උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරයි අපොස උසස් පෙළ විභාගයේ (2022) නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (24) නිකුත් කළ බවත් එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවියට පිවිස විභාග අංක ඇතුළත් කර ගතහැකි බවත් විභාග දෙපාර්තමේන්තුව පවසයි. 24 November 2023
සජිත්ට-රංජිත්ට එරෙහි පෙත්සම විසිවෙයි සමගි ජනබලවේගය පක්ෂයේ සභාපති සජිත් ප්‍රේමදාස සහ එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහත්වරුන්ට එම ධුර දැරීමට නිත්‍යානුකූල හැකියාවක් නොමැති හෙයින් එම ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා අද (24) ප්‍රතික්ෂේප කළේය. 24 November 2023
ඩීසල් භූමිතෙල් වැට් බද්දෙන් නිදහස් ඩීසල් සහ භූමිතෙල් සියයට 18 ක වැට් බද්දෙන් නිදහස් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය. 24 November 2023
බ්‍රිගේඩියර චන්දන මේජර් ජනරාල් තනතුරට නිර්දේශ කරන්නැයි නියෝගයක් පාබල හමුදාවේ බ්‍රිගේඩියර් චන්දන රණවීර මහතා මේජර් ජනරාල් තනතුරට උසස් කිරීමට ජනාධිපතිවරයාට නිර්දේශ කරන ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය හමුදාපතිවරයාට අතුරු නියෝගයක් නිකුත් කළේය. 24 November 2023
ශානි කෝටි 100ක වන්දි ඉල්ලයි බොරු චෝදනා මත තමා අත්අඩංගුවට ගෙන අධිකරණය අනිසි ලෙස භාවිතා කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් සිය ආත්ම ගරුත්වයට කළ හානිය වෙනුවෙන් පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන්ගෙන් රුපියල් කෝටි 100 ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා කොළඹ දිසා අධිකරණයේ අද වන්දි නඩුවක් ගොනු කළේය. 24 November 2023
මහවිරු උත්සව කළොත් වෙන දේ පොලිස්පති අධිකරණයට දන්වයි ලබන 27 වැනිදා සිට ඉදිරි දිනවල පැවැත්වීමට සංවිධානය කොට ඇති අනීතිකව සිදු කරනු ලබන මහවිරු සමරු උත්සව සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ විධිවිධාන අනුව කටයුතු කරන බව පොලිස්පතිවරයා සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර අධ්යක්ෂවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. 24 November 2023
වකුගඩු රෝහලට දැමූ තහනම අභියාචනාධිකරණය ඉවත් කරයි වකුගඩු ජාවාරම සිදු කරන ලදැයි චෝදනා ලැබ සිටින පෞද්ගලික රෝහලේ සැත්කම් කිරීම තහනම් කරමින් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති ලිපිය බල රහිත කරන රිට් ආඥාවක් අභියාචනාධිකරණය නිකුත් කළේය. 24 November 2023
ජනපතිගෙන් සුමන්තිරන්ට පිළිතුරක් ව්‍යවස්ථා දායක සභාව පාර්ලිමේන්තුවේ කොටසක්ද? නැද්ද? කියා පාර්ලිමේන්තු කමිටුවක් දමා සොයා බලමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය. 24 November 2023
පාඨලීගේ නඩුවට අතුරු නියෝගයක් 2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේ අපරීක්ෂාකාරීව රිය පදවා රිය අනතුරක් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනු කොට ඇති නඩුව විභාගයට ගැනීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේය 24 November 2023
