
(රන්ජන් කටුකම්පල)
ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථකථනයක් ලබා දෙන තෙක් ජනාධිපතිවරණය පැවැත්වීම අත්හිටුවන නියෝගයක් නිකුත් කරන්නැයි මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරමින් නීතිඥ චමින්ද්‍ර ලෙනව මහතා ඉල්ලා ඇත .
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 (2) වගන්තිය නියමිත පරිදි සංශෝධනය කර නොමැති එබැවින් මෙම අර්ථකථනය ලබාදෙන ලෙසත් සඳහන් කර ඇත.
පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, කොමසාරිස්වරුන් සමග නීතිපතිවරයා නම් කර ඇත.
පෙත්සම විභාග කොට අවසන් වන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 (2) වගන්තිය නියමිත පරිදි සංශෝධනය නොවූ බවට නියෝගයක් නිකුත් කරන ලෙසත් මේ පෙත්සම මගින් අදාළ නීතිඥවරයා ඉල්ලා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය දිනවල එක් කෙනෙකුට පැන්ශන් යන්න නොදී තියාගන්න ට්‍රයි කලේ මොකද ? කියලා හිතන්නේ මට විතරයි ද?
අන්තිම තුරුම්පුව?
පිනාද කිව්වේ නඩුවක් දාන්න කියලා
ඊට කලින් පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ක්‍රියාත්මක කරලා හිටපල්ලා....
අනිවාර්‍යයෙන් ජනපතිවරණය මුදල් නාස්තියක් . රනිල් තව අවුරුදු දෙකක් බලයේ සිටිය යුතුයි. මොකද නය ප්‍රශ්නෙ යන්තම් විසදුව විතරයි
මුහුනු පොතේ ජනාධිපති හැර අනිකුත් අය කැමති මුදල් නාස්‍තිකාර ජනපතිවරණ නොතබා ඉන්නවට
පින් ජනපතියා පත් කෙරුවේ ගෝඨා ගේ ඉතිරි දූර කාලය වෙනුවෙන් ,අනුප්‍රාප්ති ජනාධිපති කමට කිසිම ජනප්‍රසාදයක් නැති ,ආසනයෙනුත් පැරදුණු රනිල්ව තියාගන්ඩ වටේ ඉන්න දූෂිතයන්ට ඕන කමක් ඇති ?
විලිලැජ්ජාවක් කියන එක නැත්නම් මොනවද කරන්න බැරි
වන්දි භට්ටයෝ දාලා එක එක සෙල්ලම් කරලා ඡන්දේ මඟ හරින්නමයි හදන්නේ .
ජනමතයට බය වීම ,බල තන්හාව සහ ලැජ්ජාවක් නොමැති කම මිසක් වෙන දෙයක් මෙමගින් පෙන්නුම් කරන්නේ නැත
වසර 09 කට පමණ ඉහත බලාත්මක වුණ නීතියක් තමන්ට අවාසියක් වගේ දැනෙනකොට නින්දෙන් අවදිවෙලා වගේ තමන්ගේ මුලික ඓතිවාසිකම් කඩ උණා කියල නඩු දන්නා පුලුවන්ද? මෙහෙම ගියොත් මැතිවරණයක් කවදාවත් තියන්න ලැබෙන එකක් නැහැ මේවා යහපත් රටකට වැරදි පූර්වාදර්ශ නේද ?
බලෙන් ඉන්න හදන්නේ ඡන්දයකින් එන්න බැරිබව හොදටම දන්නා නිසයි.ඒ නිසා ව්‍යවස්ථාවෙන් හරි රිංගන්න පුළුවන් තැනක් තිබේද බලන්න මූලික අයිතිවාසිකම් පෙත්සමක්හරි ඉදිරිපත්කරලා බලනවා.මෙහෙමත් බලයට කෑදර මිනිස්සු ඉන්න රටක් නේද කියල. හිතෙනවා.