
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ ජාතික සන්ධානයේ උත්තරීතර නායක අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්තන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීය.
සම්පන්තන් මහතාගේ දේහය තැන්පත් කර ඇති කොළඹ පෞද්ගලික මල් ශාලාව වෙත අද (02) පස්වරුවේ පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කර සිටියේය.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන්, එස්. රාසමාණික්කම් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd