(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

හිගුරක්ගොඩ දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ සිතාසි බෙදන සහ ඇස්කිකි ක්‍රියාත්මක කරන පුද්ගලයා පුද්ගලයෙකුගෙන් රුපියල් 20000 ක අල්ලස් මුදලක් මින්නේරිය පංචකර්ම රෝහල තුළදී  ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.

මින්නේරිය ප්‍රදේශයේ පුද්ගලයකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත

.හිගුරක්ගොඩ  දිසා අධිකරණයේ මෙම මස 31 වෙනිදින  වීමට නියමිත නඩුවක් වසර දෙකකින් පසුව අධිකරණයේ කැඳවීමට අවශ්‍ය කටයුතු සලසා දීම වෙනුවෙන් එම පුද්ගලයාගෙන් රුපියල් 25000 ක මුදලක් ඉල්ලා එකී මුදල රුපියල් 20000 ක් අඩුකර ඉල්ලා ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි