
(අංජුල මහික වීරරත්න)
TEJC අඹ ප්‍රභේදය අපනයනය ඉලක්ක කරගත් වගාවන් වශයෙන් පමණක් මින් ඉදිරියට ව්‍යාප්ත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවෙි මෙන්ම විදේශ වෙළෙඳපොළේ පවා ජනප්‍රිය අඹ ප්‍රභේදයක් වන ලාංකික නිෂ්පාදනයක් වන TEJC අඹ ප්‍රභේදය අසීමාන්තික ලෙස වගා කිරීම නිසා එම අඹවල ගුණාත්මකභාවය කෙරෙහි බලපෑම් එල්ලවෙමින් පවතින බවට හඳුනාගෙන ඇත.
TEJC අඹ ප්‍රභේදය සාමාන්‍ය වගාවක් වශයෙන් පවත්වාගෙන යාමත් එම අඹ පැළ විශාල වශයෙන් ගෘහස්ථ පරිභෝජනය සඳහා වගා කිරීම අඹ වගා කළ යුතු නිවැරදි ආකාරය ගොවීන්ගෙන් ගිලිහී යමින් තිබෙන බවද හඳුනාගෙන තිබේ.
එසේ වුවහොත් දැනට මෙම අඹ අපනයනය මගින් රටට ලැබෙන ඉහළ ආදායම අහිමි විය හැකි යැයි ද කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
TEJC අඹ ප්‍රභේදය වගා කර ඇති ඉඩම් ප්‍රමාණය කොපමණ දැයි වාර්තාවක් සකසන ලෙසත්, අවශ්‍යතාවය අනුව එම ඉඩම් ප්‍රමාණය ප්‍රමාණවත් වන්නේ නම් මින් ඉදිරියට TEJC අඹ ප්‍රභේදය වගා කිරීමේ දී වෙළෙඳපොළ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් එම කටයුතු කරන්නැයි කෘෂිකර්ම අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
COMMENTS
ගොවින්ට නිවැරදිව හා ප්‍රමිතියෙන් යුතුව අඹ වගා කරන්න උපදෙස් දෙනවා හා එම උපදෙස් ක්‍රියාත්මක වෙන්නේ දැයි නිරන්තරයෙන් සොයා බලන්න ක්‍රමවේද සකස් නොකර අඹ වගාවට සීමාවන් දමන්නේ හා ශ්‍රී ලාංකිකයින්ට අඹ කෑම තහංචි දමන්නේ මෝඩ කෘෂිකර්ම ඇමැතිගේ මොලයේ දිග, පළල රටට පෙන්වන්න විය යුතුයි...!
කරන්න ඕන අපනයනය ඉලක්ක කරගෙන වගාව පාලනය නොව, වගාවේ ගුණාත්මක බව ඉහළ නැංවීමට කටයුතු කිරීමයි. මෙයින් දේශීය වෙළඳපලට ගුණාත්මක බවින් ඉහල ඵලදාවක් ලැබෙන අතර අපනයනය වර්ධනය වීම මගින් රටට හොඳ ඩොලර් අදායමක් ලැබීමයි. ඒ වගේම පාරම්පරික දේශීය අඹ විශේෂයන් (කර්තකොලොම්බු වැනි) කිරීම සහ රැකගැනීමත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ වගකීමක්... පාලකයින්ට ඥාණය ලැබේවා..!
අනේ මෙහෙව් රටක්...?
මේ අඔ පිටරටවල සුපිරි වෙළඳසැල්වල තියෙනවා. ගාණ ඉතා වැඩියි. උදාහරණයක් ලෙස දැක්වුවහොත් කිලෝ එකක් රුපියල් 3440ක් විතර වෙනවා. ඒ නිසා කට්ටිය මිලදී ගන්නේ නැතිතරම්. පාරිභෝගිකයින්ට මිලදී ගත හැකි මිලකට එය අපනයනය කරන්නේ නම් මීට වඩා ඉහළ ඉල්ලුමක් තියේවි...!
කවුරු මොනවා කිව්වත් අතීතයේ තිබුණ රට අඹ කොහු අඹ, මීඅඹ, වගේ රසයක් ඔය අඹ වල නැහැ කියලා හිතෙනවා .
කුහක තීරණයක්. අසීමාන්තික ලෙස වගා කලා කියල ගුණාත්මක බව අඩු වෙන්නෙ කොහොමද? හොද ඒවා රට යවන්න. තේ කොළ රොඩ්ඩ විතරක් වගේ වත් ලංකාවේ දුප්පත් මිනිහටත් ගුණාත්මක බවින් අඩු අඹයක් වත් ලැබෙන්න සලස්වන්න
ඔක්කොටම කලින් වඳුරන් සහ රිලවුන් වැනි සතුන්ගෙන් ආරක්ෂා වි පලතුරු වගාවන් කළ හැකි ආකාරය තීරණය කරන්න. නැතිනම් සියලු උත්සාහයන් අපතේ යා හැක.
අපේ අඹ වලට හොඳ ඉල්ලුමක් ලංකාවේ තිබෙනවා නම් අපි ඒවා කැවහම හෙන ගහනවද ? අපේ අඹ අපි පිටරට යවල කන්ටේනර් වල බෙහෙත් ගහල ගෙන්වන ඇපල් පිටරටින් ගෙන්වල කන්න කියලද මේ හොර කෘෂිකර්ම ඇමැති කියන්නේ ? හැමෝම අඹ වවනවා නම් මේ අලුත් පැළ වවන්න , මේවා නඩත්තු කරන ආකාරය යුටියුබ් එකෙන් බලාගන්න පුළුවන් , හොඳ මිලක් ලබාගන්න පුළුවන් ගොවියා දන්නවා වවන්න ඕනේ මොකක්ද කියල අපිට වැඩිය හොඳට . මම දන්නා විදිහට මේ ඇමැති විශාල අඹ වත්තක වවල , ඉදිරියට මේවා බහුල ලෙස වෙළඳපොළට අවොත් මිල අඩු වේවි කියල හිතල , අනෙක් මිනිස්සුන්ට කියනවා මේවා වවන්න එපා කියල මිල අඩුවුණ හම ඔහුට පාඩු වෙන නිසා .
මේ ඇමතිට මෝඩයෙක් එහෙම නැතිනම් බොරු කාරයෙක් , හොඳ ප්‍රභේදයක් අඹ වගාවක් ලෙස නිසි ප්‍රමිතියකට , නිර්දේශ කරන ලද පරතරයක් සහිතව වැඩි ප්‍රමාණයක් වැවුව කියල කොහොමද එකේ ගුණාත්මක බව අඩු වෙන්නේ , මේ ප්‍රභේදය හොඳය අබ වල රසත් හොඳය , ඔබත් මේ පැලයක් දෙකක ගෙවත්තේ වවාගෙන හොඳට සාත්තු කර අස්වැන්නක් ලබාගන්න . මමත් ගස් දෙකක් ගෙවත්තේ වැවුව මේ අඹ ලස්සනට කහපාට වෙන්න නම් බැග් එකක දමන්න ඕනේ , බෑග් නොදැම්මා කියල එච්චර දීප්තිමත් කහපාටක් නොලැබුනත් රසයේ වෙනසක් නැහැ ,
අඹ හෝ වෙනයම් වගාවක් නිසි පරිදි කරගෙන යන්න උපදෙස් ආධාර දෙන එක කෘෂිකර්ම දෙපර්තෙන්තුවේ වගකීමක්..., නමුත් රටේ තිබෙන ගොවිජනසේවා මධ්‍යස්ථානවලට ගියහම කියන්නේ අදාල නිලධාරියා පමණකි... මේ වගාව දන්නේ. ඔහු ෆීල්ඩ් එකේ ගිහින් වෙන දවසක එන්න කියලා, නිලධාරි උදේට පොත අත්සන් කරලා බොහෝවිට පුද්ගලික වැඩවලට හෝ ගෙදර යනවා. හවසට ඇවිත් නැවත අත්සන්කරලා ගෙදර යනවා...
ඇමති කියන විදිහට හොඳ වර්ගයේ අඹ කන්න ඕනේ පිටරට ඉන්න මිනිස්සු පමණද? අපි හොඳට පෝර, වතුර දමලා සාත්තු කරගෙන අඹ ගහක් දෙකක හෝ වත්තක් වවාගෙන කෑවාම අඹවල ගුණාත්මක භාවය අඩුවෙන්නේ කොහොමද? ශ්‍රී ලාංකික අපි අඩු ජාතියේ මිනිස්සුද? ඇමැති කියන විදිහට අපි වවාගෙන කන්න ඕනේ වල් අඹද? එහෙම නැතිනම් කොහු අඹද? මේවා ඇහුවොත් හම්බන්තොට පැත්තේ බයියෙක්වත් ඡන්දෙ දෙන්නේ නැහැ මේ අයට, මොකද කොළඹ ඉන්න අපිට වැඩිය හම්බන්තොට වැනි වියළි කලාපවල මිනිස්සු දන්නවා අඹ වගාව ගැන. මාර්කට් නැති ප්‍රභේද වවලා අමාරුවේ වැටෙන්න වෙන බව ඔවුන් දන්නවා...
කමෙන්ට් ලියන මිනිස්සු කෝප වෙන්න එපා... යථාර්තය තේරුම් අරගන්න. මේ දෙපාර්තමේන්තුව භාර ඇමැති 8 පාස් කෙනෙක්, එහෙම කෙනෙක් කොහොමද කෘෂි විද්‍යාව සහ පලතුරු අපනයනය ගැන දන්නේ? කෘෂි උපාධිය තිබෙන නිලධාරිත් ඇමැති කියන දෙය අනුමත කරන බව පෙනෙනවා. අපේ රටට සහ ජනතාවට දෙවියන්ගේම පිහිට තමයි. කරුණාකර ලබන සැරේ මනාපේ ගහනකොට පක්ෂ, පාට කුමක් වුණත්, දේශපාලකයාගේ අවංකභාවය, උගත්කම, විනය ගැන සලකලා මනාපේ ගහන්න.. එහෙම කෙනෙක් තමන්ගේ පක්ෂයේ ලැයිස්තුවේ නැතිනම් පක්ෂෙට පමණක් කතිරේ ගහලා ගෙදර එන්න...
මෙම වර්ගයේ අඹ වලට ලස්සන දීප්තිමත් කහ වර්ණයක් ලබාගන්න අවශ්‍ය නම්, අඹ ගෙඩිය කුඩාකාලයේ සිට විශේෂ කඩදාසි බෑග් එකකින් අවරණය කරන්න ඕනේ..., එහෙම කළාම වඳුරු සහ කෘමි හානිවලිනුත් වැළකෙනවා. මෙම කඩදාසි ආවරණ පිට කොටුවේ තොග මිලට විකුණන කඩවලින් සාධාරණ මිලකට ලබාගන්න පුළුවන්...
කලින් කිලෝව 350ට කාපු අල්පොන්සු අඹ දැන් 850යි. රට යවන්න විතරක් වුණාම කිලෝවක් 2500ක්වත් වෙයි...!
ලසන්තගේ අදහස හරි , පලතුරු කඩවල සුපර් මාර්කට් වල හොඳ තත්වයේ අඹ කිලෝ එක 500 අඩුවෙන් ගන්න ලැබෙන්නේ ඉතා කලාතුරකින් , රට යවන්න හරි , ලංකාවේ විකුනන්න හරි මුලින්ම හොඳ තත්වයේ අඹ ගෙඩියක් අවශ්‍ය වෙනවා ,හොඳ අස්වැන්නක් දෙන ඉස්තරම් වර්ගවල අඹ වගා කරන්නේ නැතුව , ප්‍රමිතියෙන් අඩු ප්‍රභේද වගාකරන එක තේරුමක් නැහැ , මෙවැනි ගොවියෝ අදෛර්යමත් කරන වැරදි තීන්දු තීරණ ගන්න මෝඩ කෘෂිකර්ම ඇමති අනිවාර්යයෙන්ම ගෙදර යවන්න ඕනේ ,ඉදිරියට තිබෙන චන්දවලින් පස්සේ රටේ ආර්ථිකය අනිවාර්යයෙන්ම ස්ථාවර වෙනවා , අවරුදු 2-3 යනකොට මිනිස්සු අතේ මුදල් ගැවසෙනකොට පලතුරු වලට මිලක් ලැබෙනවා ,අපි ධනාත්මකව සිතමු , වගාකරන කෙනක් අල්ෆොන්සෝ , ටොම් ජේ සි වගේ ප්‍රභේද වග කරන්න , මේවා කප්පාදු කරන්න ඕනේ , පරණ ප්‍රබේධ මෙන් නොව මේවා කප්පාදු කර හදන නිසා කුඩා ගෙවත්තක වුනත් පොඩි ඉඩප්‍රමනෙක වුනත් හදාගන්න පුළුවන් , කෘෂි කාර්ම දෙපාර්තමේන්තුවට සහ ඇමතිට බම්බු ගහ ගන්න කියන්න , කොහොමත් මොහු ඇමතිකම දරන්නේ මේ වසර තුල පමණි .
අදාළ පුවත පිළිබඳ මාගේ අදහස් වෙනත් පාඨකයන් දැනටමත් දක්වා ඇති බැවින් නැවතත් සටහන් නොකරන නමුත්, දැක්විය යුතු කරුණක් ඇත. එනම්, මෙම අඹ ප්‍රභේදය නිර්මාණය කර, ප්‍රචලිත කළ මහත්මයා පිළිබඳවයි. සාමාන්‍ය ජනතාවගෙන් බහුතරයක් මෙම අඹ ප්‍රභේදයේ නමට යොදා ඇති TEJC අකුරුවල අර්ථය නොදනිති. එය නම්කර ඇත්තේ එම අඹ ප්‍රභේදයේ "පියා" වන නැසී ගිය ටොම් එල්ලාවළ මහතාගේත්, එම ප්‍රභේදයේ වර්ගීකරණය හඳුනාගැනීමටත්, අඹ වැවීමේ නවීන ක්‍රම හඳුන්වාදීමටත් කටයුතු කළ නැසී ගිය පිලීපීන ජාතික මහාචාර්ය හුආන් කාර්ලෝස්ගේත් මුල් අකුරුවල එකතුවක් ලෙසිනි (Tom Ellawala, Juan Carlos). මෙම අඹ ප්‍රභේදය විදේශිකයන්ට පමණක් රස බැලීමට ඉඩ නොතබා, මෙරට ජනතාවට ද ලබාදීමටත්, ඉන් ගැමි ජනතාවට ද මුදල් ඉපැයීමට රුකුලක් ලෙස පැළ සහ දැනුම ලබාදීමටත් ටොම් එල්ලාවල මහතා කටයුතු කළේය. මෙම අඹ ප්‍රභේදයේ වටිනාකම සනිටුහන් කරමින් අරලියගහ මන්දිරයේ ද පැළයක් රෝපණය කර තිබේ. ඒ අනුව බලන කල, ටොම් එල්ලාවළ මහතා යනු නියම මහත්මා ගති තිබූ පුද්ගලයෙකි. එමෙන්ම ඔහු මෙරට ජනතාවට තිළිණ කර ඇත්තේ සැබෑම කෘෂි සම්පතකි. තවත් බොහෝ විස්තර ටීජේසීමැන්ගෝඩොට්කොම් වෙබ් අඩවියෙන් දැන ගත හැකිය...
අඹ කන්න ඕන නම් පිටරට ගිහිල්ල කාපල්ලා...සුභ ආරංචියේ හැටියට දැන් සරුයිනේ...
පාඨක මහත්මයෙකු ලියල තිබුන විදිහට මේ අබ වර්ගය දියුණු කරලා තිබෙන්නේ ශ්‍රී ලංකික මහත්මයෙකු සහ පිලිපීන මහත්මයෙකු සමග එකතුවෙලා , මම මෙච්චර කාලයක් සිත සිටියේ ටොම් කියන්නේ විදේශිකයෙක් කියල , බලාගෙන ගියහම මේකත් අපේම ප්‍රභේදයක් , 8 පාස් කෘෂිකර්ම ඇමති මේවා අපට කන්න වවන්න එපා කියන්නේ රෙදි ඇදගෙනද ?
අපේ අඹ වලට හොඳ ඉල්ලුමක් ලංකාවේ තිබෙනවා නම් අපි ඒවා කැවහම හෙන ගහනවද ? අපේ අඹ අපි පිටරට යවල කන්ටේනර් වල බෙහෙත් ගහල ගෙන්වන ඇපල් පිටරටින් ගෙන්වල කන්න කියලද මේ හොර කෘෂිකර්ම ඇමැති කියන්නේ ? හැමෝම අඹ වවනවා නම් මේ අලුත් පැළ වවන්න , මේවා නඩත්තු කරන ආකාරය යුටියුබ් එකෙන් බලාගන්න පුළුවන් , හොඳ මිලක් ලබාගන්න පුළුවන් ගොවියා දන්නවා වවන්න ඕනේ මොකක්ද කියල අපිට වැඩිය හොඳට . මම දන්නා විදිහට මේ ඇමැති විශාල අඹ වත්තක වවල , ඉදිරියට මේවා බහුල ලෙස වෙළඳපොළට අවොත් මිල අඩු වේවි කියල හිතල , අනෙක් මිනිස්සුන්ට කියනවා මේවා වවන්න එපා කියල මිල අඩුවුණ හම ඔහුට පාඩු වෙන නිසා . කමෙන්ට් ලියන මිනිස්සු කෝප වෙන්න එපා... යථාර්තය තේරුම් අරගන්න. මේ දෙපාර්තමේන්තුව භාර ඇමැති 8 පාස් කෙනෙක්, එහෙම කෙනෙක් කොහොමද කෘෂි විද්‍යාව සහ පලතුරු අපනයනය ගැන දන්නේ? කෘෂි උපාධිය තිබෙන නිලධාරිත් ඇමැති කියන දෙය අනුමත කරන බව පෙනෙනවා. අපේ රටට සහ ජනතාවට දෙවියන්ගේම පිහිට තමයි. කරුණාකර ලබන සැරේ මනාපේ ගහනකොට පක්ෂ, පාට කුමක් වුණත්, දේශපාලකයාගේ අවංකභාවය, උගත්කම, විනය ගැන සලකලා මනාපේ ගහන්න.. එහෙම කෙනෙක් තමන්ගේ පක්ෂයේ ලැයිස්තුවේ නැතිනම් පක්ෂෙට පමණක් කතිරේ ගහල
ඉන්දියාව නම් ඒවා පල්ප් හදලා ටින් කරලා රට පටවනවා. ඒවායින් ඒ රටවල ඉතාම ප්‍රණීත අයිස්ක්‍රීම් වැනි දේ නිපදවනවා. අපේ රටේ කියන්නේ අඹගස් වැඩියි. දැන් ගස් ගලවපල්ලා කියලා...
එකෙක් කාබනික වැව්වා, රට බංකොලොත්, ඌ ගෙදර, රටත් කාලා, අනාගතයත් කාලා. මෙයා ඒ පාරේම යන කෙනෙක්...