
(රෝෂන් තුෂාර)
මරණීය දණ්ඩනය නියමව බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින දෙමටගොඩ චමින්ද ගේ බිරිඳ ඩුබායි හි සිට මෙරට පැමිණීමේදී වහාම අත්අඩංගුවට ගෙන රහස් පොලිසියට ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ආගමන විගමන පාලකවරයාට නියෝගයක් නිකුත් කරමින් අද (03) දන්වා සිටියේය.
රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය.
මත්ද්‍රව්‍ය ජාවාරම් කර නීති විරෝධී අන්දමින් උපයාගත් රුපියල් කෝටි 50 කට අධික දේපළක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් විදේශයකට පලාගොස් ඇති සැකකරිය අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බවත්,ඊට අදාළ නියෝග නිකුත් කරන ලෙසත්,නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
සැකකාරිය පසුගිය වසර දෙක ඇතුළත මෙරට ප්‍රධාන පෙළේ රන් උගස් මධ්‍යස්ථානයකට රුපියල් ලක්ෂ තිහක රන් භාණ්ඩ උකස් කර ඇති බවත්,සැකකාරියගේ නමට වී 8 වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක්, හා බි.එම්.ඩබ්ලිව කාර් රථයක් හා මිගමුව ප්‍රදේශයේ රුපියල් කෝටි තිස්පහකට අධික වටිනාකමින් යුත් හෝටලයක් ඇති බවය.
සැකකාරියට එරෙහිව විමර්ශන ආරම්භ කිරීමෙන් පසුව මෙම දේපළ විකිණීම අන්සතු කිරීම හෝ පැවරීම වළක්වමින් කොළඹ මහාධිකරණය මගින් අත්හිටුවීමේ නියෝගයක් ලබාගත් බවද රහස් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යනකම් දන්නේ නෑ... එනකොට තමයි අල්ලාගන්න ඉන්නේ. පුදුම රටවල් මේ...
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ එවුන් එල්ලන්න තියන්නේ. පාතලයෝ රට පනින්න්නේ උන්ගේ උදව්වෙන් තමයි.
මේවා ප්‍රසිද්දකර කරන දේවල්?