(ප්‍රදීප් කුමාර )

යාපනය කුරිකට්ටුවාන් ප්‍රදේශයේ සිට නයිනතිව් දුපත දක්වා භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබු බෝට්ටුවක් පෙරැළී සිදුවූ අනතුරකින් එක අයෙකු මුහුදේ ගිලි මියගොස් ඇති බව ඌ(ර්)කවතුරේ පොලිසිය සදහන් කරයි.

බෝට්ටුව එහි වූ පුද්ගලයින් හතර දෙනකු සමඟ මුහුදේ පෙරැළී ගොස් මෙම අනතුර සිදුව තිබේ. එහිදී ඔවුන්ගෙන් තිදෙනකු ගොඩබිමට පිනා දිවි බේරාගෙන ඇති අතර ප්‍රදේශවාසීන් එක්ව ඔවුන් යාපනය ශික්ෂණ රෝහලට යොමු කොට තිබේ.

එහිදී එක අයෙකු මුහුදේ ගිලි ගොස් ඇති අතර පසුව ඔහුගේ මෘත දේහය ගොඩ ගෙන මේ වන විට පුන්කුඩිතිව් රෝහලේ තැම්පත්කොට තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ඌ(ර්)කාවාතුරේ පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබයි.