
(ප්‍රදීප් කුමාර)
යාපනය ගුරුනර්හ හි ධීවරයෙකුට විස සහිත මොරල්ලෙකු ගෙලට ඇනීමෙන් ධීවරයා මියගොස් ඇති බව යාපනය පොලිසිය සදහන් කරයි.
විෂ මොරල්ලගේ තුඩුවේ ප්‍රහාරයෙන් එම ධිවරයාගේ ගෙල සිදුරුවී ඇති අතර ඔහූ සමඟ ගිය සෙසු ධිවරයින් තුවාල ලැබූ ධිවාරයා ගොඩ බිමට රැගෙනවිත් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී ඔහු ජිවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 29 ක් පමණ වන ගුරු නගර් 05 වන පටුමගේ පදිංචි මයිකල් කොලින් ඩිනෝ නමැති දෙදරු පියෙකි.
මෙම විෂ සහිත මොරල්ලා ධීවරයින් මුහුදු ජලයට ආසන්නයේ සිටින විට එක්වරම උඩට පැන ප්‍රහාර එල්ල කරන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත්ස්‍ය පරපුර වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් වදින මෙවන් මත්ස්‍ය නායකයින් තවතවත් බිහි වේවා…!
තම වර්ගයා වෙනුවෙන් සටනට බට වීර මාලුවා. නුඹට බිලියන සංඛ්‍යාත මත්ස්‍යයින්ගේ උපහාරය. මාලුවනේ තොපටත් රජෙකු ඇත්තේ.. මිනිසුන් වූ අපට ඇයි එලෙස නැත්තේ ..