IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අල්ලස් ගත්බව කියන අයි පී රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට පුද්ගලයකුගෙන් රුපියල් 25000ක මුදලක් ලබා ගත්තේ යැයි අත්අඩංගුවට පත් මහාභාගේ පොලිසියේ පොලිස් පරීක්ෂක  ලබන 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළේය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම  පැවසූ කරුණු සලකා බැලීමෙන් පසුව මහින්ද ජයසිරි නැමැති සැකකරු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

වත්තල පල්ලියවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි .

පැමිණිලිකරු විසින් ලබා දී ඇති අගුරු චෙක්පත් දෙකකට අදාලව මහා බාගේ පොලිසි ස්ථානයට කර ඇති පැමිණිල්ල විභාග කර එම අගරු චෙක්පත්වලට අදාල ඉතිරි මුදල මාසික වාරික ගෙවීමට ඉඩ සලසා දීමට හා පැමිණිලිකරු අධිකරණය ඉදිරිපත් නොකර සිටීම සඳහා රුපියල් 25000 අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත සැකකාර පොලිස් පරීක්ෂකවරයා වැලිසර ආර්ථික මධ්‍යස්ථානයට ගමන් කරන මාර්ගයේ දි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්  අත්අඩංගුවට ගත් බව කරුණු ඉදිරිපත් කළේය.

 



අදහස් (1)

අල්ලස් ගත්බව කියන අයි පී රිමාන්ඩ්

ලසන්ත Thursday, 04 July 2024 02:28 PM

අහුවෙන්නේ 0.1% කටත් අඩුවෙන්. බොහෝ දෙනා පැමිණිලි කරන්නේ නෑ, බයට. මම දන්න තැනක ආහාර සඳහා ලයිසන් එක අරගන්න ඉදිරිපත් කරන හැම අයදුම් පතක් සමගම රු1000ක් පියන්ට දෙන්න ඕනෑ. මේකයි රටේ තත්වය.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site