
(දයාරත්න ඇඹෝගම)
තලාව , සුමුදුගම ප්‍රදේශයේ නීති විරෝධිව පවත්වාගෙන ගිය කසිප්පු පොලක් වැටලිමට ගිය තලාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එල්.එම්.එම්.කේ.ලංසකාර මහතාට මන්නා පිහියකින් පහරදි තුවාල කිරීමේ සිද්ධියට කාන්තාවන් දෙදෙනකු ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ ස්ථානාධිපතිවරයා මේ වන විට රෝහල්ගත කර ඇතැයිද තලාව පොලිසිය සඳහන් කරයි .
ලැබුණු තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් නිති විරෝධි කසිප්පු පොල වැටලීමට ගොස් තිබේ.
එහිදී මත්පැන් ජාවාරම්කරුවා සහ ඔහුගේ හිතවතුන් පොලිස් නිලධාරින්ට බාධා කරමින් කලහකාරි ලෙස හැසිරිමේ හේතුවෙන් එම පොලිස් නිලධාරින් විසින් ඒ බව තලාව පොලිස් ස්ථානාධිපතිවරයා දැනුම්දි තිබේ.
අනතුරුව එම ස්ථානයට පැමිණි පොලිස් ස්ථානාධිපතිවරයා ගැටුම සමථයකට පත්කොට සැකකරැවන් අත්අඩංගුවට ගැනිමට උත්සහා කිරිමේදි පුද්ගලයෙකු විසින් මන්නා පිහියකින් පහර දිමේ හේතුවෙන් ඔහුගේ හිසට හා වම් අතට බරපතල තුවාල සිදුවිම නිසා ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කරන ලද බව පොලිසිය පැවසිය.
සිද්ධිය සම්බන්ධයෙන් සුමුදුගම ප්‍රදේශයේ වයස අවුරුදු 30 ත් 49 අතර වියේ පසුවන කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පස් දෙනෙකු මෙසේ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණි.
2025 දෙසැම්බර් මස 18
558
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තලාව ඕ අයි සීට පහර දුන් පහක් අත්අඩංගුවට