ඊශ්‍රායල් යුද්ධයට විරෝධය දැක්වූ 5ක් අත්අඩංගුවට නිදහස් පලස්තීනයක් වෙනුවෙන් ජන අරගල ව්‍යාපාරය කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට කළ උද්ඝෝෂණයේදී ජන අරගල ව්‍යාපාරයේ සාමාජිකයින් 5 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. 24 November 2023
ඩොල්ෆින් නුවනින් කකුළු දිවි බේරෙයි බටහිර ඕස්ට්‍රේලියාවේ කකුළුවන් අල්ලා ගැනීම සඳහා පුද්ගලයන් මුහුදට දමන කකුළු උගුල්වල තිබෙන ඇම ඩොල්ෆින් මත්ස්‍යයින් කණ්ඩායමක් බුද්ධිමත් ලෙස සොරකම් කරන අයුරු ප්‍රථම වරට මුහුද යට කැමරාවලට හසු වී ඇත. 24 November 2023
එමිරේට්ස් ඊශ්‍රායලයට ගුවන් ගමන් නවත්වයි එමිරේට්ස් ගුවන් සේවය ඊශ්‍රායලය වෙත සිදු කෙරෙන සිය ගුවන් ගමන් මෙහෙයුම් නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිහිටුවා ඇති බව එමිරේට්ස් නිල වෙබ් අඩවිය නිවේදනයක් මගින් ප්‍රකාශ කර තිබේ . 24 November 2023
අපේ මුහුදෙන් යන නැව්වලින් ඩොලර් උපයන්න පනතක් එයි ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයෙන් යාත්‍රා කරන නෞකා වලින් වාර්ෂිකව රටට ඩොලර් මිලියන 200ක් උපයා ගැනීමට හැකි “විද්‍යුත් නාවික සිතියම්” (Electronic Navigation Charts) නිර්මාණය කිරීමට අවශ්‍ය ජාතික ජලශාස්ත්‍රීය පනත සංශෝධනය කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය. 24 November 2023
ටෙලිකොම් සේවකයෝ කොළඹ විරෝධතාවක ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි ටෙලිකොම් සේවකයෝ කොළඹ කොටුවේ පිහිටි ටෙලිකොම් ප්‍රධාන කාර්යාලය අසළ පැමිණ ටෙලිකොම් ආයතනය පෞද්ගලිකරණය කිරීමට විරෝධය දක්වමින් අද (24) උද්ඝෝෂණයක් පැවැත්වූහ. 24 November 2023
විදුලි බිලට රීලෝඩ් ක්‍රමයක් හදන්න විදුලි බිලටත් රීලෝඩ් ක්‍රමවේදයක් හඳුන්වා දෙන්නැයි පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 24 November 2023
’’ලංවිම’’ ගිනිපොලීකාරයෙක්ට අන්තයි විදුලිය නිපදවන්නට යන පිරිවැයට වඩා 12 ගුණයකට විදුලිබල විදුලිබල මණ්ඩලය ජනතාවට විදුලිය විකුණමින් සිටින බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 24 November 2023
ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පහළට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (23) රැස්වූ අවස්ථාවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් අංක 100 කින් අඩු කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය. 24 November 2023
අම්පාර රෝහලේ වෛද්‍යවරයකු අභිරහස් ලෙස මියගිහින් අම්පාර මහා රෝහලේ අක්ෂි වාට්ටුවේ සේවය කරන වෛද්‍යවරයකු ඔහු නැවති සිටි පෞද්ගලික නේවාසිකාගාරයේ ඇඳ මත මියගොස් සිටියදි හමුවි ඇති බව අම්පාර පොලිස් ස්ථානයේ උසස් පොලිස් නිළධාරියෙක් පැවසිය. 24 November 2023
ජනපතිගේ චෝදනාව ගැන කතානායකගෙන් ප්‍රකාශයක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නව සාමාජිකයන් ඉදිරි සති දෙක තුළ පත් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද(24) පැවසීය. 24 November 2023
මණ්ඩලේ ලාභ ලැබුවොත් ප්රතිලාභ දෙනවා විදුලිබල මණ්ඩලයට වැඩිපුර ආදායමක් ලැබුණහොත් ඒ ප්‍රතිලාභය ජනතාවට දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද ( 24) පැවසීය 24 November 2023
තහනම් කසළ ප්ලාස්ටික් ටොන් ගානකට හොර පාරෙන් අවසර දීලා කසළ ප්ලාස්ටික් ආනයනය තහනම් කර තිබියදී මධ්‍යම පරිසර අධිකාරිය ආයතන කිහිපයකට පසුගිය වසර තුනකදී කසළ ටොන් එක් ලක්ෂ අනූ අට දහසක් ගෙන ඒමට බලපත්රදී ඇතැයි පරිසරය ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණයවූ බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය. 24 November 2023
වෛද්‍යවරයා ඝාතනයට තැත් කළ සාත්තු සේවකයාට වසර 20ක සිර දඩුවමක් වසර 11ට පෙර සෙවනගල රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයාගේ නිළ නිවසේ පිහිටි වතුර ටැංකියට වස මුසු කර වෛද්‍ය වරයා,බිරිද හා දරුවන් දෙදෙනා ඝාතනය කිරීමට තැත්කල එම රෝහලේම සාත්තු සේවකයෙකුට වසර 20ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් ඇඹිළිපිටිය මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල මහතා නියම කළේය. 24 November 2023
නිදන් සෙවූ 5ක් පොලිස් දැලේ නිධන් කර ඇති පුරා වස්තු සෙවීමේ අරමුණින් ගල් තලාවක් මත, කැණීමක් සිදු කරමින් සිටි පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව කවරක්කුලම පොලිසිය පවසයි. 24 November 2023
දුප්පත්ම මිනිස්සු ගල් යුගයට දක්කනවා ලංකාවේ ජනගහනයෙන් අඩු ආදායම් ලබන 31% වන පවුල් ප්‍රමාණය ගල් යුගය දක්වා රැගෙන යමින් තිබෙන බව ජාතික ජනබලවේගයේ පත්කළ මන්ත්‍රිනී හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය. 24 November 2023
දිගටම වැස්සොත් ලයිට් බිල අඩු කරන්න පුළුවන් අධික වර්ෂා තත්ත්වය දිගටම තිබුණොත් ඉදිරියේදී ජනතාවට විදුලි සහනයක් ලබා දීමට හැකි වනු ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 24 November 2023
හිටපු ජනපතිගේ නිවස ඉදිරිපිට කලබල කළ අයෙක් අල්ලයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ 7 විජේරාම මාවත නිවස ඉදිරිපිටට ගොස් සතියක් ඇතුළත සොගැනීමට නොහැකි ලෙස මරා දමන බව පවසමින් කලහකාරී ලෙස හැසිරුණ හිටපු හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි 24 November 2023
නිව්මෝනියා රෝගීන් ගැන චීනය කරුණු දක්වයි නිව්මෝනියා ආසාදන තත්ත්වයක් ඇති කරමින් චීනයේ නගර කීපයක පැතිරෙන නව වයිරස උණ සම්බන්ධයෙන්, චීන සෞඛ්‍ය අංශ ලෝක සෞඛ්‍ය සංවිධානයට පැහැදිලි කිරීමක් කර තිබේ. 24 November 2023
ඕස්ට්‍රේලියානු පොලිසිය ධනුෂ්කට අසාධාරණයක් කරලා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව චෝදනා ගොනු කිරීමේදී ඕස්ට්‍රේලියානු පොලිසිය අසාදාරන අයුරින් කටයුතු කර ඇතැයි සිඩ්නි අධිකරණය අද (24) ප්‍රකාශ කලේය. 24 November 2023
අත යට ගනුදෙනුවක් ගැන නලින් බණ්ඩාර හෙලි කරයි නොරොච්චෝලේ වහන විට ඩීසල් මාෆියාව ක්‍රියාත්මක වී අතයට ගනුදෙනු වෙන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 24 November 2023
කතට කැත වැඩක් කළ දොස්තර අත්අඩංගුවට සිය පෙෘද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට ප්‍රතිකාර ගැනිම සදහා පැමිණි 29 හැවිරිදි කාන්තාවකට ලිංගික අතවරයක් කළ බව කියන වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගත්බව අනුරාධපුර මුලස්ථාන පොලිසිය කියයි. 24 November 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026