
(එම්. කේ. නන්දසේන)
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ මෙවර ඇසළ පෙරහර මංගල්‍යය අති උත්කර්ෂමත් අයුරින් මෙම මස (06)දා ආරම්භ කරන බව දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා පවසයි.
මෙවර උදාවී ඇති නැකැත් අනුව දින 16 ක් පුරාවට පෙරහර පැවැත්වීම විශේෂ සිද්ධියකි.
ජුනි(06) යින් ඇරඹෙන පෙරහැර ලබන 21 දින මහ පෙරහැර පවත්වා 22 දින මැණික් ගඟේ දිය කැපීමෙන් පසු නිමාවට පත්වනු ඇත.
අලි ඇතුන් 30 දෙනෙකු පමණද, උඩරට, පහතරට, සබරගමු සම්ප්‍රදායන්ට අදාළ සහ ජාතික තරුණ සේවා සභාවට අදාළ නර්තන කණ්ඩායම් රැසක් යොදවා පෙරහර මංගල්‍යය වර්ණවත් කිරීමට කටයුතු යොදා ඇතැයිද නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd