(ආරියරත්න රණබාහු)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා වශයෙන් දයාසිරි ජයසේකර මහතාට අධිකරණය ලබාදුන් තීන්දුව පිළිගන්නා බව පක්ෂයේ හිටපු සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය
ඒ අනුව ජයසේකර මහතා සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවත් ලංකා නිදහස් පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් කිරීමට සූදානම් බවත් සඳහන් කළේය
හිටපු ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කළේ අධිකරණයේ තීන්දුව ගැන සතුටු වන බවත් ඒ අනුව කිසිදු මතභේදයකින් තොරව හිටපු ජනාධිපතිවරයා සමගද පක්ෂය වෙනුවෙන් සිය නොමද කැපවීම ඉදිරියටම සිදුකරන බවය අධිකරණයේ තීන්දුව ප්‍රකාර තමාගේ ලේකම් තනතුර සඳහා කිසිවෙකුටත් බාධා කිරීමට නොහැකි බවද හෙතෙම සිහිපත් කළේය
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ පාර්ශවයෙන් එම කණ්ඩායමේ ඉදිරි ක්‍රියාමාර්ග විමසීමට ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද ඊට ප්‍රතිචාරයක් නොලැබිණි
කෙසේ වෙතත් එම කණ්ඩායමේ ලේකම් ධූරය සම්බන්ධයෙන් අධිකරණය වෙත යෑමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෛත්‍රී පිල සූදානම් වන බවද ආරංචි මාර්ග සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිලේ සභාපති ලෙස පත්කර ගෙන ඇති අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පත්වීම සම්බන්ධයෙන් අධිකරණය මගින් වාරණ නියෝගයක් පනවා තිබේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඒක එහෙමම තමයි පතෝලයෝ. ඔයාට අධිකරණයේ තීන්දුව පිළිගන්නම වෙනවා. නැතුව අධිකරණයේ තින්දුව ගැන තැන් තැන්වල, ඔය දේශපාලන මීටින් තියෙන කක්කුස්සි ගානේ අභියෝගකරලා අහුවුනොත් , ජම්පර් එකක්වත් නැතිව " අමු නිර්වස්තරයෙන් " බරපතල වැඩ ඇතුව අවුරුදු 10 කට හිරේ දානවා...
මූ වගේ දෙපැත් නයෙක්
ලංකා ඉතිහාසය වෙනස් කර රට විනාශ කිරීමට මුල් පිරූ පක්‍ෂය. සිංහල ජාතිකත්වය කියල මිනිස්සුන්ගේ ඔලු අවුල්කල අන්‍යාගමික නායකයෙක් රටම විනාශ කලා. ජනසතුකරනය දේශීය ධනපතියන් විනාශ කිරීම තම හිතවතුන්ට ජනසතුකරනය කල ආයතන පාලනය දී ඒවා කොල්ලකෑම පසුකලෙක තම මතයට විරුද්ධ පුවත්පත් විනාශ කිරීම... අධ්‍යාපනය සිංහල හෝ දෙමල පමණක් කිරීම.. සියල්ල රටේ බංකොළොත්බව ලැබීමට හේතුවුනා...