගේ ඉඩකඩම් දීලා අන්තිමේ අද අයිතිය යටතේ ඒවා වගාකලා ඒ වගේ තමයි ගෙවීමට බැරි තරම් ණයට අරගෙන සින්න වුනාම වෙන්නෙ නුඹලා කරපු ආකාරයට කලාම වෙන්නේ ඒක තමයි නුඹලාගේ පක්ෂයේ හැම එකාම වගේ එජාපය පට්ට ගැහුවා අන්තිමේ එහි නායකයා ජනාධිපති කරලා පණ බේරාගත්තා දැන් ආයෙමත් පැරණි පුරුද්දට මඩ ගහන්න අරගෙන කියලා පේනවා
මොකෝ මෙයාගේ පොල් රැවුල බලලා තියෙන්නේ?
ඇත්ත ඔබලා තමයි විකුණන තරමට රට පත් කලේ කාමිස් ගහලා අනවශ්‍ය ව්‍යාපෘති ගෙනැල්ලා
ඔව් ඉතින් මේවා ආණ්ඩුවේ පාලනයේ තියනතාක් ඔයගොල්ලන්ට හොඳයි නේ. කොමිස්, අල්ලස් නැන්දලා මාමලට සභාපතිකම් ඔක්කොකොම බෙදාගන්න පුළුවන්නේ. ලිට්රෝ එක/එයාර් ලංක එකසැරයක් දීල, මේක ජාතික සම්පතක්නේ කියල අපහු අරගෙන දුන්න ගේම දන්නවනේ. රස දන්නා නිසා අයෙත් විකුනන්නේ නෑ ඉතින්.
හෙන ගැහුවා වගේ ඇත්ත කියන්නෙ නාමල් තුමා. පොහොට්ටු ප්‍රතිපත්තිය රාජ්‍ය දේපළ විකිණීම නොවේ. රාජ්‍ය දේපළ සොරා කැම තමා පොහොට්ටු ප්‍රතිපත්තිය!
අනේ ඔව් ඒත් පාර්ලිමේන්තුවේ අනුප්‍රාප්තික ජනාධිපති පත්වූදා සිට අද මේ ද ක්වා සියලූ රාජ්‍ය සම්පත් විකිණීම පොහොට්ටුවේ බහුතර මංත්‍රී චන්දයෙන් සම්මත වී ඇත. ඇරත් පොහොට්ටුව කලේ රාජ්‍ය සම්පත් මංකොල්ල කෑමයි.
මේවා පාර්ලිමේතුවේ සම්මත උනේ අපි ඇත උස්සලද ?
රාජපක්ෂ පරම්පරාව තම රට විකිණිම පටන් ගත්තා. කාලෙකින් රාජපක්ෂ පාලනය
එතකොට මේ ආණ්ඩුව කාගේද?
අපගේ ප්‍රතිපත්තිය ගසා කෑමයි
ඔව් තමුන්ලා කරන්නේ රාජ්‍ය දේපොල හොරා කෑම නේ
මේ වෙලාවේ විකුණන එක පොහොට්ටුවට ඉතා අවැසි සහගතය 1) චන්දයක් ඉස්සරහට එනවා .විකුණලා දැම්මොත් චන්දෙට අවසිවෙනවා , 2) මේ වෙලාවේ මේවා විකුණලා දැම්මොත් පාර්ලිමේන්තු චන්දෙ ඉස්සරහට එන නිසා වෙලාවට ඩීල් එක දමාගන්න බැරිවෙන නිසා කොමිස් කුට්ටිය තමන්ට නොලැබී අලුතෙන් එන දේශපාලුවන්ට ලැබෙන්න පුළුවන් , 3 ) ලංකාවේ ආර්ථික ප්‍රශ්න නිසා , මේවගේ වටිනාකම බැහැපු නිසා කොමිස් කුට්ටිය අඩුවේ . හොදම දෙය මේවා තියාගෙන වවාගෙන කන එක , එතකොට වුර්තිය සමිති කාරයන්ගේ චන්ද ටිකත් ලැබෙනවා ,
පොහොට්ටුවේ ප්‍රතිපත්තිය පවුලේ අය,හතර වරිගෙම ඉන්න උන් කිට්ටු කරගෙන රටම හොරාකාලා කාබාසීනියා කරපු එක.
විකුණනවාට විරුද්ධ නම් කට්ටියම එළියට බැහැලා විරෝධය පානවාකෝ.
විකුණනවට විරුද්ධ නම් පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එන්න පුළුවන් , පොහොට්ටුවට පාර්ලිමේන්තු බහුතරයක් තිබෙනවා , විරුද්ධ පක්ෂවලිනුත් කවුරු කවුරු හරි එකතු වේවි , පනතකින් මේවා පහසුවෙන් සම්මත කරගන්න පුළුවන් , මෙය හදන්නේ හදන්නේ නිකන් බොරු කියල අපිව අන්දවන්න
පොහොට්ටුවේ මන්ත්‍රී කෙනෙක්නේ මෙයා. මහින්ද නිසා දිනපු. මෙයාට වැඩිය සුදුසු පුද්ගලයෝ ඕකේ ඉන්නවා ඕනේ තරම් ඒ ගැන කතාකරන්න. මෙයා කව්ද, මොනවද තියෙන විශේෂ සුදුසුකම්. තව පොහොට්ටුවේ වුණත් යමක් තේරෙන මිනිස්සු ඉන්නවා. ඔය පැත්තකට වෙලා ඉන්න ඡන්දේ එනකං... මාලදිවයින පැත්තේ එහෙම ගියේ නැතෙයි ලඟදි..