
(අංජුල මහික වීරරත්න)
ගමන කඩාකප්පල් කරන කුමන්ත්‍රණකාරීන්ගේ ගැට වලට හසු නොවී ඉදිරි මැතිවරණය සඳහා සූදානම් වන්නැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංග බණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරුන් වෙනුවෙන් පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය අමතා පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේදී පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.
කලාප සංවිධායකවරුන් අතර පවතින සමගිය පක්ෂයේ අභිවෘද්ධියට මනා පිටුවහලක් බවද මහලේකම්වරයා කීය.
මෙහිදී ජනාධිපතිවරයා අතින් එජාප කලාප සංවිධායකවරුන් පත්වීම් ලිපි ලබා ගත් අතර උත්සවය අමතමින් එජාප මහ ලේකම්වරයා මෙසේද පැවසීය.
ප්‍රශ්න වලට මැදිහත් වුවහොත් අපේ අරමුණ කරා යන්න බැරි වෙනවා. කලාප සංවිධායක පත්වීම ලබාගත් ඔබ ඒ කාර්යභාරය ඉටු නොකරන්නේ නම් කණගාටුවෙන් වුවද ඒ තනතුරෙන් ඉවත් කිරීමට සිදුවෙනවා.
එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන,එජාප සභාපති වජිර අබෙිවර්ධන, උපනායක අකිල විරාජ් කාරියවසම් මහත්වරු ප්‍රමුඛ එජාප නායකයෝ ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
(ඡායාරූප:- ප්‍රදීප් පතිරණ )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමන්ත්‍රණයකින් ජනාධිපති වෙලා රටේ මුලු ජනතාවගේ ජීවිතයම කඩාකප්පල් කරලා තව කියවන්නත් එනවා..
..බල්ලෝ ලිහාදමා, මාසාජ් කරන්න කොසු ඉදල් මෝල්ගස් රෙඩි කරගෙන , ස්නානයට මුත්‍රා පිරවූ බාල්දි රෙඩි කරගෙන ජනතාව බලා සිටිති ..ආසන සංවිධායකයෝ එනකම් ජනතාව ප්‍රීතියෙන් බලා සිටිති, නොඉවසිල්ලෙන් බලාසිටිති.
ඡන්දය තියන්න අපි හොදට කළ ගුණ සළකන්නම්
ඔහු පරදින බව ඔහු දනී ඒකයි එයා නිතරම කියන්නෙ එන්න අපි එකතුවෙලා රට හදමු, එකතුවෙලා රට මංකොල්ලකන්න
ඡන්දෙ කල් දාන එකනේ කුමන්ත්‍රණය...
අපිනම් අහුවෙන්නේ නෑ. පොහොට්ටුවෝ 134 දෙනා තමයි අහුවුණේ.
පුරවැසියාගේ නායකයෝ පැනලා දිව්වා. දැන් කයිවාරු ගහ ගහ රට පුරා ඇවිදිනවා පිස්සුවෙන්.