IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


1700 වතු කම්කරු ගැසට්ටුව අත්හිටුවයි

(රන්ජන් කටුගම්පොල)

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් අද  (04) නිකුත් කළේය.

වතු කම්කරුවන්ගේ වැටුප් හදිසියේ වැඩි කිරීමෙන් විශාල වශයෙන් රජයට බදු ගෙවන වතු කර්මාන්තය දැඩි අර්බුදයකට ලක් වන බවත් වතු කම්කරු වැටුප් වැඩි කිරීමෙන් සමාගම් අපහසුතාවට පත් විය හැකි බවත් සඳහන් කරමින් වතු සමාගම් 21ක් ගොනු කර ඇති පෙත්සම් විභාග කිරීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අතුරු නියෝගය නිකුත් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ගාමිණී අමරසේකර, ජනක් ද සිල්වා සහ කුමුදුනි වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණි.

වතු සමාගම් 21ක් විසින් ගොනුකරනු ලැබ ඇති මෙම අභියාචන පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් කම්කරු අමාත්‍යවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

පෙත්සම කැඳවූ අවස්ථාවේ ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව අභියාචන පෙත්සම ලබන වර්ෂයේ පෙබරවාරි 18 වැනිදා විභාග කිරීමට දින නියම කෙරිණි.

 



අදහස් (7)

1700 වතු කම්කරු ගැසට්ටුව අත්හිටුවයි

දස්තා Thursday, 04 July 2024 11:31 PM

ඔන්න ඕකයි ලංකාවේ හැටි... පොඩි එකා හැමදාම හිඟමනෙ..

:       2       5

Bandara Friday, 05 July 2024 12:49 AM

අයියෝ පෙබරවාරි 18 වෙනකොට ජනාධිපතිවරණෙ ඉවරයි. ආඬවනේ රනිල්?

:       1       3

Siripala Friday, 05 July 2024 05:12 AM

Bis Mouth (Manusha) ගේ නොදැනුවත්කමට බෙහෙත් නෑ

:       0       3

Nimesh Friday, 05 July 2024 06:33 AM

මේක වතු කම්කරුවන් ගැන අනුකම්පාවෙන් හදපු ගැසට් එකක් නෙමෙයි ,රනිල්ගේ ජනාදිපති වියරුවේ තවත්එක් නාටකයක්

:       1       5

රසික Friday, 05 July 2024 06:41 AM

අත්පුඩි ගහපු සියළුම දෙනාට ජයවේවා.

:       0       4

Saman Friday, 05 July 2024 09:26 AM

රනිල් කියන්නේ ආර්ථික ඔස්තාර් කෙනෙක් නෙවේ. චන්ද ඔස්තාර් කෙනෙක්. ඒක තමයි මේ වගේ මෝඩ තීරණ ගන්නෙ.රට විකුණල හරි පුටුවට යන්න තමයි බැලුවෙ. 2005 මතක් කරගන්න.දැන් මෙයා පිනට ඉන්න නිසා ලොකු හානියක් නෑ.වඳුරා හිටියට දැලිපිහිය නෑ වගේ.

:       1       6

narath Friday, 05 July 2024 09:50 AM

සමහර වතු සමාගම් තම සැබෑ ලාභය සඟවාගෙන පොළී පිරිවැය, ප්‍රධාන කාර්යාල ගාස්තු විශාල ප්‍රමාණයක්, පැහැදිලිව නිර්වචනය නොකළ පාරිතෝෂික ප්‍රතිපාදන, පාඩුවක් ලෙස පෙන්වීමට වතු ගිණුම්වලට විවිධ අයකිරීම් වැනි අනවශ්‍ය හඳුනා නොගත් ගාස්තු අය කරති. නිසි රාජ්‍ය මැදිහත්වීම් සහ එවැනි තත්ත්වයන් කළමනාකරණය කිරීම සහ නිසි නීති රීති සහ ක්‍රියා පටිපාටි හඳුන්වාදීම මගින් දේවල් විසඳීමට සහ මහජනතාවට හෙළිදරව් කිරීමට උපකාරී වනු ඇත. සහ ඔයිල් පාම් වැනි ලාභදායී බෝග සඳහා නිසි අධීක්ෂණ පදනමක් සහිතව අවසර දීම දිනකට 1700ක් නොව 2000කට වැඩි මුදලක් ගෙවීමට උපකාරී වේ.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site