(රෝෂන් තුෂාර)

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමකින් මාස හයකට පසුව වකුගඩු දෙකම අහිමිව මියගිය දැරියගේ ශල්‍යකර්මය කළ විදෙස්ගත වෛද්‍යවරයාගෙන් වහාම ප්‍රකාශයක් ලබාගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවල මහතා රහස් පොලිසියට අද (03) නියෝග කළේය.

වෛද්‍යවරයා විදෙස්ගතව ඇත්නම් ස්කයිප් තාක්ෂණය ඔස්සේ එම ප්‍රකාශය ලබා ගන්නා ලෙසට මහේස්ත්‍රාත්වරයා උපදෙස් ලබා දුන්නේය.

වකුගඩුවක් අසාත්මිකව රෝහලට ඇතුලත් කළ දැරිය වකුගඩු සැත්කමෙන් පසුව මිය ගොස් ඇති බවත්,දැරිය මිය මිය යාමට පෙර වෛද්‍ය පර්යේෂණ කළ වෛද්‍යවරයා හා සැත්කම කළ වෛද්‍යවරයා ඕස්ට්‍රේලියාවට ගොස් ඇති බවට රහස් පොලිසිය කළ කරුණු දැක්වීම් වලින් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

2022දෙසැම්බර් 22 වන වම් වකුගඩුවේ සංකූලතාවයක් හේතුවෙන් දැරිය රෝහලට ඇතුලත් කර සැත්කමකර මාස හයකට පසුව වකුගඩු දෙකම අහිමිව මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරේ.